Opinion

සමාගම් සවුක්කිය

Summary

ඔය ඉන්ජැක්සන් එක ගහන්නේ තිහයි හැටයි අතර එවුන්ට නම් ඒ අය නම් ගම් ඇතිවම හොයාගන්න පුළුවන්. එහෙම නම් ලැයිස්තු මේ රටේ තියෙනවා.

සමාගම් සවුක්කියට තමයි මේ රටේ බලය තියෙන්නේ. සමාගම් කිව්වට ඒවා එසේ මෙසේ සමාගම් නෙවෙයි. රට සමාගම්.
මේ සමාගම්වල සේල්ස් රෙප්ලා තමයි අපේ රටේ සවුක්කිය තීරණ ගන්නේ. සේල්ස් රෙප්ලා කොහොමත් ටයි දානවනේ. ඉතින් මේ සවුක්කිය සේල්ස් රෙප්ලත් ටයි දානවා.
මේ සේල්ස් රෙප්ලා ගන්න තීරණ හින්දා අපේ සවුක්කිය රඳා පවතින්නේ ආනයන උඩ. අපේ සල්ලි පිටරට සමාගම්වලට දෙන එක තමයි විජ්ජාව. පිටරට සල්ලි අපේ රටට ගේන ක්‍රමයක් ගැන කතා කරන එක අවිජ්ජාව.
කොහොම වුනත් මේ සේල්ස් රෙප්ලා එක්ක හැප්පෙන එක හොඳ වැඩක් නෙවෙයි. එහෙම කළොත් ඕන ලොකු ගෙයක් මළ ගෙයක් කරන්න වුනත් මේ අයට පුළුවන්.
මේ සේල්ස් රෙප්ලගේ ඇඟ පුරාම මොළේ. දැන් ඉන්ජැක්සන් එක ගහන විදිහ ගැන හිතන්න. අහුවෙන අහුවෙන විදිහට ඒක ගහනවා. දවසකට තමන්ගේ අතට ලැබෙන තොගේ කොච්චර ද කියලවත් හිතන්නේ නෑ. ලැබුණේ දාහක තොගයක් නම් ඊට වඩා පිරිසක් පෝලිම්වල තියාගන්නේ මොකට ද? ඉතින් පෝලිම්වල වේලෙන සමහරු හවස් වෙලා බැන බැන ගෙදර යනවා.
ඔය ඉන්ජැක්සන් එක ගහන්නේ තිහයි හැටයි අතර එවුන්ට නම් ඒ අය නම් ගම් ඇතිවම හොයාගන්න පුළුවන්. එහෙම නම් ලැයිස්තු මේ රටේ තියෙනවා.
මේ නම් ලැයිස්තු කවුරු ළඟ ද තියෙන්නේ? මැතිවරණ තියන කට්ටිය ළඟ. දහ අටට වැඩි අය අතිමහත් බහුතරයක්ගේ නම් ඒ ලැයිස්තුවල තියෙනවා. ඉතින් බොහොම ලේසියෙන් තිහයි හැටයි අතර අය ඒ ලැයිස්තුවලින් හොයාගන්න පුළුවන්. ඒ දත්ත ටික මේ වැඩේට ඉල්ලගන්නත් පුළුවන්. ඡන්ද මධ්‍යස්ථාන විදිහට පාවිච්චි කරපු තැන් ඉන්ජැක්සන් ගහන වැඩේට ගන්නත් පුළුවන්.
මෙහෙම කළාම වැඩෙි සංවිධානය කරගන්නත් ලේසියි. වැඩේට අදාළ දත්ත තියාගන්නත් පුළුවන්. ඉන්ජැක්සන් එක ගැහුවේ කාට ද නොගැහුවේ කාට ද කියලා බලාගන්නත් පුළුවන්.
ඒත් මේ සුපිරි මොළවලට එහෙම හිතෙන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published.