Opinion

රටක විලාපයක් වූ වත්තක කදුලූ බිඳ ඉෂාලිනී…

Summary

නිතී හදන නායකයෝත් මහජන බදු මුදලින් වැටුප් ලබා පුටු රත්කරන නිලධාරියෝත් ලහිලහියේ නිති සකසන්නට උන්ගේ ..කවල් රත් වන්නට ගෙන ඇත්තේ දැන්ය . ඒ මේ රටේ අවාසනාවය .

නුබේ කුරිරැ මරණය වෙනුවෙන් සාධාරණය ඉල්ලා නුබේ ” වත්තත් ” මුලු රටකුත් පාරට බැස ඇත . නුබේ මරණය වෙනුවෙන් එකී වරදකරැවන් ගල් ගසා මරන්නට , උන්ව එල්ලුම් ගස් යවන්නට සමස්ත සමාජයක් කැස කවමින් ඇත . නුබ වෙනුවෙන් තරාතිරම් පසෙක තබා නුබේ සහ අපේ නායකයන් හොටු කඩමින් නාහෙන් ආඩමින් මීඩියා සංදර්ශන පවත්වමින් ඇත .
රජයේ – විපක්ෂයේ නායකයෝ මෙන්ම වත්තේ නායකයෝත් ආගමික නායකයෝත් පාහර මීඩියාත් නුබ වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් ඇත . එහෙත් ඒවායේ මුඛය අරමුණ නුබ පලිහ කොට බදියුදීන්ලා , එක එකාලාගේ දේශපාලන ගේම් වල රෑකඩ කර ගන්නට බව දේශපාලනයේ තොත්ත බබාලට වූව තේරෙන්නකි.

ඒ නුබව තව තව දුෂණය කරමින් උන්ගේ ලකුණු ගොන්න නුබේ නමින් වැඩිකරගන්නවා විනා නුබේ දෙන මතින් උන්ගේ දේශපාලන කඩප්පුලිකම් ඉටු කර ගන්නට මිස නුබට හෝ රටේ කාන්තාවට හෝ රටේ දියණියන් ට ඇති ආදරය නිසා හෝ උතුරා යන මනුස්සකම් නිසා නොවේය .
මෙලෙස මියගිය පළමු දැරිය නුබ නොවන මුත් මෙසේ කුරිරැ අවසන් ගමනක් උරැම කරගත් අවසන් දැරිය නුබ බවට පත් කරන්නට සමස්ත සමාජයකට විසල් ඉඩක් අද ලෑබී තිබුනත් උන් කිසිවකු ඒ වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී නොසිටුනු ඇත.

මෙකී අවාසනාවන්ත මරණයේ වරදකරැවෝ සිත් පිත් නැති ” බදියුදීන් පවුලේ” සමාජිකයන් පමනක් නොව නුබේ වත්තත් මුලු රටත් පාලනය කල සියලු නායකයෝ සහ අපය .
බාල වයසින් මෙහෙකාර සේවයට යන්නට තරම් නුබේ සහ නුබේ පරපුරට තිබූ බඩගින්න සහ හිතේ ඇම්මට නුබේ වත්තේ තොණ්ඩමන්ලා , දිගම්බරන් ලා , මනෝගනේෂන්ලා , ඇතුලු සියලු දමිල නායකයෝත් නුඹලා වෙනුවෙන් පෙනි සිටින ඊනියා තමිල්නාඩු සහ ඉන්දියානු ජනනායකයෝත් සමග අප රට කල සියලු රජයන්ද නායකයන්ද මෙන්ම මහලොකු ඩයස්පෝරාද වග කිව යුතුව ඇත.

වත්තේ කදුලු කතා නුබේ තරමට නොවුනත් අපිද අසා ඇත්තෙමු .දෑසින් දුටුව ඇත්තෙමු .
වත්තේ නුබේ කුටුම්බයේ දුකත් ඇත ගම්දනව් වල දුගී දුප්පත් නුබ වැනිම දියනියන්ගේ දුකත් – ” රටවිරැවන්” යැයි මානසික ආතල්දි උඩින් උස්සා ඇති පිටරට්ටුන්ට පර වැඩ ජඩ වැඩ මෙහෙකාර කම් නමින් කරනා අපේ රටේ අපේ සිංහල දමිල මූස්ලිම් අහිංසක අම්මාවරැන් ගේ දුකත් අපේ රටේ පාදඩ සිංහල දමිල මුස්ලිම් බර්ගර් දේශපාලුවන්ට මතක් වී උන්ගේ කැහුතු රත්වන්නේ ජන්දයක් ළං වීමේදි පමණි.
නිතී හදන නායකයෝත් මහජන බදු මුදලින් වැටුප් ලබා පුටු රත්කරන නිලධාරියෝත් ලහිලහියේ නිති සකසන්නට උන්ගේ පුකවල් රත් වන්නට ගෙන ඇත්තේ දැන්ය . ඒ මේ රටේ අවාසනාවය .
” උතුරේ විද්‍යාත් “
” දකුනේ සේයාත් “
” වත්තේ ඉෂාලිනී “
දැන් අපට අහිමිව ඇත .
එසේම බාලවයස්කාර පිරිමි දරැවන්ද පන්සලේ කොවිලේ පල්ලියේ මල්අසුනේ අල්තාරයේ තම ආත්මයන් සුන්නද්ධූලී කරගනිමින් ඇත .
එය එදත් එසේය .
අදටත් එසේය .
හෙටටත් එසේම වනු ඇත .
ඉෂාලිනී … දියණියනි ,
මෙලෙස යක්ෂයා රජ වී බජව් දාන රටක මැරි මැරී උපදිනවා ට වඩා කවුරැන් හෝ ගිණි තියා හෝ ස්වයංව ගිණි තියාගෙන මිය යාම හැර වේදනාවන් පුපුරැ ගසන අත්මයන්ට සුව දායක විය නොහැකිද ? ..
ඔබේ ආත්මය සුවපත් වේවා !

Leave a Reply

Your email address will not be published.