Opinion

ලෝක සත්ව දිනය

Summary

අලි, කොටි, ව්‍යාඝ්‍රයන් වගේ ලොකු හාදයන්ගෙ වඳවීම් ගැන අපි කථිකාවත් ඇති කරාට මිත්‍රවරුනි විනාඩි හයකට පාරක් ජීවී විශේෂයක් මේ වෙද්දි නශ්ඨවීම් වෙනවා. ඒ කියන්නෙ මේ පෝස්ට් එක කියවලා ඉවර වෙද්දි එක ස්පීශීස් එකක් ඉවරයි. ඉවරයි කියන්නෙ නැත්තටම නෑ.

අද, ඒ කියන්නෙ ඔක්තෝබර් 4 වෙනිදාට පාරිසරික දින දර්ශකයේ යෙදිලා තියෙන්නෙ “ලෝක සත්ව දිනය” (World Animal Day).. කිහිප තැනකම දැක්කා දාලා තියෙනවා “ලෝක වනසත්ව දිනය” කියලා. වැරදී..! ලෝක වනසත්ව දිනය යෙදෙන්නෙ මාර්තු 3 වෙනිදාට. මේ දෙකේ වෙනස තමයි ලෝක වනසත්ව දිනයෙදි සියළු වනසතුන් සැමරෙන අතරේ ‘ලෝක සත්ව දිනය’ සියළු සතුන් සැමරෙන දිනය බවට පත්වෙනවා. ඒ කියන්නෙ වනසතුන් පමණක් නොව ගෘහාශ්‍රිත , කෘශිකාර්මික ආදී සියළු සතුන්. ඔය දෙක වෙනස් නිසා ඒ වෙනස මුලින් දැනගෙන සිටිය යුතුයි.
මගේ විෂය පථය වනසතුන් නිසා ඔවුන්ට අදාලව අද දිනය ගැන යමක් ලිව්වොත් ප්‍රධානම මාතෘකාව වෙන්නෙ වඳ වී යෑම්. වඳව යෑම් එහෙම නැත්තන් නශ්ඨවීම් පෘථෘවි ජීවි ඉතිහාසයේ සෑහෙන්න සිදුවෙලා තිබෙනවා. පර්මියන් නශ්ඨවීම් සලකා බැලුවම පෘථෘවි ජීවයෙන් 95% විනාශ වුනා. මේක පෘථෘවි ජීව ඉතිහාසයේ භයානකම හෝරාව (හෝරාව ලිටරලි ගන්න එපා හොඳේ) විදිහටත් හඳුන්වනවා. නමුත්…මේ නශ්ඨවීම් දාමය තුල ඉතිරි ජීවීන්ට අලුත් පරිසර තත්වයන්ට හැඩගැහෙන්න කාලයක් ඉතුරු වුනා. මේ ටයිම් ගැප් එක ඉතාමත් වැදගත්. වෙනස්වෙන පාරිසරික පරාමිතීන් එක්ක මේ කාලය අතරතුර ජීවය අනුවර්තනය වුනා.

අපි දැන් ඉන්නෙ සය වෙනි මහා නශ්ඨවීම් දාමය තුල. මෙිකෙ වෙනස තමයි කලින් තිබ්බ පහ ස්වාභාවික හේතුන් මත ඇති වුනාට හය වෙනි එක ට්‍රිගර් කරලා තියෙන්නෙ අපි (හෝමෝ සේපියන්ලා). දැන් වැඩේ තවත් බරපතල වෙන්න හේතුව තමයි අනිත් නශ්ඨවීම් පහ ඉතිරි ජීවිනට අනුවර්තනය වෙන්න කාලයක් ලබා දුන්නත් අපි මේ ඇති කරලා තියෙන මානව කේන්ද්‍රීය නශ්ඨවීම් දාමය එහෙම ජීවීන්ට ඇඩෑප්ට් වෙන්න කාලයක් දෙන්නෙ නෑ. ඒ කියන්නෙ සිස්ටම් එකෙන් සම්පූර්ණ ලොස්ට්. අලි, කොටි, ව්‍යාඝ්‍රයන් වගේ ලොකු හාදයන්ගෙ වඳවීම් ගැන අපි කථිකාවත් ඇති කරාට මිත්‍රවරුනි විනාඩි හයකට පාරක් ජීවී විශේෂයක් මේ වෙද්දි නශ්ඨවීම් වෙනවා. ඒ කියන්නෙ මේ පෝස්ට් එක කියවලා ඉවර වෙද්දි එක ස්පීශීස් එකක් ඉවරයි. ඉවරයි කියන්නෙ නැත්තටම නෑ.

ඒක එහෙම තියෙද්දි ඕශන් ඇසිඩිෆිකේශන්, සාගර ආම්ලීකරණය දරුණුවටම වෙමින් පවතිනවා. විමෝචනය වෙන CO2 ප්‍රමාණය සර්ෆේස් එකෙන් ඇබ්සෝර්බ් කරගන්න මුහුද ආම්ලික බවට පත්වෙනවා. කෙමිස්ට්‍රි දන්න ලමයි දන්නවා ඇති Co2+ H2O + කාබනේට් අයන = බයිකාබනේට් අයන දෙකක් වෙන සූත්‍රය. ආන් ඒක තමා මේ වීගෙන යන්නෙ. ඒම වුන ගමන් කවච නිපදවන සාගරවාසීන් කොරල්, ෆොරමිනිෆෙරාවන්, මොලුස්කාවන්, පයිටෝප්ලෑන්ක්ටොන් විශේෂ සමහරකගෙ ගේම් එක ක්ලෝස් වෙනවා. ඒ කියන්නෙ එයාලට කවච නිපදවන්න බෑ. එහෙම වුනාම මුහුදේ සිස්ටම් ෆේලියර් එක එන්න තව ලොකු කාලයක් ඉතුරු වෙලා නෑ. ඒ කියන්නෙ ජීවයෙන් තොර මල මුහුදක් තමයි පරම්පරා කිහිපයකින් පස්සෙ අපිට ඉතුරු වෙන්නෙ.
ලංකාවේ තියෙන ‘ජාතික ප්‍රශ්න’ තරම් මේවා වැදගත් නැති බව ඇත්ත. ඒත් ඉතින් දන්නැති අයට නිකන් අහලා තියාගන්න ලිව්වෙ. ඒම වුනාම ජාත්‍යන්තර සත්ව දිනයක් සමරන්න ගොඩක් වෙලාවට තව පරම්පරා කිහිපයකින් ඉතුරු වෙන්නෙ ගෙදර ඇතිකරන එවුනුයි, ෆාම් සත්තුයි තව කිහිපයකුයි විතරයි.

එහෙමනන් බැති සිතින් ලෝක සත්ව දිනය සමරමු !

Leave a Reply

Your email address will not be published.