Comment

මා බෞද්ධයෙක්මි. මා බෞද්ධයකු වන්නේ කෙසේද?

Summary

අද කාලයේ බොහෝ බෞද්ධයන් කියන්නේ තමන් අවබෝධයෙන් බෞද්ධයන් වන බවය. මට හමු වී තිබෙන එසේ කියන්නන් බොහෝ දෙනා බොළඳයෝය. කෙසේ වෙතත් මෙ තදසේ කියන බොහෝ දෙනා “උපතින් බෞද්ධයන්” යන පදය භාවිතා කරන්නේ ගර්භිත පදයක් ලෙසිනි. නමුත් මට නම් උපතින් බෞද්ධයකු වීම අතිශයින්ම ප්‍රහර්ෂය ගෙන එන දෙයක් බව කිව යුතුය .

මා බෞද්ධයෙක්මි.
මා බෞද්ධයකු වන්නේ කෙසේද?
මා බෞද්ධයකු වන්නේ මගේ දෙමව්පියන් බෞද්ධ නිසාය. මා හැදී වැදුණු පරිසරය , ගම, රට බෞද්ධ නිසාය. එනම් මා බෞද්ධයකු වන්නේ ප්‍රධාන වශයෙන්ම උපතිනි.
මා වෙනත් ආගමකට දාව ඉපදුනේ නම් ජීවිතයේ යම් අවස්ථාවක බුදු දහමේ හරය දැක අවබෝධයෙන් බෞද්ධ වීමට ඉඩ තිබුනේ දැයි නිශ්චිතව කිව හැකි නොවේ. එසේ නොවන්නට බොහෝ දුරට ඉඩ ඇත. මම මගේ උප්පත්ති අනන්‍යතාවයන්ට දැඩි ලෙස ආදරය කරන්නෙක්මි. එහෙව් මම උපතින් ලද භක්තිය ජීවිතයේ පසු කලෙක මාරු කිරීමට පෙළඹේතැයි සිතීමට උගහටය.

අද කාලයේ බොහෝ බෞද්ධයන් කියන්නේ තමන් අවබෝධයෙන් බෞද්ධයන් වන බවය. මට හමු වී තිබෙන එසේ කියන්නන් බොහෝ දෙනා බොළඳයෝය. කෙසේ වෙතත් මෙ තදසේ කියන බොහෝ දෙනා “උපතින් බෞද්ධයන්” යන පදය භාවිතා කරන්නේ ගර්භිත පදයක් ලෙසිනි. නමුත් මට නම් උපතින් බෞද්ධයකු වීම අතිශයින්ම ප්‍රහර්ෂය ගෙන එන දෙයක් බව කිව යුතුය . ලංකාවේ මුල් ඇදගෙන තිබෙන සිංහල -ථෙරවාදී සංස්කෘතික වටපිටාවට, මා, ඇඟ හිරිවැටී යන මට්ටමකට ආදරය කරමි.
මෙයින් අදහස් වන්නේ මා බුදු දහමේ විමුක්තිදායක පාර්ශවය නොදකින බව නොවේ. බුදු දහමේ එන විමුක්තිය පිලිබඳ බලවත් විශ්වාසයක්ද ඇල්මක්ද මා කෙරේ ඇත. මේ විශ්වාසය සමග ප්‍රඥාවෙන් කෙරෙන ගනුදෙනුවක්ද මට තිබේ. නමුත් ඒ සියල්ල පෞද්ගලික මට්ටමේ ඒවාය. මගේ ලෝකෝත්තර විශ්වාසයන් සැම තැනකම ප්‍රකට කිරීමේ වුවමනාවක් මට නැත. නමුත් ඒවා සඟවා තබා ගැනීමේ වුවමනාවක්ද මට නැත. ඒ කෙසේ වෙතත් ”ආගමික සංස්කෘතික භාවිතාව “ මට පෞද්ගලික දෙයක් නොවේ. මා වැනි සම සිත් ඇති ලක්ෂ කෝටි සංඛ්‍යාත මනුෂ්‍යන් පිරිසක් සමග මම මගේ ආගමික විශ්වාසත් ඒවා හා බැඳුනු සංස්කෘතික භාවිතාවනුත් බෙදා ගනිමි. ප්‍රදර්ශණය කරමි.
උපතින් බෞද්ධයකු වන්නාට අමතරව මා සිංහල බෞද්ධයකු ද වෙමි. උපතින් බෞද්ධ සිංහලයකු වන මට මාලිගාවේ කරඬුව වඩම්මවන ඇත් රජු යනු මතු නිවන් දකින බෝධිසත්වයෙකි. ඇතකු කරඬුව වැඩම කරවූවාට මේ ධරණී තලය කම්පිත වන්නේ යයි හෝ මේ තුන් ලොව සියලු පරිපූර්ණත්වයන් ලංකාව තුල මුදුන් පත් විය යුතු යයි හෝ කියා මා සිතන්නේ නැත. මස් අවශ්‍ය මිනිසුන් විධිමත් ක්‍රමයකට සතුන් වගා කොට තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගනිති. මාලිගාවේ කරඬුව වඩම්මවන ඇතා සම්බන්ධයෙන් අපට තිබෙන්නේ සංස්කෘතික අවශ්‍යතාවයකි. සිංහලයන් මේ සංස්කෘතික අවශ්‍යතාවයද ඇතකු ලවා ඉෂ්ඨ කරගනිති.

මේ සංස්කෘතික අවශ්‍යතාවය ඉටු කරගැනීමේ ක්‍රියාවලිය අද වන විට ගුණාත්මක භාවයෙන් ඉතා පහල අඩියකට වැටී තිබෙන බවද පිළිගත යුතුව ඇත. ඒ ප්‍රශ්න ගැන කතා නොකෙරෙන මේ ලිපිය කිසි ලෙසකින්වත් අංග සම්පූර්ණ ලිපියක් නොවේ. නැදුන්ගමුවේ ඇත් රාජාගේ සමුගැනීමෙන් ප්‍රකම්පිත බහුතර ජනයාගේ සෝ සුසුම් මැද දන්වැල් පරිසරවේදීන්ද නැවත වතාවක් අළු දමා ගසා නැගිට තිබේ . ඒකට කමක් නැත. සිංහල සංස්කෘතිය තිබෙන්නේ ඕනෑම කෙනෙකුට අවශ්‍ය විටෙක පහර දී ඇඟේ හිරි ඇර ගැනීමටය. එය එතරම්ම මෘදු (soft target) ඉලක්කයකි.

දැන් අප හැකි ඉක්මනින් තවත් තේජවන්ත ඇත් රජකු සොයා ගත යුතුය. මීළඟට ඒ සඳහා සුදුසු කවුරුන් දැයි මා දන්නේ නැත. මියැන්මාරයෙන් හෝ කේරළයෙන් ඇතකු ගෙන ඒම කෝකටත් හොඳය. එවැනි විටෙක දම්වැල් පරිසරවේදීන් නැවත වතාවක් කුලප්පු වනු ඇත. එයද අමතර ආශ්වාදයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *