COLUMN

සතුටේ හතර මායිම්….

Summary

2006 – 2010 වගේ කාලෙ මං වැඩකරපු field location එකක් තිබුන හම්බන්තොට ලුනම… ඒ හරියෙ ලුනම කිවුල කලපුවට මායිම් වෙන පොඩි ගෙදරක ජීවත් උනා අම්මයි තාත්තයි පොඩි දුවෙකුයි… ලවණ පසේ වී වගාකරන නියමු ව්‍යාපෘතියෙ ප්‍රධාන තැනක් වෙච්ච නිසා අපි ඉතිං බුදු ෆිට්… මාසෙකට පාරක් විතර මං field visit ගියාම දවල්ට මේ තාත්තට කෝල් එකක් දෙනව…

2006 – 2010 වගේ කාලෙ මං වැඩකරපු field location එකක් තිබුන හම්බන්තොට ලුනම… ඒ හරියෙ ලුනම කිවුල කලපුවට මායිම් වෙන පොඩි ගෙදරක ජීවත් උනා අම්මයි තාත්තයි පොඩි දුවෙකුයි… ලවණ පසේ වී වගාකරන නියමු ව්‍යාපෘතියෙ ප්‍රධාන තැනක් වෙච්ච නිසා අපි ඉතිං බුදු ෆිට්… මාසෙකට පාරක් විතර මං field visit ගියාම දවල්ට මේ තාත්තට කෝල් එකක් දෙනව…

මං – ආ… ප්‍රියන්ත, වරැණ කතා කරන්නෙ… අද හවස මොකද කරන්නෙ…?
ප්‍රියන්ත – එහෙමට මුකුත් නෑ… එන්න මේ පැත්තෙ…
මං – හරි… ගමේ වෙනද එන සෙට් එකටත් කියන්න…

මං ඉතිං බෝතල් තුනකුත් අරං ඒ පැත්තට සැපත් වෙනව… එතනදිම කාටහරි කීයක් හරි දුන්නම ලඟ කඩේකට ගිහිං අනික් කලමනා එක්ක කුකුලෙක්, කලපු මාළු ටිකක් අරං ඇවිත් බයිටකුත් දානව… මහ රෑ වෙනකං හිනාවල් කතාවල් ඉවරයක් නෑ කලපුව ලඟ පැදුරැ දාගෙන වාඩිවෙලා… පෝය දවසක් උනොත් රෑ 12ට විතර අපි ඔරැ පැදගෙන ඈත තියන වැලිපරයට යනව… ඔරැව උඩින් රිදී පාට ඊයම් බරැ වගේ පියාමැස්සො එහා මෙහා පනිනව….වැලිපරයට හඳ එලිය වැටුනම රත්තරං පාටයි… තනිකරම දිව්‍ය ලෝකයක්…

දවසක් හවසක මං අහම්බෙං ඒ ගෙවල් පැත්තට ගියා students ල ටිකකුත් එක්ක… මට ඈතටම පේනව මේ ජෝඩුව කලපුවට මූන දාල පොල් කොට දෙකක් උඩ ලෑල්ලක් දාල හදපු බංකුවෙ වාඩිවෙලා ඉර බහිනව බලං ඉන්නව… ප්‍රියන්තයා සහකාරියගෙ අතිනුත් අල්ලගෙන හිටියෙ…. අර පොඩි එකී එතන සෙල්ලං කරනව…

මේ මිනිස්සු හද්දා දුප්පත්… රස්සාව සිප්පි හලන එක… යන්තමට වේල හොයාගන්නෙ… රෑට පොල්අතු වහලෙං සර්පයො වැටෙනව ගේ ඇතුලට… නාන්නෙ කිවුල් වතුර…. ඒව එහෙම තමයි…
ඒ දවස්වලම කොලඹ කිට්ටුව හයිෆයි තැන්වලත් යාළුවො එක්ක සෙට් වෙනව සෑහෙන්න ප්ලෑන් කරල වෙලාවල් එහෙම දාගෙන… හැමෝම ඉන්නෙ පට්ටම තරඟෙක… කතා කරන්නෙ ජීවත් වෙන්නෙ දශක දෙකක්වත් ඈත තියන බලාපොරොත්තු, සැලසුම් ගැන…. ඉවරයක් නැති ඉලක්ක… ගේමෙ ඉන්නෙ හැමෝම…

අපි වටේට තියන ලෝකෙ පොඩි වෙන තරමට සතුට වැඩිද කියලත් හිතෙනව… අපේ ලෝකෙ ලොකු වෙද්දි අසීමාන්තික options ගොඩක අතරමං වෙලා ඉවරයක් නැති ආසාවන්, ඒව ඉෂ්ට කරගන්න බැරි උනාම එන අතෘප්තිය, එකිනෙකා සැසඳීම, අනෙකාට වඩා ලොකු දෙයක් කරල පෙන්වීමේ ආශාව, ජය හෝ පරාජිත හැඟීම් වගේ ඒව විතරක් ඉතුරැ වෙනවද… ප්‍රියන්තල කරන්නෙ ගලන ගඟේ අනිකාට වඩා හයියෙං පීනන්න ජබ ගහන්නෙ නැතුව ගං ඉවුරට වෙලා ගඟ ගලන ලස්සන බලං ඉන්න එකද…?

ප්‍රියන්තල හැමදාම මේ විදිහටම ඉඳියි/ඉන්න ඕනෙ වගේ එකක් නෙවෙයි මේ කියන්නෙ… එකම පොඩි කාල පරාසයකදි විඳපු අත්දැකීම් දෙකක්… මේ දෙකෙන් කොයි එකද හරි කියන එක අදාල නෑ… ඒක අතිශයින්ම සාපේක්ෂයි…
හැබැයි ප්‍රියන්තල ලුනම කලපුව ලඟින් ඉර බහින හැටි හැමදාම හවසට බලං ඉන්දැද්දී කොලඹ ඉන්න සමහර මගේ යාළුවො Hawaii sunset එක බලන්න තරං සල්ලි නැති එක ගැන දුක් වෙමින් හිටිය…

පින්තූරෙ – හවස අඳුර වැටෙද්දි ප්‍රියන්තලගෙ ගෙදර…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *