e-Con e-News

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාලනය කරන්නේ කවුද?

Summary

2004 දී ඉන්දියානු නැවක් නීති විරෝධී ලෙස අපේ වෙරළට ඔබ්බෙන් ඇති තහනම් කලාපයක නැංගුරම් දැමීම නිසා මුහුද යටින් දිවෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ඩිජිටල් ෆයිබර් ඔප්ටික් කේබලයට හානිවිය.

• 2004 දී ඉන්දියානු නැවක් නීති විරෝධී ලෙස අපේ වෙරළට ඔබ්බෙන් ඇති තහනම් කලාපයක නැංගුරම් දැමීම නිසා මුහුද යටින් දිවෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ SEA-ME-WE 3 (SE Asia-Middle East-Western Europe) ඩිජිටල් ෆයිබර් ඔප්ටික් කේබලයට හානිවිය. එයින් රට තුළ සියලුම අන්තර්ජාල සබඳතා බිඳ වැටුණි. මුහුද යටින් දිවෙන ලොව විශාලතම අන්තර්ජාල කේබල් ශ්‍රී ලංකාව අසලින් ගමන් කරයි. සුද්දන් අපේ මුහුද අවට යුධ ක්‍රීඩා කරන්නේ ඒ නිසාද? – අහඹු සටහන්, අන්තර්ජාල ප්‍රවේශය 

ශ්‍රී ලංකාවේ දත්ත සොරකම් කිරීමෆේස්බුක් සිට ට්විටර්, ඌබර් සහ පික්මී ආදිය දක්වා ඇමරිකානුවන්ට හා ඉංග්‍රීසීන්ට අයත් බැංකු හා සමාජ මාධ්‍ය සමාගම් ලාංකිකයින්ගේ මුදල් හා පුද්ගලික තොරතුරු සොරකම් කරමින් සිටී. මේ මුදල් හා දත්ත ඇත්ත වශයෙන්ම හිමිවිය යුත්තේ අපේ ජනතාවට හා රජයටයි. වසංගත රෝග කාලයන් හිදී රට ආරක්ෂා කිරීමට සහ අත්‍යවශ්‍ය (යන්ත්‍ර) කර්මාන්ත සඳහා ආයෝඡනය කිරීමට මෙන්ම ආහාර හා ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් රට සංවිධානය කිරීමට හා කාර්යක්ෂම සැලසුම් සකස් කිරීමට රජයට මෙම දත්ත භාවිතා කළ හැකිය. එසේනම් බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ රාජ්‍ය නොවන සංවිධාන විදේශිකයින්ගේ එවැනි මැදිහත්වීම් පාලනය කිරීමට මෙතරම් විරුද්ධවන්නේ ඇයි?අහඹු සටහන්    

• මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් දිනපතාම මිනිසුන් ඝාතනය කරමින් හා අංගවිකල කරමින්, පොදු හා පෞද්ගලික අවකාශ විනාශ කරමින් සිටී. මේ ‘නිදහස් ව්‍යවසායයේ’ ආත්මය ද? නැතිනම් අවනීතියේ උන්මාදය ද? නැතිනම් ඊට හේතුව තමන්ට උවමනා ආකාරයට වෙළඳපොල සිරකරමින් ආර්ථිකය පාලනය කරන ලංකාවේ ක්‍රියාත්මක විදේශීය හා දේශීය බැංකු ලබාදෙන නොසැලකිලිමත් ආදර්ශය ද? එවැනි බැංකුවල ‘අහිතකර’ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ සතියේ පියවර ගෙන තිබේ.

දේශීය බැංකු දූෂිත කරවමින් විදේශීය බැංකු තවමත් රට කොල්ලකමින් තිබෙන ආකාරය මෙම ee කලාපය මගින් විමර්ශනය කරයි (විශේෂාංග, රුසිරිපාල තෙන්නකෝන්). විශේෂයෙන්ම කාර්මික භාණ්ඩ විකිණීම හරහා ගම්බද ජනතාව කොටු කර ගැනීමට, ඇමරිකානු හා යුරෝපීය බැංකු ‘සංවර්ධන බැංකු’ ලෙස වෙස්වලා ගනිමින් පුද්ගලික බැංකු සහ මූල්‍ය සමාගම් (කොමර්ෂල් බැංකුව, සර්වෝදය, සණස, NDB, ආදිය) අත්පත් කරගනිමින් සිටී. අසාමාන්‍ය ලෙස ඉහළ නැග තිබී කඩාවැටුණු මෙම දේශීය බැංකු බොහොමයක් ගලවාගැනීමට සිදුවන්නේ ද රාජ්‍ය බැංකුවලට ය. නමුත් රජයට අයත් ව්‍යවසායන් (SOEs) පාඩු ලබන ආකාරය පිළිබඳව මාධ්‍ය පැමිණිලි කරමින් සිටී! – විශේෂාංග: අහඹු සටහන්, උද්දමනය ආනයනය කිරීම 

• මරා දැමූ මෙහෙකාර දැරිය පිළිබඳව මාධ්‍ය කිඹුලා බනිස් කඳුලු හෙළමින් සිටී. එහෙත් කම්කරු නීති දුර්වල කිරීමටත්, කඩාකප්පල් කිරීමටත් ධනේශ්වර මාධ්‍ය නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටී. ඔවුන් කිසි විටෙකවත් මෙරට බහුතර කම්කරුවන්ගේ සේවා තත්වයන් පිළිබඳව දිනපතා හෝ පැයෙන් පැය වාර්තා විකාශය හෝ මුද්‍රිතව පලකිරීම සිදු නොකරයි. වෘත්තීය සමිති විසින් වර්ජනයන් සිදුකරන විට පමණක් කම්කරුවන් පිළිබඳව වාර්තා කරන අතර, එහි දී මාධ්‍ය මගින් මූල්‍ය ඉල්ලීම් පමණක් ඉස්මතු කරයි. ජපානයේ සහ කොරියාවේ සේවකයින්ට නරක ආකාරයට සැළකීම පිළිබඳව දැන් අපට අසන්නට ලැබෙන්නේ ඇයි? – අහඹු සටහන්

• පොරොන්දු වූ එන්නත් ශ්‍රී ලංකාවට ලබාදීම ජපානය විසින් ප්‍රමාද කිරීම –  දේශීය නිෂ්පාදන කඩාකප්පල් කරමින් වෛරසය ව්‍යාප්තියට ඉඩ දීම – ඔලිම්පික් ක්‍රීඩා හේතුවෙන් ඇති වි ඇති දැඩි ප්‍රවාහන අපහසුතාවයන්ට ඔවුන් චෝදනා එල්ලකර තිබේ. නමුත් ඔවුන් චීනටයට එරෙහිව ඇමරිකාව සමඟ යුධ ක්‍රීඩාකරමින් සිටී. ඔවුන් කාර්ය බහුල වීම පුදුමයක් නොවේ! (බලන්න ee ස්වෛරීයත්වය)

ඖෂධ හා වෛද්‍ය උපාංග ‘ත්‍යාග’ ලෙස පරිත්‍යාග කරන බොහෝ සමාගම් වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කරන සමාගම් ය. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ දේශීය නිෂ්පාදනය නැවැත්වීමයි. ඖෂධ මිල ඉහළ නැංවීම සඳහා දේශපාලනඥයින් පොළඹවා ගැනීම අපහසුයැයි හේමාස් ‘පළමු කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය’ පවසන්නේ ඇයි?  – බලන්න අහඹු සටහන්

Read more: eesrilanka.wordpress.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *