COLUMN

විවිධ කන්

Summary

තථාගතයාණන්වහන්සේ විසින් දේශිත එක් සඤ්ඤා සූත්‍රයක් සංයුක්ත නිකායේ ධාතු සංයුත්තයේ තියෙනවා. ඒ දේශනාවේ මුල් භාගයේ තමයි මේ සඳහන තියෙන්නේ.

තථාගතයාණන්වහන්සේ විසින් දේශිත එක් සඤ්ඤා සූත්‍රයක් සංයුක්ත නිකායේ ධාතු සංයුත්තයේ තියෙනවා. ඒ දේශනාවේ මුල් භාගයේ තමයි මේ සඳහන තියෙන්නේ.
“මහණෙනි, ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ (තෘෂ්ණාවන්ගේ) නානත්වය ඇතිවේ. ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ (ආශාවෙන් දැවෙන ස්වභාවයන්ගේ) නානත්වය ඇතිවේ. පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ (සෙවීම්වල) නානත්වය ඇතිවේ.”
පහුගිය දවසක A ස්වාමීන්වහන්සේ විසින් C ස්වාමීන්වහන්සේට දුරකථනයෙන් බැනවැදීම (දෙවැනි හඬපටය) මුල් කරගෙන ඇතිවෙලා තියෙන සංවාදයටත් මේ කාරණය අදාළයි.
“දැන් තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ශාසන සම්ප්‍රදායයන් නෙවෙයි” කියලා A ස්වාමීන්වහන්සේ කියනවා. ඒකට පිළිතුරු වශයෙන් C ස්වාමීන්වහන්සේ කියන්නේ “ධර්මය කාලයෙන් විමුක්තයි” කියලා.
ඒ “සංවාදයේ” ස්වභාවය අනුව C ස්වාමීන්වහන්සේට A ස්වාමීන්වහන්සේ කියපු කාරණය ඇහුණේ නෑ කියලා හිතන්න පුළුවන්. මෙතැන තියෙන්නේ කාරණා දෙකක්.
1. ශාසනික සම්ප්‍රදායයන්.
2. ධර්මය
ශාසනික සම්ප්‍රදායයන් කියන ඒවා කාලයෙන් කාලයට වෙනස්වෙනවා. රටින් රටටත් වෙනස්වෙනවා.
හැබැයි ධර්මය අකාලිකයි.
මේ “උණුසුම් සංවාදය” රස විඳපු අය විවිධ විදිහට තමන්ගේ ප්‍රතිචාර දක්වනවා. මේ සමඟ පළකරලා තියෙන රූපයේ දැක්වෙන්නෙත් එහෙම අදහසක්.
මේ කියන හැදෑරීමේ ප්‍රතිඵලය මොන වගේ එකක් වෙයි ද?

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *