විසිවෙනි තොයිලේ
Summary
සේරම වැඩ වෙන්නෙ නිකං රුයිතෙට වගෙ. ඒ නිසා කිංබානට්තුමා මේ ගැන අහන්න BR ව හමිබුවෙන්න ගියා.

කිංබානට්තුමා 20 තොයිලේ බලන්න ගියා.
යූ.එන්.පී. , ජේ.වී.පී., මුස්ලිම් කොන්ග්රස් ,
ටී. එන්.ඒ., එන්.ජී.ඕ. සේරමලා එකතු වෙලා රටට කෙළවන්න ගෙනාපු 19, තුනෙන් දෙකේ බලයකින් 22 වැනිදා වෙනකොට පරාජයට පත් වුණා.
සජිත් ගේ මූණ ප්ලැකැනිල් වෙලා.
ලප කුමාර ගේ මූණ පුංචි අම්මා වෙලා.
හකීම් ගේ මූණ හිකැස් වෙලා.
සුමන්තිරන් ඉන්නේ හරියටම සමන්තුරේ ඉඳන් කොළොම්පුර්වලට පයින් ආපු ගානට.
19 ට පක්ෂව ජන්දේ දීපු සමහරු 20 ට පක්ෂවත් ජන්දෙ දීලා.
19 ගෙනාපු රනිල් ගෙදර යවලා.
19 ට අත්සන් කරපු සිරිසේන වේලාසනින් ගෙදර ගිහිල්ලා .
20 ට විරුද්ධව කෑගහපු විජේදාසත් 20 ට පක්ෂව ජන්දෙ දීලා.
සේරම වැඩ වෙන්නෙ නිකං රුයිතෙට වගෙ.
කිංබානට්තුමා මේ ගැන අහන්න BR ව හමිබුවෙන්න ගියා.
” ඔබතුමා තාම ද්විත්ව පුරවැසියෙක් නේද? “
කිංබානට්තුමා ඇහුවා.
” ඔව්”
BR කෙලින්ම කිව්වා.
” ඉතිං ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය අයින් කරගෙන පාර්ලිමේන්තුවට එන්න තිබුනානේ…”
කිංබානට්තුමා එහෙම ඇහුවම BR හිනාවෙලා මෙහෙම උත්තර දුන්නා.
” එහෙම තමයි මුලින් හිතාගෙන හිටියේ…ඒත්…”
” ඇයි ඒත් කියන්නේ …”
කිංබානට්තුමා මීටර් අවුල් ගිහිල්ලා ඇහුවා.
” ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය අයින් කරනවට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන එක ලේසියි බං…!”