Opinion

සජිත්ට සුවයි!

Summary

” සර්, අවුරුදු එකහමාරක් තිස්සේ හැමදාම රෑට ඔය වෙඩි සද්දේ අපට ඇහෙනවා…Nothing to worry Sir..Everything is under control…”

යුධ කලාපයට අලුතින් අනුයුක්ත කළ බ්‍රිගේඩියර්වරයා තම සේනාවේ භටයන් රැස්කර ඉදිරි‍යේ දී සිදුකිරීමට නියමිත මෙහෙයුම් පිළිබඳව ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
රාත්‍රිය එළඹීමත් සමග තම හමුදා කණ්ඩයක බංකරයක් අසලින් වෙඩි හඬ කීපයක් ඇසෙන්නට වූ නිසා ඔහු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් ඒ පිළිබඳව විමසා සිටියේ තරමක තැතිගැනීමකින් යුතුවය.
” සර්, අවුරුදු එකහමාරක් තිස්සේ හැමදාම රෑට ඔය වෙඩි සද්දේ අපට ඇහෙනවා…Nothing to worry Sir..Everything is under control…” ජ්‍යෙෂ්ඨ නිලධාරියා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.
බ්‍රිගේඩියර්වරයා පසුදා උදෑසන වෙඩිහඬ ඇසුණු බංකරය වෙත ගොස් එහි සිටි සෙබළුන්ගෙන් තමාට රාත්‍රියේ ඇසුණු වෙඩි හඬ පිළිබඳව ප්‍රශ්න කළේය.
” සර් ටිකක් ඈතින් ටෙරා කෑම්ප් එකක් තියෙනවා…ඒකේ බංකරේට දාලා ඉන්න ටෙරා අවුරුදු එකහාමාරක් තිස්සේ අපිට වෙඩි තියනවා…අපිට තාම කිසි ඩැමේජ් එකක් වෙලා නෑ…මෑන්ට හරියට ටාගට් එකට ෆයර් කරන්න තේරෙන්නේ නෑ සර්..”
” ඉතිං අයිසේ ඔහොම ඉන්නේ නැතුව ඇටෑක් කරලා ඌව ඉවරයක් කරලා දානවකෝ…”
” සර්, අපිට අද වුණත් ඇටෑක් කරලා ඌව ඉවරක් කරන්න පුළුවන්”
” ඉතිං මොකටද බලං ඉන්නේ ? “
” සර්..අද අපි ඌව ඉවරයක් කරොත් හෙට ඉඳන් එතෙන්ට වෙඩි තියෙන්න පුළුවන් එකෙක් දායි නේ “
🔺විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොරෝනා වැළඳුණු බව ආරංචි වූ මොහොතේ සිට බයියන් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීම සහ ඉහත කතාව අතර සම්බන්ධයක් නැත.

Leave a Reply

Your email address will not be published.