කුප්පmania කොලම

මොළයක් කරපු හරියක්!

Summary

චන්ද්‍රිකා, රනිල් තරගෙට විකුණූ ජාතික සම්පත් මෙරටට යලි අත්කර දුන් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන්නේවත් විකුණන්නේ නැති බව ස්ථීරවම ප්‍රකාශ කර සිටියේය.

  • Save

කලක් එක්සත් ජාතික පාක්ෂිකයන් ගේ (දැන් සමගි ජන බලවේගයට හේත්තු වී ඇති) මහා මොළකරු වූ රනිල් වික්‍රමසිංහ, මෙරට ඇති වු අති මහත් වු අවුල් ජාලාවල සාඩම්බර හිමිකරුවා බව සාමාන්‍ය දේශපාලන විඥානයක් ඇති ඔනෑම පුද්ගලයෙකුට වටහා ගැනීමට අපහසු නැත.

ඔහු මෙරට ජනතාවට ඉතිරිකර ඇත්තේ පැටලෙන්නට පඹගාල් පමණි. ඔහු හම්බන්තොට වරාය කිසිදු බාධාවකින් තොරව 99 වසරකට චීනයට බදු දුන්නේය. ඉන් ලැබුණු මුදලේ චෙක්පත ද උජාරුවෙන් ජනතාව වෙත පෙන්වූයේය. ඔහුට එකී කාර්‍යය කරන්නට පසුබිම සකසා දුන්නේ ” හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ” ” හම්බන්තොට වරායට ලැබෙන අදායමෙන් කඩල ගොටු දෙකක්වත් ගන්න බෑ” යනුවෙන් කී අනුර කුමාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ යි. ඔවුන් අද කරනා වෘත්තීය සමිති සටන්, අරගල උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ එකළ තිබුණේ නැත. පරම්පරා තුනක වරායේ අයිතිය චීනයට දෙන විට ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් තියා සුළු විරෝධයක් පෙන්වූවා හැරෙන්නට එයට ක්‍රියාශීලි ලෙස මැදිහත් නොවන්නට හේතුව මලික් සමරවික්‍රම විසින් ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කළ මුදල් කුට්ටිය බව නොරහසකි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියට අත්වෙන්නට ගියේ මෙමෙ ඉරණමය. ඉකුත් ජනපතිවරණයට ඔහු එය ඉන්දියාවේ අදානි සමාගමට පවරා තිබුණේ පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලයවත් දැනුවත් නොකරය. සාගල රත්නායක ගිවිසුමට අත්සන් තබන විට වර්තමාන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ නඩය හම් කීවේ නැත. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දුන් බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. එය ඊයේ සෑම ප්‍රවෘත්ති නාලිකාවකම විකාශනය විය.

වත්මන් ආණ්ඩුවට ගෙවන්නට සිදුව ඇත්තේ ‍රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව කෙරූ පවු වල වන්දිය ය. චන්ද්‍රිකා, රනිල් තරගෙට විකුණූ ජාතික සම්පත් මෙරටට යලි අත්කර දුන් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන්නේවත් විකුණන්නේ නැති බව ස්ථීරවම ප්‍රකාශ කර සිටියේය. බොහෝදුරට අද දින පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමෙන් පසු කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ප්‍රශ්නය විසඳෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ ඇති කළ ප්‍රශ්න වලට මුහුණ දීමට ඉදිරියටත් මේ ආණ්ඩුවට සිදුවෙනු ඇත. වත්ත බද්දට දී ඇස්සට දත නියවන ආණ්ඩුවක් සහ ප්‍රශ්න ඇති කිරීමේ මහා මොළකරු හෙවත් රනිල් වික්‍රමසිංහ යන දෙකොට්ඨාසයම ජනතාව විශ්‍රාම යවා ඇති නිසා මේ මොහොතේ ජනතාවට සැනසුම් සුසුමක් හෙළීමට හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap