Opinion

වන සංහාරය, විධායකය, නිලධාරීන් සහ ගම්වැසියෝ

Summary

මම පුදුම වෙන්නෙ නෑ මේ යන විදිහට ඔය ගම්වැසියොම ප්‍රාදේශිය දේශපාලඥයන් විසින් තමන්ගෙ විවිධ කූට අරමුණු වෙනුවෙන් මෙහෙයවනු ලැබීමෙන් පසු වන නිළධාරීන් සහ වනජීවී නිළධාරීන්ගෙ ජීවිතවලට තර්ජනය වෙන තැනට ආවොත්.

  • Save

මේ පාලනය පත්වුන දවසේ ඉඳන් ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොදුටු තරම් වන සංහාරයකට මඟ පාදලා තියෙනවා කියන කතාව ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ නිසා ඉදිරියේදි මතුවන පාරිසරික අර්බුධ වගේම සීමිත සම්පත් සහ සීමිත අවි බලයක් සහිතව ලංකාවේ වැඩිම භූමි ප්‍රමාණයක ආරක්ෂාවට වගකියන දෙපාර්තමේන්තුවල නිළධාරීන්ට සිය වගකීම් ඉටුකිරීමේදි මුහුණ දෙන්නට වෙන නව අර්බුධ රාශියක් මේ වෙද්දි මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරගෙන යනවා. එක් පැත්තකින් වන ජාවාරම්කරුවන්, තක්කඩි දේශපාලඥයන් එක්ක හැප්පෙන්න වෙලා තියෙන මේ නිළධාරීන් දැන් අනිත් පැත්තෙන් බිත්තියටම හිර කරගෙන යනවා රක්ශිත භූමි තුලින් වගාව සඳහා ඉඩම් නිකුත් කරන්න කියලා උපදෙස් දිදී ගමින් ගමට යද්දි. මේක මේ හරි සරල සිද්ධියක් වගේ පෙනුනට මේ නිළධාරීන්ට තමන්ගෙ රාජකාරිය ඉටුකිරීමේදි ප්‍රදේශයේ සාමාන්‍යය ජනතාවත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා උසිගන්වනු ලැබීමේ ප්‍රතිවිපාක ඉතාමත් නොබෝ දිනකින් අත්විඳීමට සිදුවෙන බව පේනවා.

ලංකාවේ ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා තීන්දු තීරණ ගන්න ප්‍රධාන අමාත්‍යංශ, දෙපාර්තමේන්තුව, තාක්ෂණික කමිටු, ක⁣ශේත්‍රයේ වියතුන්, භූමියේ අත්දැකීම් සියල්ලේම එකතුවක් විදියට රක්ශිත සීමා ලෙස යම් ප්‍රදේශයක් ගැසට් ගතවෙන්නෙ කාගෙවත් ඕනෑ එපාකම් වලට නෙවෙයි යම් පිළිගත් නිර්ණායක මත. එහෙම ගැසට් වෙලා GPS ඛණ්ඩාංක වලින් සීමා නීර්ණය කරලා අදාල දෙපාර්තුමේන්තුවලට මේ භූමි සීමා ආරක්ෂා කරන්න කියලා රටේ මිනිස්සු හැමෝගෙම බදු මුදල් වලින් ක්‍රියාත්මක කරවන්නෙ සමස්ථ රටක පරිසරයේ තිරසර පැවැත්ම සඳහා පවතින අවශ්‍යතාවන්. ඒ ඔක්කොම එහෙම වෙද්දි පරිසරය ගැන මෙලෝ අලබෝලයක් නොදන්න තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ වැඩකරපු පොරක් ජනාධිපති වෙලා ගමෙන් ගමට ගිහින් ‘ආ මෙයාලට ඒවයෙ වගා කරන්න දෙන්න’ කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල සංදර්ශන දාද්දි නිකමට හිතන්න ආයේ අර දෙපාර්තමේන්තු නිළධාරීන් රෙද්දක් ඇඳන් තමන් වගකියන සීමාව ආරක්ෂා කරන්න යන්නෙ කොහොමද කියලා.

තමන් ජනතාවගේ පැත්තෙ, ජනතාවට සවන් දෙනවා, ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා පෙන්නන්න ඉතාමත් අදූරදර්ශි, මරි මෝඩ දේශපාලනික සංදර්ශන වේදිකාගත කරලා රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්තිවලට විනාඩි 7 විතර ගුවන් කාලසීමාවකට ගැලපෙන ස්වයංවින්දනය වෙනුවෙන් අර උඩින් කිව්ව මුළු රටක සමස්ථය වෙනුවෙන් යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ සකස්වෙලා තිබුනු පද්ධතිය බිමට සමතලා කරලා දානවා.

මම පුදුම වෙන්නෙ නෑ මේ යන විදිහට ඔය ගම්වැසියොම ප්‍රාදේශිය දේශපාලඥයන් විසින් තමන්ගෙ විවිධ කූට අරමුණු වෙනුවෙන් මෙහෙයවනු ලැබීමෙන් පසු වන නිළධාරීන් සහ වනජීවී නිළධාරීන්ගෙ ජීවිතවලට තර්ජනය වෙන තැනට ආවොත්. ඒ වගේ ප්‍රශ්න එක්ක බලද්දි රේවත වගේ ඇතෙක් මැරිලා වැටෙන එක ඇත්තටම මේ රටේ නොගිනිය හැකි තරම් සුළු පාරිසරික ගැටලුවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap