මිචෙල් බැච්ලෙට්ගේ මොළේ පරීක්ෂාව …!
Summary
” නෑ බං අර මිචෙල් බැච්ලෙට් කියන්නේ මැරිච්ච ඉන්දියන් අම්පයර් කෙනෙක්ද කොහෙද ….”
” ඇයි සෑර් එහෙම කියන්නේ …? ”
” බලපං බං මේ පොට්ට ගෑණි කියන කතා…
මේ නාකි මළ හෝන්තුව කියන විදියට රුපියල් 225ට විකුණපු කීරි සම්බා කිලෝ එක 125 ට දෙන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ලු…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැච්ලෙට් එකැස් පොට් වෙලා.
උන්දැට පේන්නේ ලංකාව විතරයි.
ආහාර සුරක්ෂිතතාව, මිල පාලනයට ආදාළව අගෝස්තු 30 දා ශ්රී ලංකාව විසින් හදිසි නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳව එයා සියුම්ව පරීක්ෂා කරනවලු.
මේ කතාව අහලා කිංබානට්තුමාට ‘ අනේ අනිච්චං ‘ කියලා කියවුණා.
” මොකෝ සෑර් හීල්ලුවේ…? “
මේක දැකපු කිච පීරිස් ඇහුවා.
” නෑ බං අර මිචෙල් බැච්ලෙට් කියන්නේ මැරිච්ච ඉන්දියන් අම්පයර් කෙනෙක්ද කොහෙද ….”
” ඇයි සෑර් එහෙම කියන්නේ …? “
” බලපං බං මේ පොට්ට ගෑණි කියන කතා…
මේ නාකි මළ හෝන්තුව කියන විදියට රුපියල් 225ට විකුණපු කීරි සම්බා කිලෝ එක 125 ට දෙන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ලු…
රුපියල් 210 ට විකුණපු සීනි කිලෝ එක 125 දෙන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ලු….
ආච්චිට හාල් ගරන්ඩ …කටට කුණු හරුපත් එනවා බං මේ වෙලාවට …”
කිංබානට්තුමා කියාගෙන ගියා.
” මානව කොමසාරිස්ට කුද ගහගන්න කියලා අපිටත් තියෙන්නේ අර තලෙයිබාන්ලා වගෙ ආණ්ඩු කරන්න …
එතකොටවත් අපි මානව හිමිකම් රකිනවා කියයිනෙ….”
කිච පීරිස් ඒ විදියට උත්තර දුන්නා.
” මං කල්පනා කළේ වෙන බඩ්ඩක් ගැන …”
එතකොට කිංබානට්තුමා කිව්වා.
” ඒ මොකක්ද සෑර් ….? “
” අර ලප කුමාරයා කිව්වනෙ පුතානෝ ගේ මොළේ පරීක්ෂා කරලා බලන්න ඕන කියලා …”
” ඔව්….? “
” ඕකට කොන්දක් නෑනේ පුතානෝට වඩා පිස්සු කෙළින මිචෙල් බැච්ලෙට් අම්මණ්ඩිගේ මොළේ පරීක්ෂා කරලා බලන්න ඕන කියලා කියන්න …! “
කිංබානට්තුමා කතාව අවසන් කළා.