COLUMN

වහල්ලු

Summary

තමන්ව විවේචනය කරන අයට ජනතා විමුක්ති පෙරමුණේ අය කියන්නේ “වහල්ලු” කියලා.

තමන්ව විවේචනය කරන අයට ජනතා විමුක්ති පෙරමුණේ අය කියන්නේ “වහල්ලු” කියලා. ඒත් ඒ අය තරම් පක්ෂයක් බදාගත්ත “නිවහල්” පිරිසක් මේ සිරිලංකාවේ තවත් නැතුව ඇති.
මම මුලින් ම ඡන්දය දුන්නේ 1991 අවුරුද්දේ පවත්වපු ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී. ඊට පස්සේ ඡන්දය දුන්නේ 2010 ජනවාරි මාසයේ පවත්වපු ජනාධිපතිවරණයේ දී.

පුද්ගලයෝ, පක්ෂ මුල් කරගෙන ඡන්ද දෙන සිරිතක් මට නෑ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා මම හිතනවා. ඒ වගේ ම, අපිට ගැලපෙන ක්‍රමයක් හදාගන්න ඕන කියලත් මම හිතනවා. මේ දවස්වල ලියන “බෞද්ධ ජනරජ ප්‍රවාදය” ලිපි පෙළින් මම ප්‍රකාශ කරන්නේත් එහෙම වෙනසක් වෙනුවෙන් තියෙන බලාපොරොත්තුව.

ජනතා විමුක්ති පෙරමුණේ අයට එහෙම බලාපොරොත්තු නෑ. නායකයෝ කියන ඕන දෙයක් ඒ අය කරනවා. නායකයෝ කියන දේවල් ප්‍රශ්න කරන්නවත් ඒ අය කැමැති නෑ. කවුරු හරි ඒ දේවල් ප්‍රශ්න කළොත් එහෙම අයට එළවා එළවා පහරදෙන්න මේ සුවච කීකරු පිරිස පසුබට වෙන්නේ නෑ.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.