e-Con e-News

මහරාජාගේ MTVය, චෙට්ටියාර් බැංකු කරුවන් සහ මිනීමරු ආනයන මාෆියාව

Summary

ද මිරර් ප්‍රතිබිම්බය නොදක්වයි, එහි ඇත්තේ හුදු මිරිගුවක් පමණි. ද ටයිම්ස් මේ මොහොත නොව මිය යමින් ඇති අතීතයේ ගැලී සිටියි. ද ඔබ්සර්වර් පැහැදිළිව දකින්නට අසමත් වන අතර, අවධානය වෙනතකට යොමුකරවයි. ද නිව්ස් යනු නව දෙය නොවේ, ඒකාකාරී පැරණි දෙයමය. ටුඩේ අනාගතය සඳහා අසමත්ය. ද මෝර්නින් යනු සැන්දෑවයි. නිව්ස් ෆස්ට් යනු ජනතාව එල්ලන නූස් ෆස්ට් තොන්ඩුවකි. ඉකොනොමි නෙක්ස්ට් යනු ඇත්තෙන්ම යල්පැනගිය 19වන සියවසේ ආනයන අපනයන යටත් විජිත ක්‍රීඩාවයි.

ද මිරර් ප්‍රතිබිම්බය නොදක්වයි, එහි ඇත්තේ හුදු මිරිගුවක් පමණි. ද ටයිම්ස් මේ මොහොත නොව මිය යමින් ඇති අතීතයේ ගැලී සිටියි. ද ඔබ්සර්වර් පැහැදිළිව දකින්නට අසමත් වන අතර, අවධානය වෙනතකට යොමුකරවයි. ද නිව්ස් යනු නව දෙය නොවේ, ඒකාකාරී පැරණි දෙයමය. ටුඩේ අනාගතය සඳහා අසමත්ය. ද මෝර්නින් යනු සැන්දෑවයි. නිව්ස් ෆස්ට් යනු ජනතාව එල්ලන නූස් ෆස්ට් තොන්ඩුවකි. ඉකොනොමි නෙක්ස්ට් යනු ඇත්තෙන්ම යල්පැනගිය 19වන සියවසේ ආනයන අපනයන යටත් විජිත ක්‍රීඩාවයි.

ඔවුන් දිගින් දිගටම අලස ඩ්‍රෝන යානාවන් මෙන් හැසිරේ. මේ සියල්ලෝම ජාතියට දැවැන්ත මිලක් ගෙවීමට සළස්වා බොරුව ප්‍රචාරය කරමින් යල්පැනගොස් වියැකීගිය දේ ආරක්ෂා කිරීමට උත්සාහ දරමින් සිටිති. සියලුම ඊනියා සමාජ මාධ්‍යයන් කුණු කසලවලින් වියවුල් කරමින් ශ්‍රී ලංකාවට සහ රජයට එරෙහිව දුෂ්ඨත්වය වමාරමින් සිටින මෙම ස්වයංක්‍රීය රොබෝවරුන් (bots) සහ අළෙවිකරුවන් හෙළි කරන්නේ කවුද? (අහඹු සටහන් බලන්න)

• ‘ඔබේ ගේට්ටුවේ අගුල් දමාගන්න!’- ආණ්ඩුව ආහාර සහ ඉන්ධන බෙදාහැරීම භාර ගැනීමට විරුද්ධ කලු සුද්දන්ගේ පන්තියට අයත් වූවන් (Colombots = Colombo + Robots) හමුදා ඒකාධිපතීත්වයක් ගැන හඬමින් දුරකථන කෙටි පණිවිඩ යවමින් සාගින්නෙන් පෙළෙන්නන් වාහම කොල්ලකෑම් සිදුකරනු ඇතැයි අනතුරු අඟවයි. ඔවුන් දකුණු අප්‍රිකාවේ සහ ඇමරිකාවේ පින්තූර පතුරුවම්න් සිටී. එම රටවල සිදුවන කොල්ලකෑම් සඳහා ඔවුන්ව පොළඹවන්නේ සුදු ජාතික ජනපදවාදී බලහත්කාරී පදිංචිවීම් තවදුරටත් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එහි පාලක පන්තීන් විසිනි.

• ශ්‍රී ලංකාවේ යුද්ධයට අනුබල දෙන නව ඉන්දියානු චිත්‍රපටයක්: ඉන්දියාවේ ගුජරාටි අම්බානි රිලයන්ස් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කොට නෙට්ෆ්ලික්ස් මගින් බ්ලොක්බස්ටර් චිත්‍රපටියක් නිකුත් කර තිබේ. රජිනි කාන්ත්ගේ පුත් ‘සුපිරි තරුව’ ධනූෂ් පෙනී සිටින ජගමේ තන්දිරම් -(විශ්වය කතාන්දරයකි) නම් එම චිත්‍රපටය හරහා මෙරට හා විදේශයන් හි දෙමළ තරුණ තරුණියන් තවත් මහා මනුෂ්‍ය ඝාතනයකට පෙළඹවීම ඉළක්කකර තිබේ.

ආයුධ ජාවාරම්කාරයින් (නැත, ඉංග්‍රීසි අයුධ නිෂ්පාදක BAE ඊට ඇතුළත් නැත) සහ ලන්ඩනයේ මැර කණ්ඩායම් (නැත, එංගලන්ත බැංකුව ද එහි නැත) ද සමඟ සංක්‍රමණ විරෝධියෙකුට (පෞද්ගලික බන්ධනාගාර පවත්වාගෙන යන ඒ සඳහා රැඳවියන් අවශ්‍ය සුදුජාතික මැර කල්ලි නායකයෙක්) එරෙහිව කටයුතු කරන සංක්‍රමණිකයන් එම කතාන්දරයේ සිටී. කලබල වියයුතු නැහැ, එහි තව තවත් සංක්‍රමණිකයින් ඉල්ලා සිටින ඒත් එක්කම අවිධිමත් යුද්ධ ඉල්ලා සිටින ඉතාම යහපත් සුදු ජාතිකයින් ද එහි සිටී. ‘යුද්ධය කිසිදා අවසන්නොවේ’ යන තේමාව මගින් සිව්වන නැතිනම් පස්වන ඊලාම් යුද්ධය ඉලක්ක කර තිබේ. (අහඹු සටහන් බලන්න)

• ජනමාධ්‍ය මගින් භීතිය පැතිරවීම ඩේලි මිරර් සිරස්තල තුළ පැහැදිළිවම දැකිය හැකිය: ‘දැවැන්ත සූර්ය කුණාටුව පෘථිවියට වැදීමට සූදානම්: ජීපීඑස්, දුරකථන සංඥාවලට හානිවීමට ඉඩ තිබේ, විදුලි රැහැන් ද අවදානමට ලක්විය හැකියි.’ 2021 ජූලි 13 දින ඩේලි මිරර් එසේ වාර්තා කරයි: ‘අත්ලාන්තික් සාගරයට ඉහළින් බලවත් සූර්‍ය කුණාටුවක් ඇති වී විදුලි සැපයුම බිඳවැටීමෙන් සති කිහිපයකට පසුව අඟහරුවාදා සහ බදාදා දිනවල දී පෘථිවියට වැදීමට ඉඩ ඇති සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට ගමන් කරමින් තිබේ.’ ඔව් ඇත්ත වශයෙන්ම එවන් ප්‍රවෘත්තියක් ඉන් පසුව තිබුණේ නැත.

• අනුමත කරන ලද එන්නත් පැමිණීම සහ එහි පුළුල් භාවිතය සමඟ එන්නත පිළිබඳව චීන විරෝධී දොස් පැවරීම් පිටුපස සිටින බලවේග විසිරී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. දැනටමත් කල් ඉකුත් වූ එන්නත් ‘ප්‍රදානය’ ප්‍රකාශයට පත්කරවමින් පිකටින් පුවරු ඔසවාගෙන සිටින ඇමරිකානු තානාපතිනිය සහ තානාපති කාර්යාල සේවකයින් දකිනවිට එන්නත් යුද්ධයේ නවතම තත්වය සිනහ උපදවන්නක් වී තිබේ. හේමාස් හි ෆයිසර් එන්නත එහි සඵලතාවය ඉහළ දැමීමට තෙවන එන්නත් වාරයක් ද අවශ්‍යයැයි කියමින් මේ වන විට තම එන්නතේ සඵලතාවය අඩු යැයි කියමින් සිටී.

• මහරාජා සහ ආනයන මාෆියාව – ආනයන මාෆියාව සහ මාධ්‍ය අතර ඇති සමීප සම්බන්ධතාවය පිළිබඳව පසුගිය සතියේ දී ee හි සඳහන් විය. කැපිටල් මහරාජා සමූහයේ පොහොර ආනයනකරු වන හැරිසන්ස් කෙමිකල්ස් විශේෂයෙන්ම තමන්ට එංගලන්තයේ විශාලම රසායනික බහුජාතික සමාගමවන එලිමෙන්ටිස් සමඟ ඇති ප්‍රධාන බහුජාතික සම්බන්ධතා සිහිපත් කරවමින් සිටී. එලිමෙන්ටිස් යනු පැරණි හැරිසන් ඇන්ඩ් ක්‍රොස්ෆීල්ඩ් (H&C) සමාගමයි. එය ලන්ඩන් වරායේ විශාලතම වාප්පුව හිමිව සිටි සමාගමයි – සිලොන් වෝෆ්! ee සුදු යටත්විජිතවාදී කොලෝනියල් ඒජන්සිය දුඹුරු හම සහිත සහීබ්වරුන් යටතේ අදත් තවමත් පවතින ආකාරය බලන්න…

• පවුලකට අයත් සමාගමක්වන නිව්යෝර්ක් ටයිම්ස් – බැංකුවලට එරෙහිව ඇතැම් ක්ෂේත්‍ර තුළ දුෂ්ඨ උත්සාහයක් ආරම්භ වී ඇති බව අයිලන්ඩ් කතුවැකිය මගින් පසුගිය සතියේ දී ප්‍රකාශ විය.

ණය ගෙවීමට නියමිත සතිය ළඟාවීමත් සමඟ සුද්දන් තම මාධ්‍ය බර අවි එළියට අදිමින් සිටී: ඕක්ස් පවුලට අයත් නිව්යෝක් ටයිමිස් සහ පවුල් කිහිපයක් සතු එංගලන්තයේ ඉකොනොමිස්ට් සඟරාව හරහා රාජපක්ෂ පවුල ඉලක්ක කොට තිබේ. ඔවුන්ගේ දේශීය සගයින් සහ හොරණෑකරුවන් ද එකම හඬින් වැළපෙමින් සිටී. 1948 දී ලැබූ ව්‍යාජ නිදහසේ සිට දේශපාලන ආධිපත්‍ය දරා සිටින පවුල්වන මැදමුලන වංශාවලි පාලනය (සිංහල බෞද්ධයින් ලෙස ප්‍රහාරයට ලක්වන) සහ ඇන්ගලිකන් හොරගොල්ල පාලනය හා බෝතලේ රඳල වංශ පාලනයන අතර ඇති වෙනස කුමක්ද? අනෙක් උත්ප්‍රාසය වන්නේ මේවන විට ධනවාදී ලෝකයේ මුළුමනින්ම නියාමනය නොකළ ‘පවුල් සමාගම් හි’ අරමුදල් හෙජ් අරමුදල්වලට වඩා විශාල වීමයි!

මේ අතරතුර අපගේ වෙළඳ හා මුදල් ණයට දෙන ආර්ථිකයේ තිබෙන පවුල් ස්වභාවය හා ණය අපූර්ව ලෙස රාජපක්ෂවරුන් හා චීනය වෙත හරවා තිබේ. දැඩි විෂ සහිත මාධ්‍ය ප්‍රහාරයන් තුළ ‘චීන’ වචනය වෙනුවට ‘මුස්ලිම්’ හෝ ‘දෙමළ’ යනුවෙන් යෙදුවේ නම්, ඊනියා කලු සුද්දන්ගේ සිවිල් සමාජය උඩු බුරලනු ඇත!

ආර්ථිකයේ සියලුම ක්ෂේත්‍ර පාලනය කරන දේශීය කලු සුද්දන් ඇතිකරවා ආර්ථිකයේ අණ දෙන ස්ථානය අත්පත්කරගෙන සිටින ඉංග්‍රීසි යටත් විජිත මාෆියාකාර කලු සුද්දනගේ පන්තිය (oligarchy) මෙම ee කලාපය හරහා ගවේශනය කෙරේ. මෙම ee කලාපය මගින් දකුණු ඉන්දියානු චෙට්ටියාර් බැංකුකරුවන් පිළිබඳව සහ මහරාජා සමූහයට මාධ්‍ය සමඟ ඇති සම්බන්ධතාවය පරීක්ෂා කරයි.

• පවුලකට අයත් ඉකොනොමිස්ට් සඟරාව සහ ශ්‍රී ලංකාවේ ඌනසංවර්ධනය – ඉකොනොමිස්ට් සඟරාව එංගලන්තයේ පියර්සන් පුද්ගලික සමාගම මගින් පාලනය කරන බව අප සිහිපත් කළ යුතුය. මෙම පියර්සන් සමාගම වරක් ඩී ජේ විමලධර්මසූරියගේ දේශීය විදුලිබල සැපයුමට බාධා කලේය (2020 අගෝස්තු 1 ee බලන්න). එම පියර්සන් සමාගමම දැන් ලොව පුරා අධ්‍යාපනය හා විභාග සඳහා ප්‍රවේශය පාලනය කරන අතර, අපගේ මාෆියාකාර කලු සුද්දනගේ පන්තිය (oligarchy) තම දරුවන් විදේශයන් හි ඉගෙනීමට යැවීමට මිලියන ගණන් ගෙවමින් සිටී.

ද ඉකොනොමිස්ට් සඟරාව මේ වන විට ඇග්නෙලි පවුලේ එක්සෝර් (මර්ඩොක් නිව්ස් කෝපරේෂන්, ෆියට් ආදීන් හා සම්බන්ධතා තිබෙන), කැඩ්බරි, රොත්ස්චයිල්ඩ් (26%), ෂ්‍රෝඩර්, ලේටන් යන පවුල් සහ වෙනත් අය සතුය. මේ බහුජාතික බූවල්ලන් මෙහි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින මාෆියාකාර කලු සුද්දනගේ පන්තියට (oligarchy) වඩා ඉතාමත් භයානකය. ඊළඟ වතාවේ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙක් නැවතත් මෙරටට යාත්‍රා කළොත් අප ඇසිය යුත්තේ….?

තව කියවන්න: මහරාජාගේ MTVය, චෙට්ටියාර් බැංකු කරුවන් සහ මිනීමරු ආනයන මාෆියාව – e-Con e-News (wordpress.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *