විසි (නො) වන කෙටුම්පත් වස්තුව
Summary
“කොල්ල තෙප පියාණෝ මහාර්හ වූ කුලුගෙඩි රත්නයෙක් දෙපලුකොට ඉන් එක් පලුවක් රැගෙන් පෙර අපවෙත අවුත් එය අප හස්තියා වෙත පිදූහැ.”
එ දවස් වූ කලි සතරැස් නුවර රාජ රාජ මහාමාත්‍යාදීන් මෙහෙවින් තක්ක විතක්ක කෙරෙන සමයෙක්වියැ. ගොටු අභයානෝ සහ උන්ගේ සාචර තොමෝ යම් පත්තිරුවෙක් කෙටුම්පත් කොටැ මැති මැත්තන්ගේ රුචිය විමසන්නාහු චූල පෙම්දස් තෙමේ සිය සාචරයින් හා නේක දෝස දක්වමින් නානා විධ විතර්ක පමුණුවත්. අරුනදිස් තෙම උත්තර දක්ශිණ පිරික්සනයෙන් වාම දක්ශිණ දිශා සොයමින් අඹ ඇසූකල දෙල් පාන්නාක් මෙන් නේක කතායෙන් මේ කෙටුම්පත් පිලිබද බිනුම් කරත්. චෝල පාන්ඩ්ය යෝනකාදී න් ද චූල පෙම්දස් අනුවමැ බිනිත්.
ආශ්චර්යයකැ….. ඒ මහා කෙටුම්පත් හි මහා මැවුම් කරුවානෝ වූ ජයවඩන තෙම හුන් විමන් හැර සතරැස් නුවර පහල වියැ. පහලවූ සැනින් හාත්පස දිවැස්ලා විකුම්සිහ බෑනනු දැක උන් හට නේක පරුශාවාදයෙන් බිනුම් කොට චූල පෙම්දස් අභිමුවැ පෙනී සිටියහැ.
“හෙම්බා කොල්ල තා මා හදුනන්නෙහිදැ” යි විමැසූහ.
දැකුමෙන්මැ ත්‍රස්ථ වූ චූල පෙම්දස්සානෝ “නැතැ…. එමුත් සමීප මතකයක් ඇත්තේයැ.” යි චූල පෙම්දස්සෝ පැවසූහ.
“කොල්ල මා මෙනුවර මුල්ම සර්ව බලධාරී වූ ජයවඩන වෙමි. තොප පියාණෝ මා මොනවට දනිත්. තොපගේ කියුම් කෙරුම් කරණකොට උන් මා කැටුව මෙහි පැමිණීමට ලජ්ජාශීලී වෙයි” ජයවඩන තෙමේ රළුවැ පැවැසීය.
සංකා සිත් උපදවාලූ චූලපෙම්දස් තෙම “මපියාණ කුමක් නයින් ලජ්ජාවීද” ඇසූහ.
“කොල්ල තෙප පියාණෝ මහාර්හ වූ කුලුගෙඩි රත්නයෙක් දෙපලුකොට ඉන් එක් පලුවක් රැගෙන් පෙර අපවෙත අවුත් එය අප හස්තියා වෙත පිදූහැ. ඉදින් තෝ ද ඒ අනුවමැ අප හස්ති රාජයානන් ගේ පශ්චාද් භාගය ගලවා පලාගියාහු දැක උන් ලජ්ජාවෙයි” ජයෝඩන තෙමේ පැවසූහැ.
චූල පෙම්දස් බිම බලා මහපටින් දෙරණ සූරන්නට වියැ.
“කොල්ල මෙසමයෙහි මේ සතරැස් නුවර තර්ක විතර්ක කුමක් කරණයෙන්දැ” යි ජයවඩන තෙම ඇසීය.
“උතුමාණෙනි…. නුඹ දෑ විසින් කෙටුම්පත් කලාවූ මාහර්ග කෙටුම්පත් රත්නය අප වරින් වර එකුන් විසිඑක් විඩක් වෙනස් කලෙමු.ඉදින් මේ ගොටු අභයාණෝ විසිවන කෙටුම්පතෙක් ගෙන ඒ. අප එය හකුලුවාලන්නට වීර්ය කරන්නෙමු ” යි චූල පෙම්දස්තෙමේ පැවැසූහ
ජයවඩන තෙම මහහඩින් සිනාසී….”එම්බා කොල්ල….. ඉදින් ඒ කදිමයැ…. මා බිහිකලාවූ සර්වබලධාරී රාජ පදවිය යලි උට්ඨානය වන්නේයැ. කොල්ල මාගේ මහාර්ග කෙටුම්පත් එලෙසමැ පවතී. උන් විසිවන කෙටුම් පත් මගින් මාගේ මුල් කෙටුම්පත විසි නොවන කෙටුම්පතෙක් වන්නේයැ.” යි පවසා නොපෙනී ගියේයැ. චූල පෙම්දස් සිදුවූවක් නොවැටහී භිරාන්ත වියැ.
2. පලග වස්තුව