Opinion

රැල්ල තියෙන තැන රැල්ලක් හදමු

Summary

හැමෝටම යෝජනා කරන්න රැල්ලක් දෙකක් නැත්තේ නැහැ. අපි යෝජනා කරන්නේ වැල්ලේ රැල්ලක්. ලංකාව වටේ විවිධාකාරයෙන් දූෂණය වූ වෙරළ තීරය සුද්ද පවිත්‍ර කරන රැල්ලක්.

  • Save

කට්ටිය පොහොට්ටුවට ඡන්දේ දුන්නේ රැල්ලටද කියල නිශ්චිතව කියන්න අමාරුයි. දුන්න කෙනා ‘රැල්ලට දුන්නා’ කියල කියන්නේ නැහැ. මෙතිවරණ වල ‘රැල්ල’ කියන්නේ විචාරකයන්ගේ මතවාදීමය/දේශපාලනික ඕනෑඑපාකම් මත කියවෙන දේවල්. ඉන් එහා දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් සජිත් ප්‍රේමදාස එජාපයේ ජනපති අපේක්ෂක හැටියට නම් කෙරුවට පස්සේ ‘සජිත්ට රැල්ලක් තියෙනවා’ කියල සමහරු කිව්වා. රැල්ලක් තිබුනද තිබුනානම් රැල්ලේ ප්‍රමාණයද මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුනාම කාට කාටත් අවබෝධ වුනා.

ඒ වුනාට මේ රටේ රැලි නැතුව නෙවෙයි.  ගෝඨාබය ජනපති වූ පසුව කට්ටිය රැල්ලට තාප්ප පාට කෙරුව. තව අය අත්හැරල තිබුණු කුඹුරු වැපිරුවා. රැල්ලට වගේ පොහොට්ටුවේ නාම යෝජනා ලබා ගන්න ඉත්සහ කෙරුව. ෆේස් මාස්ක් සහ ගෙවතු වගා රැල්ලකුත් ආවා ඒත් ඒවා සංවිධානාත්මකව සිදුවුනේ නැහැ. සමූහයක ප්‍රයත්නයක් නෙවෙයි.

සමහරු රැල්ලට සිංහලයට ගහනවා. බෞද්ධයාට ගහනවා. බුද්ධාගමට ගහනවා. සිවුරට, හාමුදුරුවන්ට, ශාසනයට ගහනවා. සමහරු රැල්ලට හැම මුසල්මානුවෙක් තුලම මූලධර්මවාදී ත්‍රස්තවාදියෙක් දකිනවා. රැල්ලට සියලු විදේශික ක්‍රියාකාරකම් වල ‘පර සුද්දෙක්’ දකිනවා. තව සමහරු රැල්ලට දේශීය වන හැම දෙයකටම ගරහනවා. සුද්දා හොඳා…යි කියනවා. සුද්දා වන්දනා කරනවා. රැල්ල. රැලි. මේවා අලුත් නැහැ. පරණයි.  

හැම රල්ලක්ම නරකම නැහැ. පැල සිටවීම හොඳ රැල්ලක්. දේශීය වී වගා කිරීමත් හොඳයි. වස විස නැති ගොවිතැනත් හොඳ රැල්ලක්, රැල්ලක් නම්. ගෙදරට අවශ්‍ය මිරිස් කරලක් දෙකක්, ඉඟුරු ටිකක්, පලා වර්ග කිහිපයක් වගා කරන රැල්ලක් තිබුනොත් එක හොඳ ප්‍රවනතාවයක්.

හැමෝටම යෝජනා කරන්න රැල්ලක් දෙකක් නැත්තේ නැහැ. අපි යෝජනා කරන්නේ වැල්ලේ රැල්ලක්. ලංකාව වටේ විවිධාකාරයෙන් දූෂණය වූ වෙරළ තීරය සුද්ද පවිත්‍ර කරන රැල්ලක්.

සුද්ද කෙරුවට මදි. වැල්ලේ හමුවෙන්නේ වැල්ලට ගෙනත් දාපු දේවල් ම නෙවෙයි. අධි පරිබෝජනයේ අවශේෂ කොටස් මුහුදට ගලාගෙන යනවා…නැවත වෙරළට ගසාගෙන ඇවිත් නතර වෙනවා.  වැල්ලේ රැල්ලක් තාවකාලික විසඳුමක් තමයි, නමුත් කල යුතු දෙයක්. පරිබෝජන රටාව වෙනස් කරන රැල්ලකුත් අවශ්‍යයි. ඒකත් කරමු. කොවිඩ් වසංගතය ගැන බය වුන කාලේ කව්රු කව්රුත් එහෙම වෙනස් ජීවන රටාවකට හුරුවුනා. ඒක නියමා…..යි කිව්වා. සෙල්ෆි ගැහුවා. පොස්ට් කෙරුව. ලයික් කෙරුව. ෂෙයාර් කෙරුව. කරන්න බැරි නැහැ, ඇත්ත.

වැල්ලත් රැල්ලකට හසු කරමු. අඩුම තරමින් ඒවගේ ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙන අය තම තමන්ගේ ජීවිත භාවිතය ගැන නැවත හිතන්න පුරුදු වෙයි.
වට් ඩු යූ සේ ස’?

One thought on “රැල්ල තියෙන තැන රැල්ලක් හදමු
  1. It is clear that the beaches will be filled with garbage until private merchants take over sea fronts! Then the garbage will disappear inland. Garbage all over the country should be collected by school children, with the support of municipal sanitation workers, and then grouped by company and country of origin, and then delivered to corporate headquarters, CEO’s homes, and embassies! This will be a lesson to all concerned. Children will learn where things are made. CEOs and Embassies will also learn….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap