Opinion සතරැස් නුවර පුවත්

මුඛාවරණ වස්තුව

Summary

අප දෙටු වූ රනිල කුල විකුම්සිහයානෝ දැනුදු සාටකාකර්ශිතවැ ආරක්ෂිත්වැ වෙසෙත්. ඉදින් අපද ඒ සාටකානුභාවයෙන් මැ වෙසුම මනායැ.

  • Save

යටගිය දවස සතරැස් නුවර ගොටු අභය නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජ විචාරන සමයේ එක් කෙරුම් පතෙක් අරබයා උන්ගේ රුපුහු නේක එදිරිවාදිකම් කරමින් සිටිත්. චූල පෙම්දස් නම් දෙටු පිලිමල්ලා සිය සහචර කැල ගෙන්වා,”සාචරයිනි මේ අප සිටින්නේ මහත් වූ පීඩාකාරී වසංගත සමයකයැ…. මේ ගොටුඅභය තෙමේ අප මහාමැත්තානන් වූ මහේන්ද්‍රයානන් ගේ බලකප්පාදුවක නිරතයැ ඉදින් අප මේ බලකප්පාදුව පරයා මහේන්ද්‍රයානෝ රැක්ක මනායැ,” යි බිනීය.

ඒ ඇසූ  සාචරයෝ, “කිමැ… මේ පෙම්දස් පුත්‍ර තෙම නන් දොඩන්නෙහිද අප කෙසේනම් මහේන්ද්‍රයනෝ අරභයා හඩ නගන්නමෝද? “යි කසු කුසු ගාන්නට වූහ.

“හෙම්බා සහචරයිනි…. ඒ මහේන්ද්‍රයෝ අප රුපු බැව් සැබව. උන් බල රැකෙන තාක් අපද සුරැකෙන්නේයැ.. අප දෙටු වූ රනිල කුල විකුම්සිහයානෝ දැනුදු සාටකාකර්ශිතවැ ආරක්ෂිත්වැ වෙසෙත්. ඉදින් අපද ඒ සාටකානුභාවයෙන් මැ වෙසුම මනායැ.” යි පෙම්දස් පුත් චූල පෙම්දහු පහදාලූහැ.

“ඉදින් අප කෙසේනම් ඒ මහේන්ද්‍ර තෙම් සුරක්නෙමෝදැ” යි සාචරයෝ කුකුස්වැ විමැසූහැ.

“හෙම්බා සගයිනි මේ දුර්භික්ෂ සමයේ අප මනා ව මෙය සිදුකල යුත්තේය. ඉදින් මා හට සිතිවිල්ලේ සිට යමක් කිරීමට ඉඩ සලසා තොප පිටවව්…,” යි චූල පෙම්දස් පැවැසීයැ.

සවස් යම සියල්ලෝ චූල පෙම්දස් අභිමුවට වන්හැ. හේ එකාට එක බැගින් මුඛවාඩම් බෙදීයැ. ඒ එක් එකෙහි,.. මහේන්ද්‍ර රකිව්… එකුන් විස්ස රකිව් ආදී සටන් පාඨ වියැ. උන් ඒ පැලැද වීථි සංචාරය කලෝයැ.

ඒ දුටු විවිධ පුවත් කරුවන්, “අහෝ … මනායැ… මේ වූ කලි නැවුම් සන්නිවේදන ක්‍රමයකැ…..   මේ ගෞරවය ඒ පෙම්දස් පුත් චූල පෙම්දස් ලැබිය යුත්තේයැ,” ආදී නන් අයුරින් චූල පෙම්දස් පසසා. උන් උන් ගේ මුඛවාඩම්හි නේක පුවත් ලියන්නට වූහැ.

හුදී ජන සංවේගය උදෙසා කල මුඛවාඩම් වස්තුව මෙතෙකින් නිමියේයැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap