COLUMN

“මැයි 9” සහ අරගලයේ ඇතුල් පැත්ත

Summary

“මැයි 9” වෙනිදා ඇවිලුණු ගිනිදැල් නිවෙමින් පවති. අරලියගහ මන්දිරේට නෑගම් ඇවිත්, ගෝ මයිනා ගමටත්, ගෝ ගෝටා ගමටත්, සැලකීමට ගිය වීරයෝ බේරේ බැස නාගෙන, ඉල්ලගෙන කාගෙන, වාහන ටිකත් සර්විස් කරගෙන, හතර ගාතෙන් ගෙදර ගියෝය. කෑමේ තරම හොදටම දන්නේ අශෝක කහදගමය.

“මැයි 9” වෙනිදා ඇවිලුණු ගිනිදැල් නිවෙමින් පවති. අරලියගහ මන්දිරේට නෑගම් ඇවිත්, ගෝ මයිනා ගමටත්, ගෝ ගෝටා ගමටත්, සැලකීමට ගිය වීරයෝ බේරේ බැස නාගෙන, ඉල්ලගෙන කාගෙන, වාහන ටිකත් සර්විස් කරගෙන, හතර ගාතෙන් ගෙදර ගියෝය. කෑමේ තරම හොදටම දන්නේ අශෝක කහදගමය.

හැබැයි “මැයි 9” තවත් දෙයක් කලේය. ඒ පෙරැට්ටෝ සජිත්ව ගෝල්ෆේස් එකෙන් එලව්ව එකවත්, ජෙප්පෝ අනුරට ගෝල්ෆේස් එකේ හුරේ  දාපු එකවත් නොවේය. “මැයි 9” ගෝල්ෆේස් අරගලය සීසීකඩ කලේය. “මැයි 9”, හැංගි හැංගි නටපු අරගලේ දේශපාලනය නිරුවත් කලේය.

ගෝල්ෆේස් අරගලය දැන් පැහැදිලිව කෑලී කෑලී වලට කැඩී ඇත. නිර්පාක්ශිකව පටන්ගත්ත අරගලය දැන් නිර්පාක්ශික, පාක්ෂික, සර්වපාක්ෂික වගේම විවිධ මතවාද අනුවද බෙදී ගොස් ඇත. ගෝල්ෆේස් අරගලය ඔටෝ අල වෙමින් පවතී.

ගෝල්ෆේස් අරගලයේ එක කෑල්ලක් “අරගලය” ලෙස කැඩී ගොස් ඇත. මේකේ ඉන්නේ “අරගලය” පටන්ගත්ත දා සිට ගෝල්ෆේස් එකේ හිටපු කට්ටිය වේ. මේකේ ඉන්නේ අයට ගෝටා ගෙදර යන්නත් ඕනෑය, System Change එකත් ඕනෑය. ඒත් “ගෝ ගෝටා හෝම්” කිවුවාට, කරුමෙට හෝ ගෝටා ගෙදර ගියොත් කරන්නේ මොකක්ද කියා දන්නේ නැත. මැයි 11 ගෝල්ෆේස් එකේ මීඩියා කොන්ෆරන්ස් එක කරන්න්නේ මොවුන්ය. මේ “අරගලය” නියෝජනය කරන අය ජොහොරේ තිබුනාට, System Change එකට සැලසුමක් අතේ නැති අරගලකරුවන් කොටසකි.

ගෝල්ෆේස් අරගලයේ තවත් කෑල්ලක් “සර්වපාක්ශික  අරගලකරුවෝ” ලෙස කැඩී ගොස් ඇත. මේ කට්ටිය කලවං මාලු අරගලකරුවෝය. සජිත් හමුවී මැයි 14 යෝජනා මලාව ඔහුට දුන්නේ මොවුන්ය. “සර්වපාක්ශික” කට්ටියට ඕනා ගෝටා ගෙදර යැවීම සහ සර්වපාක්ෂික පාලනයක් ගේන්නය. සම්පූර්ණ System Change එක ගැන නිහඩය. මේ අයගේ යෝජනා මලාවේ හරයන් නීති සංගමයේ යෝජනා වලින් කොල්ල කාපුවා වේ. ඉතින් මේ “සර්වපාක්ශික  අරගලකරුවෝ” සැලසුමක් අතේ තිබුනාට මාර්ග සිතියමක් නැති අරගලකරුවන් පිරිසකි.

ගෝල්ෆේස් අරගලයේ “නිර්පාක්ශික” බෝඩ්ලෑල්ල රැකගන්න සටන් කරන ගෘප් කීපයක් දැක ගත හැක. එකක් “නිර්පාක්ශික අරගලකරුවෝ” ලෙස කැඩී ගොස් ඇති අතර අනික “නිර්පාක්ශික ජනතා අරගලය” ලෙස කැඩී ගොස් ඇත. මේකේ ඉන්නේ අරගලය දේශපාලනයෙන් තොරව කලයුතු බවට හිතන, අරගලය හරහා ගෝටාත් ගෙදර යවා, ලංකාවේ System Change එකත් යතාර්ථයක් කල හැකිය කියා හිතන අයය. “නිර්පාක්ශික ජන අරගලකරුවෝ” ගේ මාර්ග සැලැස්ම “ගාලු මුවදොර කතිකාවත” වේ. එය බුකියේ පමණක් ඇත. “නිර්පාක්ශික ජනතා අරගලය” යේ මාර්ග සැලැස්ම “නව ව්‍යවස්‍ථාවක්”  වේ. මෙය තාම under constructionය. කරුමෙට, මේ නිර්පාක්ශික අරගලකරුවෝ අතරවත්, තාමත් රට ගොඩනගන ක්‍රමයක් ගැන පොදු එකගතාවයක් නැත.

මේ අරගලයේ හොදම කෑල්ල “ගාලු මුවදොරින් ඔබ්බට” කණ්ඩායම ලෙස කැඩී ගොස් ඇත. මේකේ ඉන්නේ සුපිරිම සෙට් එකක්ය. NGO රූකඩ ලීඩ් කරන, චිරාත් කාලයක සිට ලංකාව අනාගාමික, බටහිර ගැති, පල්ලියේ බලයට අනුව කටයුතු කරන රටක් බවට පත්කිරීමට දතකන ගැන්සි ඉන්නේ මේ ගොඩේය. NGO ලියන යෝජනා ටික, කාදිනල් හරහා, පල්ලියේ කට්ටිය ලවා ජනතාවගේ ඔළුවට කවන එක මේ අයගේ ප්‍රමුඛ අරමුණ වේ. මැයි 12 ගෝල්ෆේස් එකේ මිඩීයා එකක් තියලා, යෝජනා මලාවක් එලියට දුන්නේ මොවුන්ය. “ගාලු මුවදොරින් ඔබ්බට” කට්ටියට ඕනා ගෝටා ගෙදර යවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, ලංකාවේ සිංහල බෞද්ධ character එක සුන්නත්ධූලි කර, NGO නඩ, සිවිල් සමාජවලට රට පාලනය කලහැකි අලුත්ම  system එකක් ලංකාවට ගේන්නය. එදා මීඩියා කොන්ෆරන්ස් එකේ හිටිය ශෙහාන් මාලකලා, Fr. අමිල ජීවන්තලා වගේ අය දැක්කම මේ අයගේ agenda එක සහ පිටිපස්සේ ඉන්න අය අදුන‍ා ගන්න අපහසු නැත.

කාදිනල්ලා, පියතුමන්ලා, කන්‍යා සොයුරියන්ලා, මවුලවිලා, “අනාගාමික” හාමුදුරුවන්ලා ඔක්කොමත් සපෝර්ට් එක දෙන්නේ “ගාලු මුවදොරින් ඔබ්බට” කට්ටියටය. මැයි 9 ගෝ මයිනා ගමටත්, ගෝ ගෝටා ගමටත් ගහපු එකට පරල වෙන්නේ කාදිනල්ය. කාදිනල් පලවෙනියෙන්ම දුවන්නේ ගෝල්ෆේස්ය. කාදිනල් මීඩීයා කොන්ෆරන්ස් තියන්නේ ගෝල්ෆේස් ඉදලාය. මොකද, කාදිනල්ට පල්ලියට වඩා අරගලය වටින නිසාය. පාස්කු ප්‍රහාරයේ වාඩුව කාදිනල් පියව ගන්නේ ගෝල්ෆේස් අරගලය හරහා නිසාය.

මේ “ගාලු මුවදොරින් ඔබ්බට” කට්ටිය “රටට හොදටම කරන” සැලසුම අතේ තියෙන, ඒකට මාර්ග සිතියම දැනටමත් හදලා තියෙන පිරිසකි.

ඒ ගෝල්ෆේස් එකේ ඉන්න අරගලකරුවන්ගේ පැටිකිරියය. ගෝල්ෆේස් එකේ මේ දවස්වල අරගලකරුවන්‍ට වඩා ඉන්නේ කාක්කන්‍ ය. බහුතරයක් NGO කාක්කන්‍ ය. ගීතිකා, යාතිකා, Born Again, බලි, තොවිල්, නට්‍ය, චිත්‍රපටි, දන්සැල්, තොරණ් කාරයෝ එමටය. හැමෝම ලංකාවේ System එක Change කරන්න ඇවිල්ලාය…..! මේ එකී මෙකී නොකී කට්ටිය ගැන වෙනම දවසක ලියමි.

කලින් ලියුවා වගේම මේ අරගලයේ ප්‍රධානම අඩුව අරගලයේ අරමුණය. ගෝටා ගෙදර යෑමද ? System Change එකද ? නිර්පාක්ශික, පාක්ෂික, සර්වපාක්ශික මෙන්ම අරගලය හරහා දේශපාලනය කරන සියල්ලන්ගේමද අරමුණු පිටපොට ගොස් ඇති සෙයකි.

ටෙලිෆෝනයට System Change එකක් ඕනා නැත. ඕනා ආන්ඩුව පෙරලීමටය. හැබැයි ආන්ඩුව බාර ගැනීමට ආසයි බයයිය. සජිත්ට උනේ ඒකය. ආන්ඩුව පෙරලන්න උද්ඝෝෂණ කර, පාගමන් ගොස්, වැස්සේ තෙමීගෙන, ගෝල්ෆේස් එකේදී ගුටිත් කා, මයිනා ගෝ හෝම් උනාට පස්සේ, ලියුම් ලිය ලිය ඉන්න අතරේ රනිල් අගමැති උනේය. ටෙලිෆෝනයේ ප්ලෑන් එක නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටයක් සහ තව චුට්ටක් ඕනා වැනිය. ටෙලිෆෝන් plan එක ආන්ඩුවට බැරි, ආන්ඩුව කැමතිම නොවන, ව්‍යවස්ථාවෙත් නැති, මොනවා මොනවා හරි, දවසෙන්, දවස ගෙනැවිත්, IMF එක හරි, මොකෙක් හරි ඇවිත්, ගේම පොඩ්ඩක් ගොඩ දානකන්, blame එක ඇගට ගන්නේ නැතිව, ආන්ඩුවට බැන බැන ඉන්න එකය. පුතානෝ 54ක් තියෙද්දිත් හොස්ස බිම ඇන ගත්තේ එසේ කරන්න ගොස්ය. රටට, ජනතාවට වෙන අහේනිය ටෙලිෆෝනයට ගානක් නැත. මොකද රටට, ජනතාවට වඩා ටෙලිෆෝනයට ආන්ඩු බලය වැදගත්ය.

මාලිමාවටද System Change එකක් ඕනා නැත. ඒ අයට ඕනා ආන්ඩු පෙරලීම උනත් නැතත් රාජපක්ෂලා හිර ගෙදරට යැවීමය. මාලිමාවට කවදාවත් ආන්ඩු කරන්න බැරි බව ඒ අයම දන්නවාය. මාලිමාවේ ප්ලෑන් එක කිසිම විසදුමකට කැමති නොවි, මලාට කරන්න බැරි, ඕන උනත් කරන්න සල්ලිත් නැති චන්දෙකට යන්නය. නැවත කෝටි 2,000ක් වියදම් කරවන්නය. මොකද මාලිමාව කීයටවත් ඊලඟ චන්දෙන්ද ආන්ඩුවක් පිහිටුවන්නේ නැති නිසා, තියෙන ඒවා මදිවට, අර කෝටි 2,000 ගෙවන එකද ඒ අයගේ responsibilityයක් නොවේය. ඒ අය කරන්නේ තමන්ගේ පාලනේ තියෙන වෘත්තීය සමිති ටික කුලප්පු කර, වැඩ වර්ජන කොට, ආර්ථිකය තව තවත් වට්ටවා, ආන්ඩුව දනගස්සවා, ජන්දෙකට ගොස්, මාලිමාවේ 3% ජනපදනම පුලුවන්නම් 30% කරගන්නය. පර්ලිමේන්තුවේ 3නට බැස්ස ආසන ගාන 25වත් කරගන්නය. මාලිමාව දවල් දකින හීනය එයය. ඉතින් මාලිමාව ආසම ටෙලිෆෝනයටත් බැන බැන, IMF එකටත් බැන බැන, ඉන්දියාවටත් බැන බැන, ඇමෙරිකාවටත් බැන බැන, උන්ම හරි ඇවිත්, ගේම පොඩ්ඩක් ගොඩ දානකන්, blame එක ඇගට ගන්නේ නැතිව, ආන්ඩුවටම ඇගිල්ල දික් කරකර ඉන්නය. රටට, ජනතාවට වෙන අහේනිය මාලිමා සමාජවාදීන්ට ගානක් නැත. මොකද අනුරලාගේ තාම තියෙන්නේ 1971, 1989 ජානය.

පෙරටුගාමින්ටද System Change එකක් ඕනා නැත. ඒ අයටත් ඕනා ආන්ඩුව පෙරලීම උනත් නැතත් රාජපක්ෂලා හිර ගෙදරට යැවීමය. පෙරටුගාමින්ට ආත්ම ගානකට ආන්ඩු කරන්න බැරි බව ඒ අයම දන්නවාය. පෙරැට්ටෝ බලන්නෙත් එන කිසිම විසදුමකට කැමති නොවි, මලාට කරන්න බැරි, ඕන උනත් කරන්න සල්ලි නැති මාලිමාවට ඕනෑ වගේම චන්දෙකට යන්නය. නැවත කෝටි 2,000ක් වියදම් කරවන්නය. මොකද උනුත්  කීයටවත් ඊලඟ චන්දෙන්ද ආන්ඩුවක් පිහිටුවන්නේ නැති නිසා, තියෙන ඒවා මදිවට, අර කෝටි 2,000 ගෙවන එක ඒ අයගේද responsibilityයක් නොවේය. පෙරටුගාමින් කරන්නේ තමන්ගේ පාලනේ තියෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය කුලප්පු කර, උද්ඝෝෂණ කොට, ආන්ඩුව දනගස්සවා, ජන්දෙකට ගොස්, පෙරැට්ටන්ගේ 0.3% ජනපදනම පුලුවන්නම් 1% කරගන්නය. පර්ලිමේන්තුවේ එකක්වත් නැති ආසන ගාන එකක්වත් කරගන්නය. පෙරැට්ටෝ දවල් දකින හීනය එයය. ඉතින් මේ අයත් ආසම ටෙලිෆෝනයටත් බැන බැන, IMF එකටත් බැන බැන, ඉන්දියාවටත් බැන බැන, ඇමෙරිකාවටත් බැන බැන, උන්ම හරි ඇවිත්, ගේම පොඩ්ඩක් ගොඩ දානකන්, blame එක ඇගට ගන්නේ නැතිව, ආන්ඩුවටම ඇගිල්ල දික් කරකර ඉන්නය. රටට, ජනතාවට වෙන අහේනිය පෙරටුගාමින්ට ගානක් නැත. මොකද කුමාර් ගුනරත්නම්ගේ පවුලේ අය ඉන්නේ පිට රටය. පෙරටුගාමින්ගෙ ඇගේ තාම දුවන්නේ  1971, 1989 ලේය.

මේ අර්ථයෙන් බලද්දී “මැයි 9” මල්ටි ඩයිමෙන්ශන්‍ Trigger Event එකකි.

අ. “මැයි 9” මයිනා ගෝ හෝම් කර, රනිල් බෝන් අගේන් කලේය. හැබැයි “මැයි 9” ගෝටා ගෝ හෝම් කැම්පේන් එක බොර කලේය.

ආ. “මැයි 9” වෙනිදා ඇවිලුණු ගිනිදැල් හරහා මතුවුන 88 / 89 කලු පැල්ලම් අරගලයේ public perception එක වෙනස් කලේය.

ඇ. “මැයි 9” නිර්පාක්ශික අරගලය තවදුරටත් නිර්පාක්ශික නොවන බව තහවුරු කලේය.

ඈ. “මැයි 9” එලිපිටම දේශපාලනේ අරගලයට එකතු කලේය. අරගලය එලිපිටම කෑලි වලට කැඩුවේය.

හැබැයි ප්‍රශ්නය නම්, “මැයි 9” අරගලයේ අවසන් අරමුණ යාතාර්තයක් කලේද ? නොකලේද යන්නයි. ඇත්තටම අරගලයේ අවසන් අරමුණ ගෝටා ගෙදර යැවීමද ? System Change එකද ? තාමත් කවුරැත් නොදනී.

ඉතින් “අර” “ගල” “යට” ජය වේවා……..!

Leave a Reply

Your email address will not be published.