Opinion සතරැස් නුවර පුවත්

රාජ කකුධ වස්තුව

Summary

“ඉදින් මෙය තොප කිසිවෙකුත් කෙටුම්පත් නොකලහු නම් මේ දිව්‍යමය පතෙක් ලෙස සලකා මෙයට මා අනුමැතිය දෙමි ” පවසා ගොටු අභය තෙමේ තල්පත් හි රාජ මුද්‍රාව තැබූහැ.

  • Save

එකල්හි ගොටු අභය තෙම රජපත්වැ තුමූ රජ ද නැතිදෝහෝයි සංකායෙන් ඒ ගොටු අභය තෙම කාල භක්ශනය කෙරෙත්. චූල පෙම් දස් පෙරටු නන් විධ විපරීතයින් ගොටු අභය තෙම පිලිමල් කොටැ බිනිත්. ඒ මහේන්ද්‍රයෝ රාජකකුධ භාණ්ඩයන්ගෙන් අඩක් පැලැද සිටීම ගොටු අභයහට කුකුස් ඉපදවීයැ. රජසභාවේ දෙටුකථික නම් තවත් මහේන්ද්‍ර කෙනෙකුන් සතුවැ තවත් කකුධයන් වියැ.

“ඉදින් මේ සියල් කකුධ භාන්ඩයෝ මාසතු විය යුත්තේය. මහා ජයවඩන රජු මෙන් වැජඹීම කලයුත්තේමය” සිතා සිය වියත් පාන්ඩිත්‍යයින් බැනවීය.

“හෙම්බා පණ්ඩිතයිනි… මේ සතරැස මහරජු මම්ම වෙමි… එක් එක් නිලදරුවන් පැලද සිටින්නාවූ මටම හිමි රාජ කකුධ භාන්ඩ මාහටම වැලිත් ලබා ගත යුත්තේයැ,” යි පැවැසීය.
මහේන්ද්‍ර තෙම වහා නැගී සිටියේය.

“හෙම්බා මල…. මේ කකුධයෝ මා සතු වීද.. නුඹ සතු වීද කම් නොවේ …. එය අපසතු වීම ම භග්‍යයක් නොවන්නේද. . ඉදින් යම් කකුධයෙක් තොපට ඇවැසිකල මා එය තොපට දෙමි. මට ඇවැසි කල මට දෙව…. මේ කකුධයෝ මා ධවල පිලි අස්සේ හොවා මොනවට රකිමි. මහා රාජෝත්තම මලණු ඉවසා වදාරත්වා. “

මහේන්ද්‍ර තෙම රක්නා වීරවිමල තෙමේ “වන්නාටය ඒ කදිමයැ… දෙටු කනිටු සෝයුරෝ සාහයෝගයෙන් මෙම කකුධ භාණ්ඩ පරිභෝග කෙරෙත්වා.” යි පැවැසීය.

වියත් පාන්ඩිත්‍ය වූ හස්ති සබ්‍ර නම් ඇමැත්තා “නැතැ…. රාජ තෙම රාජශ්‍රීයෙන්මැ විරාජිත විය යුත්තේයැ. සියල් කකුධයන් මහා රජෝත්තමයාණ සතුවිය යුත්තේයැ. ” පවසා කකුධභාණඩ සටහන් තල්පතක් සභවට කියැවීය.

ඒ කෙරේ මහත් නොසන්සුන් ඇමැත්තෝ.. “මේ කෙටුම්පත් කලෝ කවරහුදැ කවරහුදැ…” විමැසූහැ.

“නොදනුම්‍හැ… නොදනුම්හැ” සියල්ලෝ එකිනෙකා දෙස නෙත් හොමුකලහ.

“ඉදින් මෙය තොප කිසිවෙකුත් කෙටුම්පත් නොකලහු නම් මේ දිව්‍යමය පතෙක් ලෙස සලකා මෙයට මා අනුමැතිය දෙමි ” පවසා ගොටු අභය තෙමේ තල්පත් හි රාජ මුද්‍රාව තැබූහැ.

සියල්ලෝමැ දිව්‍යමය පත්‍රය පැදැකුණු කොටැ “ස්වස්ති සිද්ධම්” යි ඝෝෂා කලහ.

දිව්‍යමය පත්‍රය ශීර්ෂ මස්තකප්‍රාප්ත කරගත් හස්ති සබ්‍ර තෙමේ

“හස්ති සබ්‍රම් … හස්ති සබ්‍රම් යැයි ඝෝෂා කරමින් ගමන් ඇරැඹීය. සෙස්සෝද ඔහු අනුවම “හස්ති සබ්‍රම්…” යැයි ඝෝෂා කල.

හුදී ජන සංවේගය උදෙසා කල රාජ කකුධ වස්තුව මෙතෙකින් නිමියේයැ…

හස්ති සබ්‍රම් !!!!!

1. දෙටු පිලිමල් වස්තුව

2. පලග වස්තුව

3. විසි (නො) වන කෙටුම්පත් වස්තුව

4. බිජු පූප වස්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap