විප්ලවේ දුරයි ! – Gammiris
Opinion

විප්ලවේ දුරයි !

Summary

JVP නොවන දේශපාලන මතවාද දරන්නන් “වහල්ලු” වන අතර පුත්තලමේ සිට ගඩොල් පුච්චා අතින් වියදම් කරං JVP පක්ෂ මුලස්ථානයටඑවන්නන් “සහෝදරයෝ” වේ.

  • JVP නොවන දේශපාලන මතවාද දරන්නන් “වහල්ලු” වන අතර පුත්තලමේ සිට ගඩොල් පුච්චා අතින් වියදම් කරං JVP පක්ෂ මුලස්ථානයටඑවන්නන් “සහෝදරයෝ” වේ.
  • JVP නොවන දේශපාලනඥයන්ට ලැබෙන තෑගි “අල්ලස්” වන අතර JVP නායකයන්ට ලැබෙන තෑගි “උපකාර” වේ.
  • රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම “නිදහස් අධ්‍යාපනයේ මළගම” වන අතර JVP නායකයන් ගේ දරුවන් පෞද්ගලික  විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම “අධ්‍යාපනයේ සම අවස්ථා ලැබීම” වේ.
  • JVP නොවන දේශපාලන මතවාදයන් දරන භික්ෂූන් වහන්සේලා “කහකඩයන්” වන අතර JVP සමුළුවට එන භික්ෂූන් වහන්සේලා “සුපේක්ෂල  ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා” වේ.
  • වෙනත් පක්ෂවලට සහය දෙන උගතුන් “කඩේ යන්නන්” වන අතර JVPයට සහය දෙන උගතුන් “විද්වතුන්” වේ.
  •  රාජ්‍ය ආයතනවලට ආණ්ඩුව පත්කළ තනතුරු දරන්නන් “හෙංචයියන්” වන අතර JVPයට මුදල් වියදම් කළ ඊබ්‍රාඃහිම් නානා ජාතික  ලැයිස්තුවට දැමීම “සුදුස්සාට සුදුසු තැන දීම” වේ.
  • JVP නොවන දේශපාලන ලිපි ලියන්නන් “කුලී ලියන්නෝ” වන අතර JVP‍ය වෙනුවෙන් ලිපි ලියන්නන් “දාර්ශනිකයෝ ” වේ.
  • වෙනත් රටවලින් ණය, ආධාර ගැනීම “හිඟාකෑම” වන අතර JVP නායකයන් පාක්ෂිකයන්ගෙන් පිනට යැපීම “අභිමානය” වේ.
  • වෙනත් පක්ෂවලට සහය දෙන රංගන | ගායන ශිල්පීන් “නලාකරුවෝ” වන අතර JVPයට සහය දෙන රංගන | ගායන ශිල්පීන් “ප්‍රතිභාපූර්ණ කලාකරුවෝ ” වේ.
  • වෙනත් පුද්ගලයන් ගස් කැපු විට “ඔක්සිජන් හිඟ වෙන” අතර මහියංගනේ JVP සහෝදරයන් ගස් කපා පක්ෂ මුලස්ථානයට එවූ විට ” ඔක්සිජන් වර්ධනය” වේ.
  • අනෙකුත් දේශපාලනඥයන් කියනා මුසාවාද “බොරු” වන අතර JVP නායකයා කියනා බොරු “පරම සත්‍ය” වේ.
    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි,

3% යි,  විප්ලවේ දුරයි !

Leave a Reply

Your email address will not be published.