කිං බානට් කොලම

මුරුත්තෙට්ටුවේ අංගුලිමාල

Summary

” එතකොට ඔය අංගුලිමාල ඉන්දියාවේ ගුවන් විදුලියට සභාපතිලා රෙකමන් කරන්න එහෙම ගියාද…? ”

  • Save

කිංබානට්තුමා ධර්ම සාකච්ඡාවක් පටන් ගත්තා කිච පීරිස් එක්ක.
” උඹ අහලා තියෙනවද අර අංගුලිමාල ගැන …? “
” ඔව් අර ගුරු භක්ති පූජාවකට මිනිස්සු මරලා ඇඟිලි 1000 ක මාලයක් හදන්න ගියේ….”
කිච පීරිස් කිව්වා.
” අන්න හරි….බලපං ඒ වගෙ මිනීමරුවෙක් වුණාත් මහන දම් පුරලා අන්තිමට නිවන් මාර්ගයටත් පිවිසුනානේ….”
කිංබානට්තුමා විස්තර කළා.
” අංගුලිමාල සසුන්ගත වුණාට පස්සේ මිනීමරන්න ගියේ නෑ නේද…? “
කිචා දහම් පැණයක් ඇහුවා.
” පිස්සුද බං සසුන්ගත වුණාට පස්සේ මිනීමරන්න ගියා නං රහත් වෙන්නෙ කොහොමද …? “
” අංගුලිමාල ජීවත් වුණේ මගධ දේශයේ නේද…? මගධය තිබුනේ නාරාහේන්පිට කිට්ටුවද…? “
” උඹ බයිලා ගහනවද…? මගධය තිබ්බෙ ඉන්දියාවේ බං…”
කිංබානට්තුමා තේරුම් කරලා දුන්නා.
” එතකොට ඔය අංගුලිමාල ඉන්දියාවේ ගුවන් විදුලියට සභාපතිලා රෙකමන් කරන්න එහෙම ගියාද…? “
” අපෝ නෑ..! “
” ඔය අංගුලිමාල මිනිස්සු මරන්න ගියේ කොරෝනා වගෙ වසංගතයක් පැතිරෙන කාලෙකද…? “
” ඒත් නෑ…අංගුලිමාල කියන්නේ ඒ වගෙ තිරිසනෙක් නෙවෙයි …”
” අද කාලේ අංගුලිමාල වගෙ හාමුදුරුවරු සාසනේ නැද්ද …? “
කිච පීරිස් අන්තිමට ඇහුවා.
” ඉන්නවා බං ඒ වුණාට පොඩි වෙනස්කමක් තියෙනවා…”
” මොකක්ද ඒ වෙනස …? “
” අද ඉන්නෙ ගුරු පූජා පිණිස නෙවෙයි, හෙද පූජා පිණිස ලෙඩ්ඩු මරලා ඒ ලෙඩ්ඩුන්ගේ ඇඟිලි කපලා නර්ස් නෝනලගේ බෙල්ලේ එල්ලන අං- ගිලපුමාලලා….”
කිංබානට්තුමා ෂෝට් ඇන්ඩ් ස්වීට් කතාව ඉවර කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap