රනිල් සහ පක්ෂ නායක රනිල්
Summary
“…ආ යූ මෑඩ්… ! අයිසෙ දැන් තමුසෙ අස් වෙච්ච ගමන් අර වජිරයයි, රංග බන්ඩාරයයි, තලතයි, චතුරයයි සේරම නායකයා වෙන්න පොරකයි…. මහ අවුලක් නෙ එතකොට වෙන්නෙ … “

30 වතාවකටත් වඩා පරාද වුනාට පස්සෙ පක්ෂ නායකත්වෙ ඉදලා වැඩක් නෑ කියලා රනිල්ට හිතුනා.
රනිල් පක්ෂ නායක රනිල් හම්බ වෙලා “සර්…,මට අස්වෙන්න ඕන ….”කියලා කිව්වා.
“.. අයිසෙ රනිල් , තමුසෙට පිස්සුද ? මේ වෙලාවේ අස් වෙලා කොහොමද …?”
පක්ෂ නායක රනිල් , රනිල් ට කිව්වා.
රනිල් ගෙදර ගිහින් දහ අතේ කල්පනා කළා.
” නෑ… මං අස්වෙනවාමයි…”රනිල් දැඩි තීරණයකට ඇවිත් ආපහු පක්ෂ නායක රනිල් මුනගැහුනා.
“… සර්, අයි වෝන්ට් ටු ස්ටෙප් ඩවුන් …”
රනිල් මව් භාෂාවෙන්ම පක්ෂ නායක රනිල් ට කතා කළා.
“…ආ යූ මෑඩ්… ! අයිසෙ දැන් තමුසෙ අස් වෙච්ච ගමන් අර වජිරයයි, රංග බන්ඩාරයයි, තලතයි, චතුරයයි සේරම නායකයා වෙන්න පොරකයි….
මහ අවුලක් නෙ එතකොට වෙන්නෙ …
තමුසෙ ගිහින් හරි යන්නේ නෑ…
තමුසෙ ඉන්නවා … අනිත් උන් ගියාවේ…
වට් නොන්සන්ස්…”
පක්ෂ නායක රනිල් , රනිල් ගේ ඉල්ලා අස්වීම කුණු බක්කියට දැම්මා.
“…පක්ෂය ප්රතිසංවිධානය කරලා , තරුණ නායකත්වයක් ඇති කරලා අපි පලාත් සභා ජන්දයට මුහුණ දෙන්න ඕන …” රනිල් , පක්ෂ නායක රනිල් ට කිව්වා .
“… දැට් සවුන්ඩ්ස් ගුඩ්… මං අදම ඒක පුද්ගල කමිටුවක් දාන්නං ඒ වැඩේට…” පක්ෂ නායක රනිල් , රනිල් ට එහෙම කිව්වා.
ඊට පස්සේ පක්ෂ නායක රනිල් , රනිල්ව ඒ ඒක පුද්ගල කමිටුවේ ඒක පුද්ගල සභාපති හැටියට පත් කළා.
මාස හත අටකට පස්සේ රනිල් වාර්තාව ලියාගෙන පක්ෂ නායක රනිල්ව හම්බ වෙන්න ගියා.
“…සෝ හව්…”
පක්ෂ නායක රනිල් , රනිල් ගෙන් ඇහුවා.
“…වාර්තාව ලිව්වා…”
“…. ගුඩ්… තරුණ නායකයෝ ඉන්නවාද පක්ෂෙ…?”
” යර්ස් සර්.., දෙයාර් ඉස් අ වන් ගුඩ් ෆෙලො…”
“…හූස් දැට් ගයි…?”
පක්ෂ නායක රනිල් පුටුවෙන් නැගිටලා රනිල් ගේ දෙවුරෙන් අල්ලාගෙන ඇහුවා.
“…. රනිල් වික්රමසිංහ ….!”
“…. දැට්ස් මයි බෝයි…”
පක්ෂ නායක රනිල්, රනිල්ව බදාගෙන විෂ් කළා.