කිං බානට් කොලම

විරෝධ විනෝදය

Summary

Share via: Facebook Twitter LinkedIn Email Copy Link පුතානෝ ගොංපාට් විරෝධතාවයක.කිංබානට්තුමා ඒ විරෝධතාව බලන්න ගියා.ඔන්න එතකොට මිනි කූපර් එකක් ඇවිත් කිංබානට්තුමා ළග නතර කළා.ඒකෙන් බැහැලා ආවේ පුතානෝ.” කොහොමද අපේ ගොංපාට් විරෝධතාව ….? “පුතානෝ ඇහුවා.” චේන්ජ් එකකටත් එක්ක හොඳයි….”කිංබානට්තුමා එහෙම උත්තර […]

  • Save

පුතානෝ ගොංපාට් විරෝධතාවයක.
කිංබානට්තුමා ඒ විරෝධතාව බලන්න ගියා.
ඔන්න එතකොට මිනි කූපර් එකක් ඇවිත් කිංබානට්තුමා ළග නතර කළා.
ඒකෙන් බැහැලා ආවේ පුතානෝ.
” කොහොමද අපේ ගොංපාට් විරෝධතාව ….? “
පුතානෝ ඇහුවා.
” චේන්ජ් එකකටත් එක්ක හොඳයි….”
කිංබානට්තුමා එහෙම උත්තර දුන්නා.
” ඇයි එහෙම කියන්නේ …? අපි මේ නිරූපණය කරන්නේ පුපුරා හැලෙන ජනතා විරෝධය …”
පුතානෝ මිනි කූපර් එකට ඇලට් පාරක් දාන ගමන් කිව්වා.
” රෙද්ද තමයි…එතකොට අර කුරුඳු පොලු මංගල මඟුල් සූත්‍රයක් ගෙනැල්ලා හැම මාසෙම 10 වෙනිදට තෙල් මිල වැඩි කරන කොට ඔය විරෝධය කෝ… එහෙම නං හැම මාසෙම 10 වෙනිදට මේ විදියට වාහන පෙළපාලි යන්න තිබුනනේ….”
” බෑනේ…! එතකොට අපි යහපාලන ආණ්ඩුවේනේ….”
පුතානෝ ප්ලැකැනිල් ඕවර්ඩෝස් වෙලා වගෙ ඇඹරුනා.
” මේ විරෝධතාවත් හරියට හැමදාම හැම් බේකන් ගිලලා එක දවසකට විතරක් වෙජිටේරියන් වෙච්ච එකෙක් වගෙ….”
කිංබානට්තුමා පුතානෝ නෝන්ඩි කරලා දැම්මා.
” ඇයි එහෙම කියන්නේ …? “
පුතානෝ ෆුල් නස්පුක්.
” හැමදාම ජනතා බදු මුදලින් ප්‍රාඩෝ, බෙන්ස් , බී.එම්.ඩබ්ලිව්., අවුඩි අරන් යන පොරවල් එක වරුවකට විතරක් අත් ට්‍රැක්ටර් , බැකෝ, ත්‍රීවිල් , බට්ටෝ වල යනවා….
නිකං චේන්ජ් එකකට වගේ….අවුලක් නෑ ….
මේ වගෙ ගොං පාට්වලට චූන් වෙන ටොයියෝ මේ පැත්තේ ඉන්නවා…
බයියෝ අර පැත්තේ ඉන්නවා….”
කිංබානට්තුමා එහෙම කිව්වාම පුතානෝ ගේ සිකියුරිටි එක ඇවිල්ලා පුතානෝව හතරට නවලා මිනි කූපර් එක ඇතුළට එබුවා.
” එක වාහනයක් මේ පෙළපාලියේ නෑ නේද…? “
මිනි කූපරේ ස්ටාට් කරන අතරේ කිංබානට්තුමා කිව්වා.
“ ඒ මොකක්ද නැති වාහනේ …? මෙතන හැම වාහනයක්ම තියෙනවානේ…”
පුතානෝ ආපහු අඥ්ඥකොරොස්.
” මෙතනට හර්ස් එකක් අඩුයි…ඒක තිබ්බා නං ඔහොම්මම දේශපාලන අවසන් ගමනත් යන්න තිබුනා….”
කිංබානට්තුමා එහෙම කිව්වාම පුතානෝ ගේ මිනි කූපර් එක පිඹගෙන ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap