Opinion

වෙනස සැප ද?

Summary

වෙනස්වීම ලෝක ධර්මතාවයයි. වෙනස්වීමකට ලක්නොවූ කිසිදු දෙයක් හෝ කෙනෙකුන් මිහිපිට ඉඳ නැත. වර්තමානයේ ද නොවේ. මතුවටද බිහි නොවේ.

  • Save

🔺 සිෆිලිස් (Syphilis) නැමති ලිංගිකව සම්ප්‍රේෂණය වන සමාජ රෝගය වැළඳුන කාන්තාවක් දරුවන් අට දෙනෙකු වැදූ අතර ඉන් තුන් දෙනෙකු බිහිරි දරුවන් විය.තවත් දෙදෙනෙකු අන්ධ දරුවන් විය. ඉන් පසු මැය නමවන වරටත් ගැබ් ගත්තාය. ඇය නවවැනි දරුවා බිහි කළ යුතුද? ගබ්සා කළ යුතුද?

🔺මිතුරන් සමග කල්ලි ගසන, රාත්‍රිය සමාජ ශාලාවල ගත කරන, අඛණ්‌ඩව දුම් පානය කරන, දිනපතා මත්පැන් පානය කරන කාන්තාවන් කීපයක් සමග ලිංගික සම්බන්ධකම් පවත්වන, ජ්‍යෝතිෂය විශ්වාස කරන පුද්ගලයෙකු ඔබගේ රටේ නායකත්වය සඳහා පත් කර ගැනීමට සූදානම් ද?

🔺 පාසලේදී අබිං ගැසු, දහවල් වන තෙක් නිදා ගන්නා අලසයෙකු, කාන්තා ඇසුරට ලොල් වූ, මත්පැන් පානයට ලොල් වු, පුද්ගලයන් ගේ රැකියා අහිමි කොට වාර්තාවක් තැබු පුද්ගලයෙකු ඔබගේ රටේ නායකත්වය සඳහා පත්කර ගැනීමට ඔබ කැමතිද?

🔺කිසිදු අනියම් කාන්තා ඇසුරක් නොපවත්වා අවංක පෙම්වතෙකු වූ, ඉඳහිට යන්තම් බියර් පමණක් පානය කළ, දක්‍ෂ කථිකයෙකු වූ, දක්‍ෂ ලෙස සේනා සංවිධානය කළ හැකි, චොකලට් ආහාරයට ගැනීම විනෝදාංශය කරගත්, කුඩා කල පූජකයෙකු වීමට කැමැත්තෙන් සිටි අයෙකු ඔබේ රටේ නායකත්වය සඳහා තොරා පත් කර ගැනීමට සුදුසු යැයි ඔබ සිතන්නේ ද?

🔺 වයස දහතුනේදී විවාහ වුණ,වයස පහලොවේදී පියෙකු වුණ, බිරිඳට පහරදුන්, දරුවන්ට නොසැලකූ,කාන්තාවන් සමග නිරුවතින් ස්නානය කළ, තම රෝගී මරණාසන්න බිරිඳට ප්‍රතිකාර දීම වැළැක්වු, මුරණ්ඩු පුද්ගලයෙකු ජාතියේ පියා වශයෙන් හැඳින්වීමට ඔබ කැමතිද?

පහත සඳහන් මේ ප්‍රකට පුද්ගලයන්ගේ නම් ඔබ අසා තිබේ ද?

🔹බීතෝවන්

🔹ෆැරැන්ක්ලින් රූස්වෙල්ට්

🔹 වින්සන්ට් චර්චිල්

🔹ඇඩොල්ෆ් හිට්ලර්

🔹 මහත්මා ගාන්ධි

ඉහත සඳහන් පළමු කතන්දරයේ ගබ්සාවට ලක් කළ යුතු යැයි බහුතරයක් යෝජනා කළ එහෙත් මව විසින් මෙලොවට බිහි කළ දරුවා ලොව ප්‍රකට සංගීතඥ බීතෝවන් බවට පත්විය.

දෙවන කතන්දරයේ එන රස්තියාදුකාර කොල්ලා ඇමරිකාවේ වැඩිම කාලයක් ජනාධිපති ධූරය (1933-1945) හෙබවූ ෆැරැන්ක්ලින් රූස්වෙල්ට් ය.

තෙවන කතාවේ එන කම්මැලි ස්ත්‍රී ලෝලීයා නම් දෙවන ලෝක යුද්ධය ජයග්‍රාහී ලෙස මෙහෙය වූ  බ්‍රිතාන්‍ය අගමැති (1951-1955) වින්සන්ට් චර්චිල් ය.

හතර වැන්නේ එන පරමාදර්ශී පුද්ගලයා නම් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මරා දමා ලොව භීතියෙන් ඇවිලවූ ඇඩොල්ෆ් හිට්ලර් ය.

පස්වන කතාවේ එන බිරිඳට පහරදුන් පුද්ගලයා පසු කලෙක අවිහිංසා වාදයේ පියා ලෙසත් ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත් ඉන්දියානු ජනතාවගේ පියා ලෙසත් සැලකූ මහත්මා ගාන්ධි ය.

මුඩුක්කුවේ සාන්තුවරිය ලෙස විරුදාවලිය ලත් තෙරේසා මවු තුමියට ආසියාවේ විශාලතම රෝහල සෑදීමට තරම් ධනස්කන්ධයක් තිබුණ ද ඇය එසේ කළේ නැත. ඇය දිගින් දිගට දුප්පත් මුඩුක්කු ජනයා වෙනුවෙන් අඩු පහසුකම් සහිත රෝහල් වල ප්‍රතිකාර කළේ එය දෙවියන් වහන්සේ ගේ කැමත්ත යැයි සලකාය.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද නෙල්සන් මැන්ඩෙලා  පොදු ස්ථානවල බෝම්බ පිපිරවීම ඇතුලු පොදු හිංසන 152 කට වරද කරුවෙක් වූවෙකි.

අහිංසක නැමති දක්‍ෂ සිසුවා මිනිසුන් නමසිය අනුනවයක් මරා දමා ඇඟිලි කපා ගත් නිසා අංගුලිමාල වු අතර, තම මව මරාදමා ආනන්තරීය පාපකර්මය  සිදු කරගැනීමට ද සිටි අයෙක් වුවද පසුව රහතන් වහන්සේ නමක් බවට පත් විය.

මිනිසුන්ගේ අතීතයෙන් ඔවුන්ගේ වර්තමානය මිනිය යුතු නැත. මිනිසුන්ගේ වර්තමානයෙන් ඔවුන්ගේ අනාගතය කියවීම සුදුසු නැත. වෙනස්වීම ලෝක ධර්මතාවයයි. වෙනස්වීමකට ලක්නොවූ  කිසිදු දෙයක් හෝ කෙනෙකුන් මිහිපිට ඉඳ නැත. වර්තමානයේ ද නොවේ. මතුවටද බිහි නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap