ශ්රීලංනිපයේ සංවත්සරේ
Summary
ගොර්බචොව් පෙරෙස්ත්‍රොයිකා කියලා සෝවියට් සමූහාණ්ඩුව කෑලි කඩලා ඇමෙරිකාවට වික්කා….අපේ සිරා?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 69 යි.කිං බානට්තුමා පක්ෂ සංවත්සර උත්සවේ බලන්න ගියා.
ඒකේ වැඩිපුර හිටියේ වයසක අංකල්ලා.
කිං බානට්තුමා එක අංකල් කෙනෙක් එක්ක නිකං ලාවට වගෙ හිනා වුණා.
ඊට පස්සේ කිං බානට්තුමා ඒ වයසක ඩයල් එකත් එක්ක කතාවට වැටුණා.
” …මේක ඉතින් 1951 දී බණ්ඩාරනායක මහත්තයා පටන් ගත්තු පක්ෂෙනෙ……
ඩී.ඒ.රාජපක්ෂලා, ටී.බී.තෙන්නකෝන්ලා, සී.පී.ද සිල්වා ලා, ස්වාමිනාදන්ලා, වර්නන් ගුණසේකරලා, බද්යුදින් මහමුද්ලා, බර්නාඩ් අලුවිහාරේලා, එක්ක පටන් ගත්තු පක්ෂෙනෙ මේ…”
ලොකු උන්නැහේ කියවන්න ගත්තා.
“…ඊට පස්සෙ මොකද වුණේ…? “
කිං බානට්තුමා ඇහුවා.
“..බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට පස්සෙ සිරිමාවෝ පක්ෂෙ අතට ගත්තා….එතුමිය ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යතුමිය වෙලා ලෝක වාර්තාවකුත් තිබ්බා….”
“…ඊට පස්සේ…?”
“….ආයේ 1994 දි චන්ද්‍රිකා ජනාධිපති වෙනවා…2005 වෙනකන් රට පාලනය කරනවා….”
“…2005 දී බණ්ඩාරනායක පවුලෙන් පිට කෙනෙක් ශ්‍රී ලංකා එකේ නායකයා වෙලා රටේ නායකයත් වෙනවා… කොහොම හරි 1994 ඉදන් 2015 වෙනකන් එක දිගටම ශ්‍රී ලංකා එක මුල් කරගත් පාලනයක් තමයි රටේ තිබුනෙ…”
ශ්‍රී ලංකා එකේ අංකල් එහෙම කියලා දිග හුස්මක් ඇල්ලුවා.
“…ඉතිං ලොකු උන්නැහේ 2015 දිත් ශ්‍රී ලංකා කාරයෙක්නෙ රට බාර ගන්නෙ…”
කිං බානට්තුමා එහෙම කිව්වම අංකල්ට මළ පැන්නා.
“…මගෙන් කුණු හබ්බ අහගන්නෙ නැතුව ඉන්නවද හිටං…!…2015…ආච්චිගෙ රෙද්ද..!”
“…ඇයි ලොකු උන්නැහේ…?”
“…ඇයි අහන්නෙ…හිටං…! ඇයි මහත්තයො..,2015 ආපු සිරා ගොර්බචොව් කරපු වැඩේම කළානේ..!”
“…ඒ කිව්වේ…? මට පොඩ්ඩක් විතර ටියුබ් …”
කිං බානට්තුමා ෆුල් ඔල්මොරොන්දන්.
“… ගොර්බචොව් පෙරෙස්ත්‍රොයිකා කියලා සෝවියට් සමූහාණ්ඩුව කෑලි කඩලා ඇමෙරිකාවට වික්කා….අපේ සිරා යහපාලනේ කියලා ශ්‍රී ලංකා එක කෑලි කරල යූ.එන්.පී. එකට වික්කා.
අංකල් එහෙම කියනවත් එක්කම ශ්‍රී ලංකා එකේ 69 වෙනි සංවත්සරේ පටන් ගත්තා.