කිං බානට් කොලම

මෝහිනීගේ පිම්පල්ස්

Summary

“… බලන්න මගේ මූණ දිහා… හොදටම ඩ්‍රයි වෙලා…ගෝඨා ආවට පස්සේ අපට මූණේ ගාන්නවත් ක්‍රීම් එකක් නෑ…”
මෝහිණී මැඩම් කියාගෙන ගියා.

  • Save

කිංබානට්තුමා මෝහිණී මැඩම්ව හමිබුවෙන්න ගියා.
මෝහිණී මැඩම්ට ලොකු ප්‍රශ්නයක් .
මූණත් එක්ක මැලවිලා ගිහින් .
“…. මොකක්ද මැඩම්, ප්‍රශ්නෙ…? “
කිංබානට්තුමා ඇහුවා.
“… ක්‍රීම් ප්‍රශ්නයක් …”
මෝහිණී මැඩම් කිව්වා.
කිංබානට්තුමාට මෙලෝ මගුලක් තේරුනේ නෑ.
“… බලන්න මගේ මූණ දිහා… හොදටම ඩ්‍රයි වෙලා…ගෝඨා ආවට පස්සේ අපට මූණේ ගාන්නවත් ක්‍රීම් එකක් නෑ…”
මෝහිණී මැඩම් කියාගෙන ගියා.
” මං හිතුවේ 20 වැනි සංශෝධනය තමයි ප්‍රශ්නෙ කියලා ..”
කිංබානට්තුමා මැඩම්ට කිව්වා.
” මොන 20 ද ..! ක්‍රීම් තමයි ප්‍රශ්නෙ..
මේ බලන්න අපේ මූණුවල පිම්පල්ස් ඇවිල්ලා …බ්ලැක් හෙඩ්ස්… වයිට් හෙඩ්ස් හැම තැනම…ගෝඨාට ගානක්වත් නෑ…එයා ආනයනය සීමා කරපු හින්දා තමයි අපට මෙහෙම උනේ…”
“.. ඉතින් මැඩම් ඔයගොල්ලෝ කොරෝනා කාලේ හෝමෝසාපියන්ස්ලා වගෙ හිටියෙ…”
“.. ඒ කාලේ එහෙම හිටියට දැන් බෑ.බෑ..”
“… ඒත් මැඩම්, ඔයගොල්ලෝ මූණේ උලන ක්‍රීම් ජාති සේරම මෙහේ හදනවනේ…ඒවා හදන ෆැක්ටරි කීයක් මෙහේ තියෙනවාද … ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ කී දාහක් ඒවගේ වැඩ කරන්නවද?”
කිංබානට්තුමා ඇහුවා.
“..ෂිහ්…! ලැජ්ජා නැද්ද ඒවා ගාන්න…?”
මෝහිණී මැඩම්ට ටිකක් තද වෙලා.
“.. ලංකාවේ මිනිස්සුන්ගේ ජන්දේ ඉල්ලන්න ලැජ්ජා නැති එකේ ලංකාවේ හදන ක්‍රීම් ගාන්න මොකට ලැජ්ජා වෙනවද…?”
කිංබානට්තුමා එහෙම කිව්වම මෝහිණී මැඩම් කන්ණාඩියෙන් බල බල මූණේ ලප ටික චෙක් කරන්න ගත්තා.
“.. මේ බලන්න ස්කින් එකත් හොදටම ඩ්‍රයි වෙලා…”
“.. ආ… ඕකට නම් මරු බොඩි වොෂ් එකක් තියෙනවා අපේ ආයුර්වේදේ..වෙනිවැල් වලින් හදන …”
” අපිට ඕන ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් ..අපේ බොඩි එකට මැච් වෙන්නෙ ඒවා …”
මෝහිණී මැඩම් සද්දේ දාලා කිව්වා.
” යකෝ රත්තොට ගෑනුත් හිතන්නේ මෙහෙම නම් ගෝඨාලා 10 ක් ආවත් මේ රට ගොඩගන්නවා බොරු ” කියාගෙන කිංබානට්තුමා මාතලෙන් කොළඹ එන බස් එකකට නැග්ගා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap