Opinion

විග්නේෂ්වරන්ට පිළිතුරක් 2- මෙගලිතික සුසානවල කර්තෘත්වය දෙමළකරණය කිරිම

Summary

දෙමළ මිනිසෙකු යුරෝපීය ඇදුමක් ඇදි පමණින් ඔහු යුරෝපීයයකු වේ ද? සංස්කෘතික අනුකරණය එකකි. අනන්‍යතාව තවෙකකි.

මෙගලිතික
මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන

දශක කිහිපයක සිට පුරාවිද්‍යාඥයන්ගේ අවධානය මෙගලිතික නමින් හදුන්වනු ලබන සුසාන සංස්කෘතියක් කෙරෙහි යොමුව පවතී. මහාශිලා පුවරු උපයෝග ත්‍කාටගෙන තැනූ සුසාන ඉන් අදහස් වෙතත් ඒ මහාත්වය සැම විටෙක ම සාධාරණ නිර්ණායකයක් නොවේ. ලංකාවේ ද හැටකට අධික ක්ෂේත‍්‍ර සංඛ්‍යාවක් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන අතර ඉන් අතිබහුතරය ශිලා මංජුසා වර්ගයට අයත් වෙයි.

යාපන අර්ධද්වීපය, වයඹදිග කලාපය, උතුරුමැද පළාත, මධ්‍ය කදුකර උස්බිම්වල නැගෙනහිර බෑවුම් ප‍්‍රදේශය සහ ගිණිකොන දිග වෙරළබඩ ප‍්‍රදේශය එම ක්ෂේත‍්‍රයන්හි ව්‍යාප්තවීමේ භෞමික අවකාශයට අයත් ය.

මංජුසා සුසාන හැරුණු විට බරණි සුසාන, ගල්මැසි සුසාන, ස්ථම්භ
සුසාන, මැටි ඔරු සුසාන ආදිය පිළිබද ව ද පුරාවිද්‍යාත්මක සාදක පවතී. මේ සුසාන මුල් දෙමළ ජනතාව විසින් නිර්මාණය කරන ලද ඒවා බවත්, ඒ අනුව ඒවා ව්‍යාප්තික ප‍්‍රදේශ දෙමළ ජනාවාසවලට අයත් වන බවත් ද්‍රවිඩ ඊළාම් සිහිනයේ නිමග්න වූවන්ගේ එක් අදහසක් විය.

මෙගලිතික සුසාන ජනවර්ග සමග සම්බන්ධ කිරීමේ ප‍්‍රයත්න විසිවන සියවසේ පමණ සිට දක්නට ලැබුණකි. ඇතැමුන්ගේ මතය වූයේ මේවා උතුරු ඉන්දීය ආර්ය ප‍්‍රභවයකින් යුතු වන බවයි. දෙමළ ප‍්‍රභවය ඊට ප‍්‍රතිපක්ෂ ලෙෂ ගොඩනංවන ලද ප‍්‍රවාදයකි. එහෙත් මේ සුසාන සංස්කෘතිය උතුරු ගංගා තැනිතලාවල සිට දකුණු ඉන්දියාව දක්වාත්, ලංකාවේ බහුතර භූ කලාපවලත් ව්‍යාප්තව ඇති බව අමතක නොකළමනා ය. තවදුරටත් ග‍්‍රීසියේ සිට පෙරදිග දක්වා වූ කලාපයේ ද මෙගලිතික සුසාන දක්නා ලැබේ. යාපන අර්ධද්වීපයේ කරෙයිනගර්, කන්තරෝෙඩෙ, තෙක්කම් වැනි තැන්වලින් ලද පූර්ව ඓතිහාසික සුසාන සාධක එම කලාපය දෙමළ නිජබිමක් සමග සම්බන්ධ කරනු පිණිස සාක්ෂ්‍ය වේ යැ යි කල්පනා කළවුන්ට මේ පොදු බව අමතක විය. එය මතක් වූ විට තවත් සිද්ධාන්තයක පිහිට ලබා ගැනීමට උත්සහ කෙරිණි. එනම් දෙමළ සරණාගතයින්ගේ සංක‍්‍රමණික රටාව මේ සුසාන ව්‍යාප්තික කලාපය මගින් හදුනාගත හැකි බවයි.

ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් මේ මතවාද නිර්මාණය කළවුන්ට ඒ සුසානවල පැවැති තැන්පතුවල ද්‍රවිඞීයභාවයක් සනාථ කිරීමට මෙතෙක් හැකියාව ලැබී නැත. ලංකාවේ තෙත් කලාපයේ සුසාන ක්ෂේත‍්‍ර හමුව ඇත්තේ ඉතා අවම වශයෙනි. මෙම ව්‍යාප්තවීමේ ස්වරූපය මුල් ඓතිහාසික ක්ෂේත‍්‍රයන්හි ව්‍යාප්තික අවකාශය සමග මැනැවින් ගැළපෙන සුළු ය.

උතුරුමැද ලංකාවේ ඉහළ කලා ඔය කලාපයේ මුල් යකඩ යුග ක්ෂේත‍්‍රයන්හි ස්ථානගතවීම පිළිබද සිදු කර ඇති අධ්‍යයන සලකා බලන විට, සිය ජනාවාස ස්ථානගත කිරීමේ දී අර්ථ ක‍්‍රමයේ පැවැත්ම තහවුරු කෙරෙන සාධක කෙරෙහි ඔවුන් වඩාත් උත්සුක වූ බව පැහැදිලි ය. කලාඔය නිම්නයෙහි යකඩ ක්ෂේත‍්‍ර ස්ථානගතව තිබුණේ කෘෂිකාර්මික තැනිතලාව සහ ඉහළ කදුකර කලාපය අතර ය. ඒවා විවිධ භූ භෞතික, ජෛව-දේශගුණික සහ සම්පත් කලාප දෙකක් නියෝජනය කරයි. තරමක් පසුකාලීන සාධක සහිත යාපන අර්ධද්වීපයේ සුසාන ක්ෂේත‍්‍ර වෙරළබඩ කලාපයේ පාරිසරික සම්පත් කෙරෙහි කේන්ද්‍ර වූ අර්ථක‍්‍රමයක් සමග බද්ධ ව පැවැති බව හෙළි වී තිබේ.

සුසාන තැන්පතු මගින් සොයා ගන්නා ලද පොහොසත් සාගරික ද්‍රව්‍ය පිළිබද අවශේෂ මගින් ඒ බව සනාථ කෙරේ. එහෙත් උතුරුමැද පළාත තුළ විශේෂයෙන් හොරොව්පතාන සමීපයේ ඇති කොක්ඇබේ, ගුරුගල්හින්න, දිවුල්වැව ආදී ක්ෂේත‍්‍ර -ඒවායේ කාලය නිශ්චිතව කිව නොහැකි මුත්- කෘෂිකාර්මික හැකියාව මත ස්ථානගත වූ බව සිතීමට ඉඩ තිබේ. මේ කවර ක්ෂේත‍්‍රයක් වුව ද බහුතර ශිලාමංජුසා සුසාන සංස්කෘතියක් මගින් නියෝජනය කරන පොදු බවකින් යුතුව එහෙත් ව්‍යාප්තික, බරණි, වල ආදී අවශේෂ සුසාන ක‍්‍රම ද පෙන්නුම් කරමින් මරණින් මතු ජීවිතය සහ පෞරාණිකත්වය පිළිබද වන ස්මරණය සහ ඇගයීම පිළිබද කල්පයන්ගෙන් ඒකාබද්ධ ව පවතී.

දකුණු ඉන්දියාවේ මෙගලිතික සුසාන ව්‍යාප්තිය, ආකෘති හා තැන්පතු උතුරු පළාතේ සුසාන සමග ගැළපීමෙන් ඒවායේ කර්තෘත්වය දකුණු ඉන්දීය සංක‍්‍රමණිකයන්ට පැවරිය නොහැකි ය. ඊට පෙර එතරම් ඈත කාලයක දී දකුණු ඉන ්දියාව ද්‍රවිඩකරණය වී තිබූ බවත්, වෙනත් ජනවර්ගයක් විසින් ඒවා ඉදි නොකරන ලද බවත්, යාපන අර්ධද්වීපය දෙමළකරණයකට ලක්ව තිබූ බවත් සනාථ කර පෙන්විය යුතු ය. ඇතැම් සංස්කෘතික ලක්ෂණවල පොදු බව විශ්වසාධාරණ ලක්ෂණයකි. එපමණෙකින් ඒකීය සංස්කෘතියක් පිළිබ ද අදහසක් ඉස්මතු කළ හැකි නොවේ.

දෙමළ මිනිසෙකු යුරෝපීය ඇදුමක් ඇදි පමණින් ඔහු යුරෝපීයයකු වේ ද? සංස්කෘතික අනුකරණය එකකි. අනන්‍යතාව තවෙකකි.

විග්නේෂ්වරන්ට පිළිතුරක් 1 – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *