Opinion

ලාහුගල – කිතුලාන ජාතික උද්‍යානය, නීතිමය ආරක්ශාවේ තත්වය සහ නීති විරෝධී ක්‍රියාවන්

Summary

නීතිය ක්‍රියාත්මක නොවන සංධර්භයක් තුල කොතෙක් ශක්තිමත් පරිසර නීති තිබුනත්,ඒවා අකර්මන්‍ය වන බවයි.

  • Save

ජගත් ගුණවර්දන

දිගාමඩුල්ල (අම්පාර​) දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිති හෙක්ටයාර් 5131 භූමි ප්‍රම්නයකින් යුත් ලාහුගල -කිතුලාන ජාතික උද්‍යානය වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ ප්‍රකාශිත 2006.07.20 දිනැති අංක 1454/26 දරන අතිවිශේශ ගැස්ට් පත්‍රයේ පලවූ නියෝගය මගින් ප්‍රකාශයට පත්කරන ලදී.

  • Save

නමුත්,මේ ප්‍රදේශය මේ වනවිටත් අභය භූමියක්ව පැවතුනි.ඒ,1980.10.31 වන දිනැති අංක 10,538 දරන ගැසට් පත්‍රයේ පලවූ නියෝගයක් මගින් මේ ප්‍රදේශය අභය භූමියක් බවට පත්කර තිබීම නිසාය​.

කිසියම් ප්‍රදේශයක් ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කල පසු එයට වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 3,3අ,5,6,6අ සහ 9අ යන වගන්ති ප්‍රකාරව ආරක්ශාවක් හිමිවේ.

මේ අනුව පසුගිය දින කීපය තිස්සේ ලාහුගල -කිතුලාන ජාතික උද්‍යානය තුල පුද්ගලයන් රාශියක් විසින් සිදුකරමින් පවතින ක්‍රියාවන් සියල්ල නීතිවිරෝධී බව පැහැදිලි වේ.

** මින් ප්‍රධානම සහ වැදගත්ම කරුන වන්නේ පනතේ 5 වන වගන්තියේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම වේ.එනම්,ජාතික උද්‍යානයකට කෙනෙකුට ඇතුල්විය හැක්කේ ඒ සඳහා වනජීවී සංරක්ශන දෙපාර්තුමේන්තුව මගින් ලබාදෙන අවසරයක් යටතේ පමනකි.එසේම මේ අවසරය දිය හැක්කේත් නැරඹීම​,රසාස්වාදය පිනිස මෙන්ම අධ්‍යයන සහ පර්‍යේශන කටයුතු වලට පමනකි.

** තවද​,පනතේ 6 වන වගන්තිය අනුව ජතික උදානයක් තුල කිසිවෙකුත්:

  • එහි සිටින වන සතෙකුට​ බාධා හෝ හිරිහැර සිදුවන යම් ක්‍රියාවක් කිරීම,
  • භූමිය එලි කිරීම​,
  • ශාක ඉවත්කිරීම හෝ විනාශ කිරීම​,
    +මාර්ගයක් තැනීම සහ මාර්ගයක් භාවිතා කිරීම​,
  • වගාවක් කිරීම​,
  • තාවකාලික හෝ ස්ථීර ගොඩනැගිල්ලක් ඉදි කිරීම හෝ භාවිතය​.
    වරදවල් අතරට ගැනේ.

** ජාතික උද්‍යානයේ මායිමේ සිට සැතපුමක කලාපය තුල යම් සංවර්ධන කටයුත්තක් යෙදීමට අදහස් කරන්නේ නම් ඊට වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 9අ වගන්තිය යටතේ සඳහන් වන පරිදි වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අවසරය අත්‍යාවශ්‍ය වේ.මේ සඳහා අවසර ඉල්ලා සිටින්නන් විසින් අනුමැතිය ලබාගැනීම පිනිස ඒ ප්‍රදේශය පිලිඹඳව මූලික පාරිසරික විශ්ලේශන වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සකස්කර ඉදිරිපත් කලයුතු අතර එම වාර්තාව මහජන අදහස් සඳහා දින 30 කාලයක් විවෘතකල යුතුවේ.(මේ කරුන සඳහන් කලේ දිගාමඩුල්ල (අම්පාර​) දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු මෙම ප්‍රදේශය ජාතික උද්‍යානයෙන් පිටත බව ප්‍රකාශ කරන නිසා එසේ වූවත් මේ ක්‍රියාව නීති විරෝධී බව පෙන්වාදීම පිනිසය​.

++ එසේම ඉහත සියලු වරදවල් වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 67ආ වගන්තිය අනුව සංඥේය වරදවල් වේ.එනම්,වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 66 වගන්තිය අනුව එවන් වරදක් කරන්නෙකු වරෙන්තුවකින් තොරව අත් අඩංගුවට ගැනීමේ බලය වනජීවී සංරක්ශන දෙපාර්තුමේන්තුවට මෙන්ම පොලීසියටත් හිමිව තිබේ.

++ එමෙන්ම වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 6 වන වගන්තිය යටතේ කෙරෙන සියලු වරදවල් සංඥේය සහ ඇපදිය නොහැකි වරදවල් ලෙස වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 67ආ වගන්තියේ ප්‍රකාශකර තිබේ.

එසේ හෙයින් මෙසේ අනවසරයෙන් ලාහුගල​-කිතුලාන ජාතික උද්‍යානයට ඇතුල්වී සිටින්නන්ට වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාකල හැකිබව ඉතා පැහැදිලිවේ.ඊට අමතරව ඔවුන් වෙනත් වරදවල් සිදුකර තිබේනම් ඊටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කල හැක​.එමෙන්ම​,යම් මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් බාහිර කෙනෙකු මීට ආධාර සහ අනුබල දෙන්නේ නම් ඔවුනටත් ඉහත වගන්ති අනුව චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පදනම දන්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තියා තිබෙන “පොදු චේතනාව​”යටතේ දක්වා තිබේ.

නීතිමය ආරක්ශාව මෙතරම් ශක්තිමත් ලෙස සහ පැහැදිලිව තිබුනත්,තවමත් මේ නීතිවිරෝධී ඇතුලු වන්නන්ට එරෙහිව නීටිය ක්‍රියාත්මක කර ඔවුන් අත් අඩංගුවට ගත් බවක් දැන ගන්නට නැත​.

එසේනම්,ඉන් පැහැදිලි වන්නේ නීතිය ක්‍රියාත්මක නොවන සංධර්භයක් තුල කොතෙක් ශක්තිමත් පරිසර නීති තිබුනත්,ඒවා අකර්මන්‍ය වන බවයි.එම තත්ව යටතේ නීති සංශෝධනය මෙන්ම දන්ඩන සහ වරදවල් වැඩි කරන ලෙස ඉල්ලීම් කිරීමත් නිරර්ථක මෙන්ම විකාරරූපී වනබවත් කිව යුතුමය​.

  • Save
  • Save
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap