COLUMN

මාස්ලෝ කියවමු

Summary

ලාංකීය සමාජය හරිම අතෘප්තිමත් තැනක්. එහි තෘප්තිමත් මිනිස්සු හිඟයි. සතුටින් ඉන්න මිනිස්සු හිඟයි. ඒ හින්ද තමයි සමාජ අසහනය, අන් මිනිස්සු ගැන තියෙන වෛරය, නිරන්තර විවේචනය, අනෙකා අගය කරන්නට බැරි කම, තව මිනිහෙකුගේ සාර්ථකත්වය ඉවසන්නට බැරි කම වගෙ කාරණා බොහොම සුලබ වෙලා තියෙන්නෙ. මෙයට උගත් නූගත් බේදයක් නෑ.

ලාංකීය සමාජය හරිම අතෘප්තිමත් තැනක්. එහි තෘප්තිමත් මිනිස්සු හිඟයි. සතුටින් ඉන්න මිනිස්සු හිඟයි. ඒ හින්ද තමයි සමාජ අසහනය, අන් මිනිස්සු ගැන තියෙන වෛරය, නිරන්තර විවේචනය, අනෙකා අගය කරන්නට බැරි කම, තව මිනිහෙකුගේ සාර්ථකත්වය ඉවසන්නට බැරි කම වගෙ කාරණා බොහොම සුලබ වෙලා තියෙන්නෙ. මෙයට උගත් නූගත් බේදයක් නෑ.
බදුල්ලේ ඉස්පිරිතාලෙ මනෝ වෛද්ය විශේෂඥ කමල් වල්ගම මගෙ හොඳ මිත්රයෙක්. පහුගිය දවසක රාත්රි සාදයක් අතරතුර මධුවිතක් තොල ගාන ගමන් අපි දෙන්න මේ දේ ගැන කතා කරා. ඔහු මට මාස්ලෝ ගැන කියල දුන්න. ලක්මාල් මේ ගැන ලියන්න කියලත් කිව්ව. ඉතාම උගත් සමාජ කොටස්වල පවා තමන්ගෙ සම්පූර්ණ දක්ෂකමෙන් වැඩක් කරන තෘප්තිමත් මිනිස්සු නැතිකම කියන කාලකණ්ණි යතාර්ථය වෙනස් කරගන්න ඉන් පුංචි පිටුබලයක් වේවි කියලත් කිව්ව.
මේ ඇතුලාන්තයෙන් තෘප්තිමත් මිනිහෙක් වෙන හැටි ගැන කියන පිරමීඩයෙ යටම තියෙන්නෙ මූලිකම අවශ්යතා. කන්න බොන්න තියෙන එක, ඉන්න තැනක් තියෙන එක, පහසුවෙන් යන්න එන්න පුලුවන්කම, ලිංගිකව එක්වෙන එක වගෙ කාරණා…ලංකාවේ අවාසනාවන්ත ඇත්ත තමයි ඉතා බහුතර පිරිසක් මෙතන හිරවෙල ඉන්නෙ. මේ මූලික අවශ්යතා ටිකවත් සම්පූර්ණ වෙලා නැති මිනිස්සුන්ට Internal happiness ගැන බණ කියල වැඩක් නෑ…
ඒක නිසා තමයි අපෙ සමාජයෙ අති බහුතරය ගේ හදල, කාර් එක ඇරන්, ළමයින්ට උගන්නනව කියන ඉන්වෙස්ට්මන්ට් එක කරල ඉවර වෙන කොටත් ඔය යටම තට්ටුවෙම කැරකි කැරකි ඉඳල මැරිල යන්නෙ…ඒක හරිම ඛේදනීය තත්ත්වක්.
ඉගෙනගෙන හොඳ රස්සාවක් කරල සෑහෙන පඩියක් ඇරන් එහෙම නැත්තං ව්යාපාරයක් කරොත් ඊලඟ ස්ථරයට යන්න පුලුවන්. එතකොටයි අපිට Insurance එකක් දාන්න හිතෙන්නෙ. එතකොටයි අපිට වාහනයක් ගනිද්දී Airbag එකක් ගැන හිතන්න පුලුවන් වෙන්නෙ. එතකොටයි අපිට කාබනික ආහාර ගැන හිතන්න පුලුවන් වෙන්නෙ. එතකොටයි අපට හවසට ඇවිදින්න යන්න හිතෙන්නෙ.
ආදරණීය මිත්රවරුනි,
මා හිතන හැටියට අපේ සමාජයෙ උගත් පිරිසෙ පවා මේ තැනින් උඩට යන්නෙ කිහිප දෙනයි…
ඇයි? අපට කිසිම විශ්වාසයක් නෑ ආර්ථිකය ගැන. කිසිම විශ්වාසයක් නෑ අනාගතය ගැන. ඒ හින්දම අපි සල්ලි එකතු කරනව ළමයින්ට පිටරට ගිහින් ඉගෙන ගන්න. ඉඩම් ගන්න. හැම ළමයටම ගෙයක් හදන්න. මේක ඉවර කරන්න බැරි වැඩක්. ඒ නිසා මේ තට්ටුවෙ තවත් පිරිසක් හිර වෙනව.
ආන්න ඒ හිරවීම ඇතුළෙ වෙන දේවල් ටිකක් කියන්නම්…ලංකාවෙ පවුල ඇතුළෙ ආදරය නෑ. ලිංගික සම්බන්ධකම ශුක්රාණු පහවෙනකම් විතරයි. ගෑණි කියන්නෙ උයන පිහින ගෙදරදොර බලාගන්න ටූල් එකක්. ළමයි කියන්නෙ තමන්ට බැරි වෙච්ච සිහින ඉටු කර ගන්න ටූල් එකක්. යාලුකම් තියෙන්නෙ බොතලේ වටේට. අපේ යාලුවො බෝතලේ ඇරන් සෙට් වෙන මොන තැනත් තියෙන්නෙ පම්පෝරි. අනිකා පහත හෙලීම්. රජයට විවේචන. බඩු ගහන හැටි. ඉදිරිගාමී කතාවක් නෑ. සුන්දර කතාවක් නෑ. ඒකට හේතුව පැහැදිලියි නේද? අර යට තට්ටු දෙකේ හිරවෙල කැරකෙන මිනිස්සුන්ගෙන් ඉන් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
ඉතින් මාස්ලෝගෙ තට්ටු පහේ උඩ තට්ටුවලට යන පිරිස හරි අඩුයි. තමන්ගෙ ගෞරවය ගැන අවංකව හිතන, රටට සමාජයට දෙයක් කරන්න හිතන පිරිස හරි අඩුයි. කොහොමද මචං කියල අහපුවම “හොඳින් මචං” කියන පිරිස හරි අඩුවෙන්න හේතුවත් මේකම තමයි.
ආදරණීය මිත්රවරුනි,
මාස්ලෝගෙ හයරාකියෙ උඩම තට්ටුව ඒ කියන්නෙ තමන්ගෙ හොඳම Version එක එක ජීවත් කරවන්න පුලුවන් මිනිහෙක් වෙන එක අසීරු වැඩක්. තෘප්තිමත් මිනිහෙක් වෙන එක අසීරු වැඩක්. හැබැයි බැරි නෑ.
මේ ටික ලියන්නෙ හොඳ රස්සාවක් කරන, හොඳ ආදායම් මාර්ගයක් තියෙන ආදරණීය මිත්රවරුන්ට…
පුංචි සුන්දර ගෙයක් හදන්න ජීවත් වෙන්න… ලෝකෙට පෙන්නන ප්රදර්ශන භාණ්ඩයක් ⁣හදන්න යන්න එපා.
පරිස්සම් හොඳ වාහනයක් ගන්න ගමන් බිමන් යන්න. තමන්ගෙ තත්ත්වය පෙන්නන ආභරණයක් කර ගන්න එපා.
ළමයින්ට උගන්නන්න. ක්රීඩා කරන්න දෙන්න. උන්ට උන්ගෙ සිහිනවලට යන්න දෙන්න. උන් අපට බැරි වෙච්ච හීන හැබෑ කරන මැෂින් එකක් කරන්න එපා.
තමන්ගෙ ගෑණිට තමන්ගෙ මිනිහට ආදරේ කරපං. වෙන ගෑණියෙක්ට මිනිහෙක්ට ආදරේ කරත් ගෞරවයෙන් කරපං. වෙසඟනකට වුනත් ගෞරව කරපං.
නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගෙන තැනකට ගියා නම් ඒ තැන ඉඳන් මිනිස්සුන්ට වැඩ කරපං. මිනිස්සු ආදරේ කරන මිනිහෙක් වෙයං. මිනිස්සු තලල පෙලල රස්තියාදු කරල ගොන් ආතල් ගන්න එපා.
සරලවම, අවට සමාජයට සහන් එලියක් වෙයං…
ම්නිස්සු සනීප කරන පැනඩෝල් පෙත්තක් වෙයං…
සමාජයට පාර කියන ප්රදීපාගාරයක් වෙයං…
මහ රෑට පාර එලිය කරන පහන් කණුවක් වෙයං…
උඹ තෘප්තිමත් මිනිහෙක් වෙයි.
මාස්⁣ලෝ කියව ගනියි.
උඹට ජය!
ලක්මාල් කුලසේකර
Leave a Reply

Your email address will not be published. Required fields are marked *