මාර පරාජය
Summary
“..නෑ…නෑ…පුතා මාර පරාජය කියන්නේ unp එක පැරදිච්ච එකට නෙවෙයි … මේක බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ වෙච්ච වැඩක් ….”

කිං බානට්තුමා වත්තේ පොඩි එවුන් ටිකත් එක්ක සෙට් වුණා.
ඉස්කෝලෙත් යන්නෙ නැතුව චාටර් කකා ඉන්න පොඩි එවුන්ට බණ කතාවක්වත් කියන්න ඕන කියලා කිං බානට්තුමා හිතුවා.
“පුතාලා දන්නවද මාර පරාජය ගැන…?”
කිං බානට්තුමා ප්රශ්නයක් ඇහුවා.
“…ඔව් අංකල් 2020 මහ මැතිවරණයෙදි unp එකට වෙච්ච සීන් එක ගැන නේද ඔය කියන්නේ …?”
එතන හිටපු ඇට්ටරයෙක් ඇහුවා.
“..නෑ…නෑ…පුතා මාර පරාජය කියන්නේ unp එක පැරදිච්ච එකට නෙවෙයි … මේක බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ වෙච්ච වැඩක් ….”
කිං බානට්තුමා පැහැදිලි කළා.
“..එතකොට අංකල් කියන්නේ රනිල් අංකල් බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉදලම ඉන්නවා කියලද..?”
තව එකෙක් අහපි.
“… මෙහෙමයි පුතා….
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් unp එකක් තිබුනා නං රනිල් තාම ඉන්නවා තමයි ….ඒත් මං මේ කියන්න හදන්නේ බුදු හාමුදුරුවෝ බුදු වෙන එක වළක්වන්න මාර පුත්තරයා ක්රියා කරපු හැටි ගැනයි….”
“…හරියටම ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න වියන්ගොඩලා, තේනුවරලා, හූල්ලා බැහැලා වැඩ කළා වගෙ තියෙන්න ඇති නේද අංකල්…?”
පොඩි එවුන් උනාට උන් අහන්නෙ මහ නසරානි ප්රශ්න.
“…ඊටත් එහා…! බුදු හාමුදුරුවෝ බුදු වෙන රාත්රියේ ඒක වළක්වන්න මාරයා දන්න සෙල්ලම් ජාති ඔක්කොම දැම්මා….
අන්තිමට තන්හා,රතී,රගා කියන මර දූවරු තුන් දෙනත් එව්වා…. ඒත් වැඩක් වුණේ නෑ… බුදු හාමුදුරුවෝ මාර පරාජය කරලා බුදු බව ලැබුවා….”
කිං බානට්තුමා සරලව විස්තර කරලා කිව්වා.
පොඩි එවුන් බර කල්පනාවක.
“… මොනවද පුතාලා කල්පනා කරන්නේ ..?”
කිං බානට්තුමා අන්තිමේ දී ඇහුවා.
“…හැබැයි අංකල් එදා මාර පුත්තරයා වෙනුවට රනිල් ආවා නං බුදු හාමුදුරුවෝ තාම බුදු වෙලා නෑ….!”
“…ඒ ඇයි පුතා….? “
“… මොකද රනිල් කවදාවත් පරාජය බාර අරන් ගෙදර යන්නේ නෑනේ….!”
තණ්හා රතී රගා වෙනුවට රනිල්…🥳 මට හිතෙන්නේ රනිල් විතරක් නෙවෙයි ගොඩක් අය පරාජය භාර ගන්න කැමති නෑ. හැබැයි බුදු හාමුදුරුවෝ වගේ හිත දියුණු කරපු කෙනෙක් ඉස්සරහ වගේම බුදු දහම ඇතුලෙත් අපි හැමෝම පරාදයි.