“මල්ලි, කෙරෙන්න ඕන දෙයක් කියන්න”
Summary
මම බදුල්ල සායනයේ ‘ඩොනේෂන් පොත’ පෙරළා බැලුවෙමි. රාජකීය විද්‍යාලයේ සොහොයුරෙකු වූ අමිල සූරියාරච්චි අයියා 2018 අප්‍රේල් මාසයේ ලබාදුන් පරිත්‍යාගවල පටන් අද වෙනතෙක් අප ලද සියලු ලොකුකුඩා පරිත්‍යාග එක එක ප්‍රමාණයේ හැඩයන්ගේ අකුරුවලින් ලියැවී ඇත. මම ඒ අකුරු දිගේ අතගා බැලුවෙමි. අපූරු හදවත් ඇති සිංහල, දෙමළ, මුස්ලිම් දන්නා නොදන්නා මිනිසුන්ගේ නම් දිගේ අතගා බැලුවෙමි. ඒ පොතේ පිටු මත මනුස්සකමේ රස්නය දැනෙයි, අවිච්ඡින්න විශ්වාසයේ උණුහුම දැනෙයි…

මා බදුල්ලේ සායනය ගැන ලියූ ලිපියක් කියවූ ඔස්ට්‍රේලියාවේ වෙසෙන වෛද්‍යවරයෙක් වන උපුල් හේවා අයියා විමසූයේ වරක් දෙවරක් නොවෙයි…
ස්නායු දන්ත ප්‍රතිකාර කිරීමේදී පාවිච්චි කරන මිල්ටන් ද්‍රාවණය ඉසීමේ රෝගීන්ගේ ඇසට ඉසීමේ අනතුරක් පවතියි. අප දැනට පාවිච්චි කරන අක්ෂි ආවරණ පරණ වෙමින් පැවතියේය. ඊට අමතරව Gutta percha කූරු කැපීම සඳහා අප පාවිච්චි කරේ සර්ජිකල් ස්ප්‍රීතු ලාමිපුවකින් රත්කරන ලද උපකරණයකි. ඒ සඳහා නව තාක්ෂණයේ ඉලෙක්ට්‍රොනික GP කටර කිහිපයක උවමනාවද පැවතියේය. මම ඒ උපකරණවල අවශ්‍යතාව උපුල් අයියාට කීවෙමි.
” පුලුවන් උදව්වක් කරන්න අයියා” මා කීවේ එච්චරය.
“හරි මල්ලි මට හොඳ Brand එකක් හොයල කියන්න. මං ඇරන් එවන්නම්”
ඒ කතාබහ අනුව අලුත්ම GP කටර හතරක් සහ ඉහළම තත්ත්වයේ අක්ෂි ආවරණ තොගයක් අද අප අතට ලැබිණි. ඒ සියලු දේ අපේ යුනිට් එකේ ඩොනේෂන් පොතට අද ඇතුලත් විය. අවශ්‍ය දේ ඉන්වෙන්ට්‍රි ගත වෙයි. බදුල්ලේ දන්ත සංරක්ෂණ ඒකකයට තවත් දියුණු එකතුවක් වෙයි…
මම බදුල්ල සායනයේ ‘ඩොනේෂන් පොත’ පෙරළා බැලුවෙමි. රාජකීය විද්‍යාලයේ සොහොයුරෙකු වූ අමිල සූරියාරච්චි අයියා 2018 අප්‍රේල් මාසයේ ලබාදුන් පරිත්‍යාගවල පටන් අද වෙනතෙක් අප ලද සියලු ලොකුකුඩා පරිත්‍යාග එක එක ප්‍රමාණයේ හැඩයන්ගේ අකුරුවලින් ලියැවී ඇත. මම ඒ අකුරු දිගේ අතගා බැලුවෙමි. අපූරු හදවත් ඇති සිංහල, දෙමළ, මුස්ලිම් දන්නා නොදන්නා මිනිසුන්ගේ නම් දිගේ අතගා බැලුවෙමි. ඒ පොතේ පිටු මත මනුස්සකමේ රස්නය දැනෙයි, අවිච්ඡින්න විශ්වාසයේ උණුහුම දැනෙයි…
බදුල්ල වාසනාවන්ත සායනයකි.
අමුද්‍රව්‍ය නැත කියා කිසි දවසක බදුල්ලේ වැඩ නැවතිලා නැත.
කොරෝනා කියලාවත් අදටත් එන කිසිම පේෂන්ට් කෙනෙකු හරවා යැවීමක්ද නැත.
ඒ අතින් බදුල්ල පිංවන්ත සායනයක් යැයි සිතමි.
පුද්ගලික ජීවිතයේදී මම කාගෙන්වත් උදව් ඉල්ලන්නේ කලාතුරකිනි. ඒ ඉල්ලුවත් ලඟම මිත්රයෙකුගෙන් පමණය. එහෙත් රාජකාරි ජීවිතයේදී බදුල්ල සායනයට ලංකාවේ හතරදිග්බාගයෙන් එන සායනයේ කොට බිත්තිවලින් ඉහළට එබි එබී බලාගෙන ඉන්නා අහිංසක දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට මට අවශ්‍ය වන ඕනෑම උදව්වක් ලැබෙයි.
ඒ බදුල්ලේ ලැබීමය…
ඒ උදව්වලින් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙයි.
ආත්ම තෘප්තිය මටය.
මා අදහන බුදුදහමේ හැටියට “පින” සැබෑවටම මට හිතවත් මිතුරු කැළටය…
ලක්මාල් කුලසේකර




