COLUMN

වෝර්න් තවදුරටත් නෑ

Summary

වෝර්න් තවදුරටත් නෑ කියන නිව්ස් එක හිතපු නැති විදිහේ ශොක් ⁣එකක් වෙලා තියෙන්නෙ මන් හිතන්නෙ වෝර්න්ගෙ තරඟකාරීත්වය උපරිම කාලේ අපිට වෝර්න් දූෂ්ඨයා වුන නිසා වගේම ඒ තරඟකාරීත්වයට අපි නොදැනුවත්වම බැඳිලා හිටපු නිසා.

වෝර්න් තවදුරටත් නෑ කියන නිව්ස් එක හිතපු නැති විදිහේ ශොක් ⁣එකක් වෙලා තියෙන්නෙ මන් හිතන්නෙ වෝර්න්ගෙ තරඟකාරීත්වය උපරිම කාලේ අපිට වෝර්න් දූෂ්ඨයා වුන නිසා වගේම ඒ තරඟකාරීත්වයට අපි නොදැනුවත්වම බැඳිලා හිටපු නිසා. ඔසීලා එක්ක කොහොමත් අපිට තියෙන්නෙ ලව් හේට් රිලේෂන්ශිප් එකක්. මුරලිගෙ සිද්ධිය ඇතුලු ඔසීලගෙ ඇග්‍රෙසිව්, බුලී ටයිප් ඇටිටියුඩ් එකේ අපේ පැත්තට හැරවුන මුහුණත බවට පත්වෙන්නෙ වෝර්න්. මන් හිතන්නෙ දශකයකට ආසන්න කාලයක් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව වෙනුවෙන් මුරලි එක්ක තිබුනු තරඟය නිසා අපේ ඔලුගෙඩි තුල ක්‍රිකට් ලෝකයේ අසහාය දුෂ්ඨයා බවට පත්වෙනවා වෝර්න්.
දුෂ්ඨයා කෙසේ වෙතත් තමන්ගෙ ලෙග් ස්පින් ආර්ට් එක මාස්ටර් කරපු, එදා මෙදාතුර බිහිවුනු ලොව හොඳම ලෙගියා තමයි වෝර්න්. සුනාමියෙන් පස්සෙ ගාල්ල නැවත හදන්න දෙපාරක් නොහිතා වැඩට බැස්ස මනුස්සයෙක්. දෙපාරක් තුන්පාරක් අතේ කරකවලා දිව හපාගෙන දාන ලෙග් ස්පින් එක ඒ කාලේ මැච් බලපු එවුන්ට අමතක වෙන එකක් නෑ. මන් හිතන්නෙ ඔසීලා තරම්ම ලංකාවේ එවුන් කණගාටු වෙනවා වොර්න් ගැන. සතුටු වෙන්න කියලා මහ ලොකු දේවල් නැති රටක සතුටු වුන එක දෙයක් තමයි ක්‍රිකට්. සෑහෙන කාලයක් ඒකෙ අපිට හුරුපුරුදු මුහුණක අකාලික සමුගැන්ම දරාගන්න ටිකක් අමාරුයි තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *