Opinion

ශ්‍රී ලංකාවේ U TURN ගහන්න බැරිද ?

Summary

හාල්, කිරිපිටි, පිටි, එළවළු, ගෑස්, තෙල්, අරවා, මේවා අහස උසට යන්න පටන් ගත්තා විතරයි.

1948 ඉදන් එක එක ආන්ඩු කරපු ආර්ථික මරිමෝඩකම් වල ඇත්තම තත්ත්වය ලොක් ඩවුන් බෝම්බෙ එක්ක කලින්ම පුපුරලා ගිහින් ඒකේ සැප දැන් තමයි පෙනීගෙන යන්නේ.

අපි ඔක්කොම බලන්නේ පොත්ත විතරයි, අරටුව නෙමේ. ලග විතරයි, දුර නොවෙයි. 1948 ඉදන්ම එදා වේල ටුවර්ස්…!

හාල්, කිරිපිටි, පිටි, එළවළු, ගෑස්, තෙල්, අරවා, මේවා අහස උසට යන්න පටන් ගත්තා විතරයි.

1948 ඉදන් එක එක ආන්ඩු කරපු ආර්ථික මරිමෝඩකම් වල ඇත්තම තත්ත්වය ලොක් ඩවුන් බෝම්බෙ එක්ක කලින්ම පුපුරලා ගිහින් ඒකේ සැප දැන් තමයි පෙනීගෙන යන්නේ.

අපි ඔක්කොම බලන්නේ පොත්ත විතරයි, අරටුව නෙමේ. ලග විතරයි, දුර නොවෙයි. 1948 ඉදන්ම එදා වේල ටුවර්ස්…!

රටකට ස්ථිර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඕනා කියලා අවංකව හිතන්නේ කීදෙනාද ? ආන්ඩු මාරැ වුනාම change වෙන “එදා වේල” ආර්ථික ප්‍රතිපත්ති තියෙනකල් හාල්, කිරිපිටි, පිටි, එළවළු, ගෑස්, තෙල්, අරවා, මේවා අහස උසට යන එක ටීවී වල,පත්තර වල, social මීඩියා වල යන තවත් news topic එකක් විතරයි.

මොනවා හරි වැඩි උන ගමන් උඩ යන news trend එක පොදු මහජනතාව ඒ වැඩි උන දේට adjust උන ගමන් බැහැලා යනවා. පක්ෂ, විපක්ෂ පොලිටික්කොත් ඒ වගේමයි. පක්ෂ, විපක්ෂ වන්දි භට්ටයොත් ඒ වගේමයි. පක්ෂ, විපක්ෂ mediaත් ඒ වගේමයි.

මොකක් හරි වැඩි වෙනකොට විපක්ෂ පොලිටික්කො සහ වන්දි භට්ටයෝ ඒක exploit කරන්න බලනවා. ගැලපෙන media එක use කරනවා. වැඩේ ඩබල් ට්‍රිබල් කරලා ගෝනි බිල්ලා මවලා පෙන්න්නවා.

අනික් අතට, මොකක් හරි වැඩි වෙනකොට පක්ෂ පොලිටික්කො සහ වන්දි භට්ටයෝ ඒක justify කරන්න බලනවා. ගැලපෙන media එක use කරනවා. වැඩි වෙන හේතුව ජනතාවට පහදන්නේ නැතිව මරිමෝඩ කතා කියනවා.

හයියෙන්ම සැරෙන්ම කෑගහන එකාගේ සහ වැඩිපුරම mediaවල market කරන theoryය, ඇත්ත උනත් එකයි නැතත් එකයි, ඒක හූදී ජනතාව පිලිගන්නවා. ගොම රිටි යට යනවා – තිරිවාන ගල් උඩ එනවා. මේක චක්‍රයක් වගේ එනවා, යනවා.

පාට කන්නාඩි ගලවලා ඇත්ත තත්ත්වය බැලුවොත් කුරහන්, නිල්, කහ, කොල, රතු හරි වෙන එක එක පාට වල හරි අති බහුතරයකට මේ තියෙන චක්‍රය කඩන්න උවමනාවක් නෑ. ස්ථිර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න ඕනා කමක් නෑ. සජිත් බලන්නේ කුරහන් පාට ඉක්මනට කහ පාට කර ගන්නේ කොහොමද කියලා. රනිල් බලන්නේ එකට බැස්ස මන්ත්‍රී ගාන ඊලඟ චන්දෙදි දෙක කර ගන්නේ කොහොමද කියලා. අනුර බලන්නේ 3% එකපාරටම 60% විතර කර ගන්නේ කොහොමද කියලා. සුපින් පක්ෂ බලන්නේ තියෙන මන්ත්‍රී කම ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා. සුලු ජාතික පක්ෂ බලන්නේ රිමෝට් එක හොරකන් කරන්නෙ කොහොමද කියලා.

නිදහස ලැබිලා අවුරුදු 73ක් ගිහිල්ලාත් පක්ෂ, විපක්ෂ මේ එකෙක්‍ටවත් තේරෙන්නෙනෑ රටකට අවශ්‍ය වෙන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් ගේන එක මිසක් මොඩ චූන් පටු දේශපාලන ජෝක්ස් නෙමේ කියලා.

ලංකාවේ මේ system එක හරියටම නිකන් ඔරුගොඩවත්ත හන්දියේ traffic එක වගේ. කොච්චර පාරක් colour lights මාරු වුනත් traffic එක ඒ වගේමයි. ඉස්සරහට යා ගන්නම බෑ…! අපි colour lights වලට බැන බැන හැමදාම traffic එකේ ගාටනවා……..!

ඉතින් ලංකාවට නිදහස ලැබිලා අවුරුද්ද 100 ලබනකොටත්, කොයි ආන්ඩුවක් හිටියත්, බඩු මිල වැඩි වෙන එක සහ මේ trend එක එදාටත් news topic එකක් විතරයි. නිදහස් කිවුවට කිසිම නිදහසක් ලැබිලා නෑ…!

ලංකාව පරිභොජන ආර්ථිකයෙන් අයින් වෙලා නිශ්පාදන ආර්ථිකයකට යනකන් මේකම තමයි. Colour lights මාරුඋනාට traffic එක අඩු වෙන්නේ නෑ. පක්ෂ මාරුඋනාට system එක change වෙන්නේ නෑ.

අතීතයේ ඉදන් අපි කලේ රටේ තියනදේ කාගෙන කාගෙන යාම. කන තරමට හරි, කන වේගෙට හරි දේශීය නිශ්පාදනය නෑ. ඉතින් රටේ තියෙන දේ කාලා ඉවරවුනාම මදි ටික රටින් ගෙනල්ලා කාගෙන කාගෙන යනවා. රට ඉන්න තරමක් ලාංකිකයන් අමාරුවෙන් උපයල එවන ඩොලර් ටික අත්‍යාවශ්‍ය දේවල් ගේන්න ආරක්ෂා කරගන්නැතිව කන්න ඕනා බඩු ගේන්න ආයිත් පිට රටටම දෙනවා. පුලුවන් දේ දේශීයව වැඩියෙන් නිශ්පාදනය කරලා අනවශ්‍ය දේට ඩොලර් පිට යවන එක වලක්වන්න කිසිම ක්‍රමවේදයක් නෑ.

ලංකාවේ කිරි හරක්ගෙන් ගන්න නැවුම් කිරි ටික විසික්කරනවා. පිටරටින් එන මෙලෝ ගුනයක් නැති රොඩු කිරිපිටි ටික ගන්න ආන්ඩුවට හරි, කාටහරි බැන බැන පෝලිමේ ඉන්නවා. ලංකාව වටේටම මුහුද. ඒත් මාලු පිටරටින් ගේනවා. වත්තෙ, ගෙදර, පෝච්චියක මිරිස් පැලයක්වත් වවන්න උත්සාහ කරන්නේනෑ. මිරිස් කිලෝ එක 1,200 උනාම උදේ, දවල්, රැ ප්‍රධාන කෑම මිරිස් වගේ හැසිරෙනවා. කිතුල් රා කෑන් කරලා විකුණනවා කිවුවාම ridicule කරනවා. Carlsberg සුපර් මාර්කට් එකෙන් අරන් ආඩම්බරෙන් බොනවා. ලංකාවේ නිශ්පාදනය කරන්න පුලුවන් බාගෙට බාගෙයක් නිකන් ඩොලර් දීලා පිටින් ගේනවා.

ඉතින් මේ අනවශ්‍ය මගුල් වලට අත දිග ඇරලා ඩොලර් විසික්කරපු එකත් එක්ක පැටලිලා එන ඩොලර් සංචිත ගැටලුව, එක එක ආන්ඩු කාලේ, පොඩ්ඩ පොඩ්ඩ, හිමීට හිමීට වැඩි වෙලා, වැඩි වෙලා, බඩ වෙලා, බඩ වෙලා, COVID එකත් එක්ක කලින්ම බබා හම්බ වෙලා තියෙන්නේ (එක එක ආන්ඩුව කාලෙ හොරා කාපු ඩොලර් ගැන මෙතන calculate කරේ නෑ).

ලංකාවට ඩොලර් එවපු රට හිටිය 90%ක් කොවිඩ් එකත් එක්ක returned to Sri Lanka. ලංකාවට ඩොලර් අරන් ආපු touristsලා පහුගිය අවුරුදු දෙකේම minus. ලංකාවට ඩොලර් ගෙනාපු garment factories වලින් 50%ක් විතර COVID හින්දා චක-බ්ලාස්. ඉතින් කෝ ඩොලර් ? දැන් ඔය ඩොලර් කෝ කියලා අහන ජෙප්පොම COVID තියෙද්දිත් ගාමන්ට් function කරනවා කියලා ඒකාලේ ගේම ඉල්ලුවා මතකද ?

දැන් ලංකාවට COVID වැක්සීන් 35,134,674ක් ගෙනල්ලා තියෙනවා. එතකොට එක වැක්සීන් එකක් ඩොලර් 15ක් උනොත් ඒකටම ඩොලර් 527,020,110 ක් ගිහින් තියෙනවා.

ලංකාවේ අදට PCR 5,854,134ක් කරලා තියෙනවා. එක PCR එකක් ඩොලර් 30ක් උනොත් ඒකටම ඩොලර් 175,624,020ක් ගිහින් තියෙනවා.

ලංකාවේ අදට AntiGen 862,974ක් කරලා තියෙනවා. එක AntiGen එකක් ඩොලර් 10ක් උනොත් ඒකටම ඩොලර් 8,629,740ක් ගිහින් තියෙනවා. ඕවට ගියේ කොහේ ඩොලර්ද ?

එතකොට repatriate උන අය chartered flights වල ගෙනාපුවා. ඒ අයව නොමිලේ quarantine කරපුවා. Quarantine කරපු අයට කන්න දුන්න ඒවා. Lock-down කාලේ සහන මලු දුන්න ඒවා. අරවා – මේවා. ඕවට ගියේ විදේශ ආධාරද ?

රට රට වල අනාත වෙලා ඉද්දි ලංකාවේ වියදමින් chartered flights වල ලංකාවට ඇවිත්, නොමිලේම quarantine වෙලා, නොමිලේම කාලා, නොමිලේම වැක්සීන් දෙකමත් අරන්, නොමිලේම බූස්ටර් එකත් ගහගෙන, ආයිත් රට යන්න වීසා ගන්න embassy එකේ පෝලිමේ ඉදන් සමහර ගුනමකුවෝ media වලට දෙන කතා තමයි හොදම ආතල්…! ඇඩෙනවා.

ඩොලර් කෝ ඩොලර් කෝ කියලා අහන ගොඩක් අය COVID පටන්ගත්ත ගමන්ම රට විරුවෝ එක දවසෙන් ලංකාවටම ගෙන්නපිය, මුලු ලංකාවටම එක දවසෙන් වැක්සීන් ගෙන්නපිය කියලා ඒකාලේ ගිරිය කඩාගෙන කැගැහුවා මතකද ?

දේශීය නිශ්පාදන ආර්ථිකයක් හදන්න ජනාධිපති ගන්න try එක අමාරු turn එකක්. ඒ ගමනට ජනාධිපතිම වටේ ඉන්න කුහක දේශපාලකයොත්, වන්දි බට්ටයෝත්, ජාතිකත්වය ගැන මොලෝ දෙයක් දන්නැති සිංග්ලිශ් කතාකරන බහුතරයත් ගල් පෙරලන බව කාටද නොපෙනෙන්නේ ? මොකද දේශීය නිශ්පාදන ආර්ථිකයක් තුල පක්ෂ / විපක්ෂ දේශපාලන කුහකයන්ට, පක්ෂ / විපක්ෂ වන්දි භට්ටයන්ට, පක්ෂ / විපක්ෂ කලුකඩ මුදලාලිලාට බිස්නස් සරු නැ.

ඉතින් අපි වගේ රටවල ජන වින්ඥානය අඩුනිසා, විපක්ෂ දේශපාලකයෝ, වන්දි භට්ටයෝ, media කරන්නේ බඩු මිල ඩබල් ට්‍රිබල් කරලා පෙන්නලා, ජනතාව අංඤකොරොස් කරලා, ඊලගපාර බලය ගන්නවා. එදා ඉදන් system එක හරියනවාද ? නෑ…..! එදා ඉදන් පැරදුන එකා same operation එක පටන් ගන්නවා. හරි තත්ත්වය ජනතාවට කියලා දෙන්න, ප්‍රශ්නෙට අමාරු නමුත් හරි උත්තරේ හොයන්න ජනතාව පෙල ගස්සන්න, ප්‍රශ්නෙට අමාරු නමුත් හරි උත්තරේ වෙනුවෙන් වැඩ කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැ. ලංකාවේ ඉන්න කෝටි දෙකම පට්ට ආර්ථික විශ්ලේෂකයෝ වගේ වැඩේ මෙහෙම කරානන් හරි, එහෙම කරානන් හරි කිය කිය ඉන්නවා.  වැඩේ කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැ.

1970 දශකයේ මැතිනිගේ කාලේ හාල් පොලු, සීනි පොලු, මිරිස් පොලු දාලා, අල, බතල වවපන් කියලා පටන් ගත්ත U Turn එක හරි යන්න දුන්නද ? නෑ…! ඒකෙන් ලංකාව බලාපොරොත්තුවුනේ මොකක්ද කියලා අද කාටවත් මතක නෑ. පෝලිම් යුගය turn කරන්න මැතිනිව පරද්දලා 1978 දි JR ගෙනාපු විවෘත ආර්ථිකේ wholesale වැලද ගත්ත එකේ ආදීනව තමයි අපි මේ අද දකින්නේ.

අපි පුංචි මොලෙන් හිතනවා. එන එන ආන්ඩුව අවුරැදු 5 ගැන හිතනවා. අනික් රටවල් ඉදිරියට අවුරුදු 50 ගැන හිතනවා. “ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ – සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ” කිවුවලු….! දැන්නම් හරියටම වතුර නටන තැනට ඇවිත් ඉන්නේ. එක්කෝ තැම්බිලා මැරෙන්න ඕනා. නැත්තන් හැලියෙන් එලියට පනින්න ඕනා. ගොඩ යන්නනන් ශ්‍රී ලංකාවට U Turn එකක් ගහන්නම වෙනවා. ප්‍රශ්නේ තමයි අපි U Turn ගහන්න ලැස්තිද කියන එක.

ලක්ෂ්මී බායි අවුරුදු බර ගානකට කලින් මෙන්න මෙහෙම කිවුවා “පිට රට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා – කන්ට අදින්ටත් පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා”. ඇඩෙනවා. අහන්න සිංදුව :

Leave a Reply

Your email address will not be published.