Opinion

විශ්ව විද්‍යාලයක කුලපති ධූරය ට භික්ෂූන් වහන්සේ නමක් නම් කිරීම කිසිසේත්ම ප්‍රශ්නයක් නොවේ.

Summary

එසේනම් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය ට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ව පත් කිරීම වැරදි වන්නේ කෙසේද?
එය වැරදි වන්නේ උන්වහන්සේ වෘත්තීය සමිති නායකයෙකු ද එසේම ඉතාමත්ම විවාදාපන්න දේශපාලන මත ප්‍රකාශ කරන හා විවෘතවම පක්ෂ දේශපාලනයෙහි සක්‍රීයව සිටින ස්වාමීන් වහන්සේ නමක ද වන බැවිනි. උදේ වරුවේ දී කර්කශ දේශපාලන විවාදයක පැටලී සිට හවස් වරුවේදි ගාම්භීර උපාධි ප්‍රදානෝත්සවයක මුලසුන දැරීම එතරම් ගැළපෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ වන විටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ව සිටින්නේ භික්ෂූන් වහන්සේ නමකි. එනම් ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ය. ඊට පෙර අපේ කුලපතිව වැඩ සිටියේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ය. පසුගිය සතියේ අපවත් වූ වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ කැලනියේ කුලපතිව සිටියහ. එසේම වෙනත් ආගමික පූජකවරයකු පත්කිරීම ද වරදක් ලෙස සැලකී නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ මෙතෙක් සිටි කුලපති වන්නේ ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු තුමන් ය. මේ කිසිවෙකුට කිසිවෙකු විසින් හෝ විරුද්ධ වූ බවක් මා දන්නේ නැත.
එසේනම් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය ට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ව පත් කිරීම වැරදි වන්නේ කෙසේද?
එය වැරදි වන්නේ උන්වහන්සේ වෘත්තීය සමිති නායකයෙකු ද එසේම ඉතාමත්ම විවාදාපන්න දේශපාලන මත ප්‍රකාශ කරන හා විවෘතවම පක්ෂ දේශපාලනයෙහි සක්‍රීයව සිටින ස්වාමීන් වහන්සේ නමක ද වන බැවිනි. උදේ වරුවේ දී කර්කශ දේශපාලන විවාදයක පැටලී සිට හවස් වරුවේදි ගාම්භීර උපාධි ප්‍රදානෝත්සවයක මුලසුන දැරීම එතරම් ගැළපෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත.
අනෙක් අතට පසුගිය මාස කිහිපය පුරා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඉතා දැඩිව ආණ්ඩුව විවේචනය කළහ. ඒ සමගම දැන් මේ තනතුර ලැබී ඇත. ඒ නිසා මෙය අඬන ළමයාට සීනි බෝලයක් දුන්නා වැනි දෙයක් යැයි කාට හෝ පෙනෙන්නට පුළුවන.
කුලපති සහ උපකුලපති කම් යනු කොහොමටත් දේශපාලන පත්වීම් බව සැබෑය. එහෙත් අපගේ පෘතග්ජන ස්වභාවය වන්නේ ඒවා එසේ නොවේ යැයි හිත හදා ගැනීමය. ලෝකයේ බොහෝ උතුම් ආයතනවල ගරු ගාම්භීරත්වය සුරක්ෂිත වී ඇත්තේ මෙබඳු ස්වයං වංචාවන්ට බාධාවක් නොවන පරිද්දෙන් ඒවා ක්‍රියාත්මක වන නිසාය. කරඬුවක් සේ වන්දනාමාන කළ යුතු දෙයක් යැයි අප විසින්ම හිත රවටා ගෙන ඇති දෙයක් මෙසේ සීනි බෝලයක මට්ටමට වැටීම දුහුනන් වන අපගේ හද රිදවන සුළුය.

Leave a Reply

Your email address will not be published.