“සත්ත්ව ප්‍රේම” බෘංග රාජයො…
Summary
අලි දම්වැල් දාලා බලාගෙන, පන්සල්වල තියාගෙන , පෙරහැරවල ගෙනියන එක ගැන එයා අද කඳුළු හෙලලා තියෙනවා දැක්කා.

💥 my story 👇
👉 මං දන්න animal lover lady කෙනෙක් ඉන්නවා. එයා ලස්සන cute බැල්ලක් ගත්තා. මුලින්ම කළේ ඌට වඳ සැත්කමක් කළ එක. පැටව් දාන එක වළක්වන්න. ඌට බෙල්ට් එකක් දාලා. ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නෙ නෑ. බල්ලෙක් එක්ක හැසිරෙන්න දෙන්නෙ නෑ. මලපහ කරන්න වුණත් එක්ක ගිහින් ආයි එක්ක එනවා. කන්න දෙන්නෙ එයාලට ඕන වෙලාවට. කවුරුහරි ගෙදරට ආවොත් ඌව කූඩුවට දානවා. බැල්ලට ඉන්න වෙලා තියෙන්නෙ එයාලට ඕන විදිහට. ( බලද්දි පන්සලේ ඉන්න අලි වගේම තමයි )
💥 But her notions 👇
👉 අලි දම්වැල් දාලා බලාගෙන, පන්සල්වල තියාගෙන , පෙරහැරවල ගෙනියන එක ගැන එයා අද කඳුළු හෙලලා තියෙනවා දැක්කා.
💥 My view 👇
👉 අලි විතරක් නෙමේ බල්ලො , අශ්වයො , හරක්… මේ මොන සතා ගැනත් හරිනං ඒ තියෙන අනුකම්පාව එන්න ඕන. සත්වොද්‍යානවල සත්තු තියාගෙන ඉන්න එකත් වැරදියි එහෙම බැලුවොත්. රැජින ගාව ඉස්තාලවල ඉන්න අශ්වයොන්ටත් නිදහසක් නෑනෙ ඉතිං. ( හැබැයි හාම්පුතෙක් ගාව ඉන්න මොන සතාටත් රැකවරණයක් තියෙනවා. කෑම ටික සත්කාර ටික ලැබෙනවා. )
👉 මේ සමහරුන්ගෙ අලි අනුකම්පාව ඇවිල්ලා “ව්‍යාජ ලව් එකක්” !