Opinion

සහරාන්, සාරා, අබු හින්ද්, අපේ ඔස්තාර්ලා සහ පාස්කු ඉරැදින ප්‍රහාරය

Summary

දැන් ඇත්තටම පවු සහරාන්. පොරට ස්වර්ගෙත් නෑ – attack එකේ ගෞරවෙත් නෑ.

  • Save

සහරාන් ඇතුළු කට්ටිය 21.04.2019 දින තැන් තැන් වල මරාගෙන මැරැනා. රිල්වාන්; සහරාන්ගේ සහෝදරයා ඇතුළු අනෙක් අය 26.04.2019 දින සයින්දමරැදු වල පුපුරගෙන මැරැනා.

ප්‍රහාරය වෙලා අවුරුදු 2 කට ලන්වේගෙන එනවා. ගිය රෙජිමේ කට්ටිය attack එකේ ආනිසන්ස පලදීලා චන්දෙ පැරදිලා ගෙදර ගියා. මේ රෙජිමේ කට්ටිය attack එක කරපු කට්ටිය හොයන්න කියලා ඇවිත් පඹ ගාලේ පැටලිලා ඉන්නවා.

ගිය රෙජිමේ කට්ටිය මේ ගැන හොයන්න commission එක දැම්මා. මේ රෙජිමේ කාලේ report එක ආව. දැන් commission එක දාපු කට්ටියත් – report එක බාර ගත්ත කට්ට්යත් report එක අවජාතක වගේ හැසිරෙනවා. තමන්ගේ taste එකට report එක නැති අය report එක පතුරු ගහනවා.

හැමෝටම දැනගන්න ඕනා කවුද මේක ප්ලැන් කලේ කියලා. කවුද නායකයා කියලා. කවුද මහ මොලකරු කියලා. සහරාන්ද ? සහරාන් නෙවෙයිද ? සහරාන් නෙවෙයි නම් කවුද ?

ඉන්දියාවද ? ඇමෙරිකාවද ? ගිය රෙජිමේ කට්ටියද ? බදුර්දීන්ද ? හිස්බුල්ලාද ? කවුද ? නැත්නම් අසාද් සාලිවත්ද ?

දැන් සහරාන්ට නායකයා වේලා මරාගෙන මැරෙන්න බැරිද ? ඔය දැන් ගොඩාක් ඔස්තාර්ලා කියන්නේ එහෙමනේ. ප්‍රභාකරන් එහෙම මැරැනේ නෑලු. අබුබකර් අල් බැග්ඩෑඩිවත් එහෙම මැරැනේ නෑලු. ත්‍රස්ථවාදී සංවිධානයක නායකයා එහෙම මැරෙන්නේ නෑලු. ආ…..කොයි පොතේද දන්නෑ එහෙම තිබුනේ…!

පාස්කු ඉරැදින ප්‍රහාරය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය කරන, TV programme වල කතා  කරන, media shows තියන ගොඩාක් ඔස්තාර්ලා කියන ඒවා ඇහුවම හිතෙන්නේ ඒ අය සුපිරි intelligence agents ලා, ලොවෙත් නැති intelligence experts ලා කියලායි. එතකොට සහරාන් අන්තවාදය පතුරනවා කියලා ඒ කාලේ කියනකොට මේ experts ලා මොනවා කලාද ? මොනවම හරි කලානම් මේක වලක්ව ගන්න තිබුනේ නැද්ද ?

දැන් බලනකොට ගොඩාක් කට්ටිය intelligence agency වලටත් වඩා මේ attack එක ගැන දන්නවානේ. රාජිත දන්නවා සහරාන්ට සල්ලි ගෙවුවෙ කවුද – සල්ලි ගෙවුවෙ කොහොමද කියලා, මනූෂ දන්නවා Sara ඉන්නවද නැද්ද – Sara කිවුවේ මොනවද – Sara  ට පැනලා යන්න දුන්නේ කවුද කියලා, නලීන් බණ්ඩාර දන්නවා සහරාන් මැලේසියාවට ගිහින් attack එක plan කලේ කොහොමද – ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට ගියේ කොහොමද කියලා. එතකොට ඔය attack එකට ඉස්සෙල්ලා (2017 – 2019 කාලේ) මේ කට්ටිය ලංකාවේ හිටියේ නැද්ද ? ඕවා දැන්ද දන්නේ ? දැන්වත් දන්නවානන් commission එකට ගිහින් කියන්න තිබ්බනේ. Commission එක sure නැත්තන් CID එකට ගිහින් complaint කරන්න තිබ්බනේ. දැන නිකන් හදෙන් ආවා වගේ බයිලා කියන්නේ.

Commission report එක පතුරු නොගහ මේ experts ලාටම කවුද මේක ප්ලැන් කලේ, කවුද නායකයා, කවුද මොලකරු ? සහරාන්ද ? සහරාන් නෙවෙයිද ? සහරාන් නෙවෙයි නම් කවුද ? ඉන්දියාවද ? ඇමෙරිකාවද ? ගිය රෙජිමේ කට්ටියද ? බදුර්දීන්ද ? හිස්බුල්ලාද ? කවුද ? කියලා හොයන්න පුලුවන්නේ. පිස්සුනේ… !

එක එක්කෙනා වෙන වෙන conspiracy theories ගේනවා.

Anti-Indian කට්ටියට මේක ඉන්දියාවේ plan එකක්.

Anti-American කට්ටියට මේක ඇමෙරිකාවේ plan එකක්.

Anti-past regime කට්ටියට මේක ගෝඨාභයගේ plan එකක්.

Anti-Muslim කට්ටියට මේක Bathuideen සහ Hizbullah ගේ plan එකක්.

Anti-Indian කට්ටිය මේක Lanka ව වට්ටන්න India ව කරපු plan එකක් කියලා ඔප්පු කරන්න බලනවා. “Sara Jasmine” පස්සෙ දුවනවා. නායකයා කියන “Abu Hind” අල්ලන්න බලනවා. ඉන්දියාව පට්ට ගහනවා.

Anti-American කට්ටිය මේක Lanka ව China පැත්තට යන එක වලක්වන්න America ව කරපු plan එකක් කියලා ඔප්පු කරන්න බලනවා. MCC, SOFA, ASCA, China, India, අරවා – මේවා ඔක්කොම එකට පටලවනවා.

Anti-past regime කට්ටිය මේක ගෝඨාභය බලයට ගේන්න “ජාතික ආරක්ෂාව අනතුරේ” කියලා පෙන්නන්න කරපු plan එකක් කියලා ඔප්පු කරන්න බලනවා. ඒ අය intelligence එක පස්සේ දුවනවා. සහරාන් intelligence pay roll එකේ හිටියේ – intelligence එක මිනිහට මරාගෙන මැරෙන්න කියලා ජාතික ආරක්ෂාව අනතුරේ දාලා ගෝඨාභය බලයට ගේන්න plan කලා කියලා ඔප්පු කරන්න බලනවා.

Anti-Muslim කට්ටිය මේක Bathuideen සහ Hizbullah ගේ plan එකක් කියලා ඔප්පු කරන්න බලනවා. මේක පිටිපස්සේ ඉන්න Muslim politicians ලා අල්ලන්න කියලා කියනවා. Attack එක කරන්න සහරාන්ට ඒ ගොල්ලෝ සල්ලි දුන්නා කියලා ඔප්පු කරන්න බලනවා. Bathuideen සහ Hizbullah ගේ systematic “මුස්ලිම්කරණ” plan එක සහ පාස්කු ඉරැදින ප්‍රහාරය එකට පටලවනවා.

ඒත් එක්කම ඔක්කොටම ඕනා Sara Jasmine ඉන්නවද, අර නායකයා; Abu Hind කවුද කියලා දැනගන්න. ඇයි දැන ගෙන මොනවා කරන්නද ? අල්ලන්නද ? නෑ ඔක්කොටම ඕනා නිකන් දැනගන්න..!

ඇත්තටම පේන හැටියට Abu Hind කෙනෙක් නෑ. He is a “ghost”. මේවා intelligence operations වල බේසික්. ඔය පොලිසියත් “උපාය දූතයෝ” දාන්නේ ඇමට…..!. හැම intelligence agency යක්ම මේවගේ “ghost”ලා දැම්මා මිනිහව අල්ලන්න – තොරතුරැ ගන්න. අවාසනාවකට සහරාන් අහුවෙලා තියෙන්නේ ඉන්දියාවේ intelligence setup එකකට. සහරානුත් ISIS එක මෑන්ව accept කලා කියලා චූන් එකේ හිටියා.

සහරාන් ගේ team එක Easter Attack  එක වෙන වෙන හැටියට අර ghost ව update කලා. හිතුවෙ ISIS agent ව update කරනවා කියලායි. ඒකයි ඉන්දියාව අපිට කලින් attack එක වෙන වෙන හැටියට news වල update කලේ. Attack එක වුනාට පස්සේ ISIS එකත් full confuse. ඒත් අබුබකර් අල් බැග්ඩෑඩි commission දදා කවුද මේක කලේ කියලා හොය හොය හිටියේ නෑ. මේකේ වාසිය ගන්න බලාගෙන මේක කලේ ISIS එක කියලා declare  කලා. ඕක තමයි පේන විදියට basic කතාව.

සහරාන්ගේ මණ්ඩලයේ කචල්. නවුෆර් මවුලවි නායක කමට ගේම ඉල්ලනවා. සහරාන්ගේ attack plan එකට නවුෆර් පොල්ල දානවා. කට්ටිය දෙකට බෙදිලා. තව හිටියොත් නායක කමත් නෑ – සහරාන්ගේ attack plan එකත් expose වෙනවා. Simple, මිනිහා attack plan එක ඉක්මන් කලා. Attack එකට ඉස්සෙල්ලා බයියාත් කරන video එක රිලීස් කලා – ghost ව අප්ඩේට් කලා – attack එක කලා.

අවාසනාවකට ඇත්ත story එක තේරෙන විදියට කියන්න කාටවත් තේරෙන්නෙ නෑ. සමහර විට ඇත්ත කිවුවට කවුරැත් විස්වාස කරන්නේත් නෑ. මොකද කතාව simple වැඩියි. සමහර විට කතාව තේරෙන විදියට කිවුවට කවුරැත් තේරැම් ගන්නෙත් නෑ. මොකද එක එක්කෙනා ගේ taste එක වෙනස්. අහන්න – විශ්වාස කරන්න කැමැති taste එකට ගැලපෙනදේ විතරයි. මේක නූල් බෝලේ වගේ පැටලිලා.

අපි ඉතින් මේ ඔක්කොම shows TV එකේ බල බල ඉන්නවා. Taste එකට ගැලපෙනවනන් බලාගෙන ඉන්නවා – taste එකට ගැලපෙන්නේ නැත්තන් TV channel එක වෙනස් කරනවා. 2019 යේ අත්අඩංගුවට ගත්ත කට්ටිය තාම remand එකේ. මෙලහට එතනින්ම තව සහරාන් ලා කීප දෙනෙක් බිහිවෙලා ඇති. De-radicalization programme හීනයක්. Muslim නායකයෝ ඒවට මීක් නෑ. නොමග ගිය මුස්ලිම් තරැණයෝ හරිමඟට ගන්න ඒ ගොල්ලන්ට no desire – no plan. සමහර Muslim නායකයෝම කියනවා මේක පිටිපස්සේ හිටියේ කවුද කියලා හොයන්නලු. ඇයි ? සහරාන් නෙවෙයිද දන්නෑ ගැහුවේ.  

ලංකාවේ තාමත් strategy එක delay actions මිසක් immediate actions නෙමෙයි. ඊලඟ attack එක වෙනකං පරන එක කලේ කවුද කියලා හොයනවා. ඊලඟ එක වුනාට පස්සේ එක එකාට චෝදනා කරගන්නවා – commission දානව – ආයිත් ඊලඟ attack එක වෙනකං කල් මරනවා.

දැන් ඇත්තටම පවු සහරාන්. පොරට ස්වර්ගෙත් නෑ – attack එකේ ගෞරවෙත් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap