e-Con e-News

යුනිලීවර් සහ අපේ ස්වෛරීයත්වය

Summary

රාගත්ත ජනාධිපතිට උන් පාලනය ගෙනියන්න ඉඩදෙන්නේ නෑ! ආර්ථිකය පිළීබඳ තම මතය විමසූ ත්‍රී රෝද රියදුරරෙකු අපගේ ee වාර්තා කරුවෙකුට පවසා තිබුණි…

    
• කතා කර ඉන්න තියෙන කාලේ ඉවරයි,’ අපි තෝ blog: eesrilanka.wordpress.com

‘ආර්ථික විද්‍යාව හැදෑරීමට පෙර ආර්ථික විද්‍යාඥයින් හදාරන්න!’

e-Con e-News 18-24 ජූලි 2021

රාගත්ත ජනාධිපතිට උන් පාලනය ගෙනියන්න ඉඩදෙන්නේ නෑ! ආර්ථිකය පිළීබඳ තම මතය විමසූ ත්‍රී රෝද රියදුරරෙකු අපගේ ee  වාර්තා කරුවෙකුට පවසා තිබුණි. (බලන්න පාඨක අදහස්).

• ‘ඔබගේ ගමන අත්‍යාවශ්‍යයි ?’ – ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැතපුම් එකහමාරක් කතා කරන ඉංග්‍රීසීන්ට කිසිවිටෙකවත් එවැනි යහපත් දේ සඳහා කාලය තිබුණේ නැහැ. 1939-48 උදාහරණයට ගන්න – ඔවුන්ට ‘ද්‍රෝහී වූ’ විරුද්ධ පාක්ෂිකයින් අත්අඩංගුවටගෙන, සිරගත කර, කස පහර දී ඝාතනය කිරීම (මරා දැමූ මූලෝයා ගෝවින්දන් සහ කොලොන්නාවේ කන්දසාමි අද මතක තියෙන්නේ කාටද?!)

ආසියාවේ ඇතිවුණු විරෝධයට මුහුණ දීමට හැකිවන පරිදි ඉංග්‍රීසීන් ආධිපත්‍යය සහතික කරගැනීමට ගොවීන් හා කම්කරුවන් සමඟ ගිවිසුම් ඇතිකරගෙන ඉන්ධන සහ ආහාර සලාකනය කරනු ලැබූ ඔවුන්, 1948 දී දේශීය රූකඩ පාලකයින්ට ‘පාලන බලය “සාමකාමීව” මාරුකිරීමක්’ (1989 දී දකුණු අප්‍රිකාවේ දී මෙන්) ප්‍රකාශයට පත් කළා. නමුත් ඇත්ත වශයෙන්ම එහි සිදු වූ එකම ‘පාලන බලය සාමකාමීව මාරුකිරීම’ වූයේ ඉංග්‍රීසීන්ගේ සිට ඇමරිකානු යටත් විජිතවාදීන් දක්වා පමණි! එසේනම් විජය සමූහ ව්‍යාපාරයේ සන්ඩේ ටයිම්ස් සහ වෙනත් අය ඉන්ධන සලාකනයට විරුද්ධ වන්නේ ඇයි? (අහඹු සටහන්)

• කථාව ඉතාම නිදහස්ය, එහි මිල දැරිය හැක්කේ ස්වල්ප දෙනෙකුට පමණි: ලෝකයේ දෙවන විශාලතම අලෙවිකරණ අයවැය යුනිලීවර් සමාගම සතුව තිබේ. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ ‘වර්ධනය වෙමින් පවතින සමාගම්කරණය’ කෙරෙහි යුනිලීවර්ගේ සමාගමේ භූමිකාව පිළීබඳව මෙම ee  කලාපය මගින් විමසා බලයි. යුනිලීවර් සමාගමේ වෙළඳ ප්‍රචාරණ අයවැය හරහා ඔවුන්ට ශ්‍රී ලංකාව ඇතුළුව එහි මාධ්‍ය පාලනය කිරීමට හැකියාව තිබේ: යුනිලීවර් සමාගමේ භූමිකාව පිළිබඳව සඳහන් නොකරන ලෙස ඔවුන් මාධ්‍යවේදීන්ට ඍජුවම පවසා තිබේ. මහරාජා, දෙරණ හෝ කිසිවකු යුනිලීවර් සමාගමේ භූමිකාව හෙළි කිරීමට තරම් නිර්භීතවන්නේ නැත.

මෙම ee  කලාපය තුළින් චෙට්ටියාර් මුදල් පොලී කරුවන්ගේ නැගීම පිළිබඳ කතාන්දරය මහරාජා සමාගම තෙක් පුළුල් කරයි (පසුගිය සෙනසුරාදා මියගිය එහි හිමිකරු ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා යැයි හැඳින්විණි!). මහාරාජා මාධ්‍ය (සිරස, නිව්ස් ෆස්ට්, ආදිය) මගින් විෂ සහිත පොහොර පිළිබඳව ඇතිකරනු ලැබූ ඝෝෂාව එම සමාගමේ ආනයන අනුබද්ධ සමාගමක් වන හැරිසන් කෙමිකල්ස් සමඟ පසුගිය ee  කලාපයේ දී සම්බන්ධ කරන ලදී. එහි සම්පූර්ණ කළ යුතුව තිබුණේ යුනිලීවර් සමාගම සමඟ මහාරාජා සමාගමට ඇති සම්බන්ධතාවයයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ ‘දේශීය’ සමාගම් ලෝකයේ විශාලතම ධනේශ්වර බහුජාතික සමාගම්වලින් සඳහා ඉදිරිපෙළ සමාගම් පමණි යුනිලීවර් යනු එයින් එක් බහු ජාතික සමාගමකි:

අපි සිහිපත් කරමු: එංගලන්තයේ යුධ හා යටත් විජිත රාජ්‍ය ලේකම් හෙන්රි ඩුන්ඩාස් විසින් 1801 දී කඳුරට සිංහලේ (මහනුවර) කෘර මිනීමරු ප්‍රහාර දියත් කරමින් සිටින අතරතුර ලංකා සිවිල් සේවයට සිවිල් වැසියන් 20 දෙනෙකු පත් කරන ලදී: ඊට අයත් වූ කණිෂ්ඨ ලිපිකරුවන් 16 දෙනා අතරට ඉංග්‍රීසි නැගෙනහිර ඉන්දියා සමාගමෙන් (EIC) ලිපිකරු සේවයට (කනිෂ්ඨ ශ්‍රේණිය) පුහුණුව ලැබූ ජෝන් ඩොයිලි ද විය. යුනිලීවර් යනු 19 වන සියවසේ දී ඒජන්සි හවුස් ගණනාවකට වෙන් වී ගිය ඉංග්‍රීසි නැගෙනහිර ඉන්දියා සමාගමේ අවතාරයයි. මහාරාජා, ස්ටුවර්ට් යනාදිය සමඟ එහි ඇති සම්බන්ධය කුමක් ද? සිංහලේ රජුට එරෙහිව මුල් ව්‍යාජ පුවත් ප්‍රචාරය සඳහා අරමුදල් සැපයූ, කවියන්ට හා පූජකයන්ට මුදල් ගෙවූ ඩොයිලි, අද අපේ සියලුම ඉංග්‍රීසි මාධ්‍යවල ආරක්ෂක සාන්තුවරයා ය. අපගේ කලාකරුවන් සහ මාධ්‍ය තවමත් මෙම දුස්තොරතුරු ප්‍රතිරාවය කරමින් සිටී (අහඹු සටහන්). 

• දැඩි ලෙස ආයුධ සන්නද්ධ වූ ඉංග්‍රීසි නාවික හමුදාව මේ සතියේ දී ඉන්දියාව සහ තායිලන්තය සමඟ අප වටා ඇති මුහුදේ යුද ක්‍රීඩා පැවැත් වීය. ලෝකයේ නාවික හා මුහුදු ගමනාගමනය මෙන්ම ශ්‍රී ලංකාව අසළින් දිය යටින් ගමන් කරන ලෝකය පුරා දිවෙන කේබල් සහ නාවික හා මුහුදු පතුලේ ගමනාගමනය පාලනය සමීක්ෂණය කිරීමට ඔවුන් මෙහි පැමිණ තිබේ. මන්නාරමේ ‘ඌණ සංවර්ධිත’ බලශක්ති නිධියක් ද තිබේ.

• රෝම දෙවිවරු (ජනවාරි, මැයි, ජූනි) සහ උත්සව (පෙරවාරි, අප්‍රේල්) රෝම අධිරාජ්‍යයන් (ජුලියස්, ඔගස්ටස්) විසින් අනුගමනය කරමින් ජූලි සහ අගෝස්තු වශයෙන් 7 වන මාසය සහ 8 වන මාසය තමන්ගේ යැයි ප්‍රකාශයට පත් කළ අතර, ලතින් භාෂාවෙන් සෙප්ට් ලෙස හැඳින්වෙන 7 වන මාසය කාලානුක්‍රමය තුළ ඉදිරියට තල්ලු කරමින් 9 වන මාසය සඳහා සැප්තැම්බර් ද, ඔක්තෝබර් (10), නොවැම්බර් (11), දෙසැම්බර් (12),  9, 10, 11 සහ 12 මාස වශයෙන් ඉදිරියට ගෙන තිබේ. බටහිර රටවල අයත් බලහත්කාරී ඒකාධිපතිවාදයේ බොහෝ දේ සඳහා, අපි සියල්ලෝම තවමත් යටත්ව සිටින්නෙමු!

මේවන විට බොහෝ දෙනාගේ දෛනික රැකියාව සඳහා අවශ්‍ය ආර්ථිකය සහතික කරන අතරම මහජන සෞඛ්‍ය (පෞද්ගලික ඖෂධ හා ජෛව තාක්‍ෂණ සමාගම් පීඩාවට පත්කරනු ලැබ ඇති) ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විමර්ශනය කිරීම ධනේශ්වර මාධ්‍ය මගින් ප්‍රතික්ෂේප කොට තිබේ. ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (ඔව්, පළමු ලියාපදිංචි ‘වෘත්තීය සමිතිය’) ආදී බලපෑම්කරුවන් වෙනුවෙන් සංවිධානාත්මක කම්කරු පන්තිය බිඳ දැමූ ආකාරය සිහිපත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කරයි: මේ ජූලි මාසය, 1980 දී කම්කරුවන් 50,000+ ක් සේවයෙන් පහ කිරීමේ 41 වන සංවත්සරයයි.  

බාහිර මැදිහත්වීම්වලට බලය ලබාදීමට ‘බහු සංස්කෘතික’ කල්ලි සම්බන්ධ වූ 1983 ජන සංහාරයේ 38 වන සංවත්සරය ද මෙම ජූලි මාසයට යෙදී තිබේ: එය සුදු ජුලි ලෙස සැමරිය යුතුය! 1983 ජුලි සංහාරයට තුඩු දුන් 1980 ජුලි සහ 1983 අතර සම්බන්ධතාවය සහ අඩු ප්‍රචාරයක් ලැබුණු දකුණේ යුද්ධය ගවේෂණය කර තිබෙන්නේ කිහිප දෙනෙකු පමණි!  අහ් ජූලි! මන්ත්‍රීවරයෙකුගේ නිවසක ඝාතනයට ලක් වූ ළමා ගෘහ සේවිකාව වෙනුවෙන් මාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන කිඹුල් කඳුළු සලමින් සිටිය දී, ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ආදී ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරමින් සිටින අතර, ඒ හරහා එවැනි සූරාකෑම තවත් ඉහළ නංවමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අඩු පොලී අනුපාතයන්ට අපට ණය ලබා දෙන බව කියා සිටියත්, ඔවුන්ගේ ණය අවදානමට ලක්විය හැකි, මහලු, රෝගී, ආබාධිත පුද්ගලයින් සඳහා මහජන සේවාවන් අඩු කිරීම; රාජ්‍ය සම්පත් සහ උපායමාර්ගික රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය කිරීම; රාජ්‍ය නොවන සංවිධාන විසින් ‘තවදුරටත් ළමා ශ්‍රමය එපා!’ යනුවෙන් හඬ නඟන දේ නිවැරදිවම කිරීමට සේවා යෝජකයන්ට අනිවාර්ය කෙරෙන නීති ඉවත් කිරීම වැනි දැඩි කොන්දේසිවලට යටත් වේ. (ee කම්කරුවන්, ළමා)

Continued on: eesrilanka.wordpressblog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *