Opinion

ස්කින් කලර් එක සහ කර්මය

Summary

දැන් උදාහරණයකට ලංකාවට වඩා අප්‍රිකාවෙ මධ්‍ය ප්‍රදේශවල සමේ වර්ණය අඳුරුයි, ඒ අපටත් වඩා ඔවුන්ට සූර්යාලෝකය නොඅඩුව ලැබෙන නිසා. සමකාසන්න මධ්‍යම අප්‍රිකාවේ ඉඳන් උතුරු අර්ධගෝලයට අපි ක්‍රමයෙන් යද්දි මධ්‍යධරණීය , ස්පාඤ්ඤ , පෘතුගාල සම සමාන පැහැයක්, ඊටත් ඉහලින් පිහිටන මධ්‍යම යුරෝපය බ්‍රිතාන්‍ය සමාන පැහැයක්, ඊටත් උඩින් පිහිටන ස්කැන්ඩිනේවියන් කලාපය ඊටත් වඩා වෙනස් ලා පැහැයක් (අර අපි කියන්නෙ නිකමට තම්බපු ඉස්සො වගේ කියලා).

  • Save

පෙර ආත්මවල මෙත් වැඩීම හමේ වර්ණයට බලපානවා කියලා ටියුශන්කාරයෙක් කියාගෙන යන වීඩියො කෑල්ලක් යනවා. අවුරුදු කිහිපෙකට කලින් ඔය කර්ම කතාව ඇදලා අරන් පල් බේගල් ඇද බාපු සෙට් එකක් තමයි මහමෙව්නා කෙබරයො ටික. ඒ දවස්වල ලියපු එකක් නැවත පලකරනවා හුදෙක් ආතල් සඳහාම.

දැන් පින,කර්ම කතා කිහිපයක් තියෙනවා. පලවෙනිම එක තමයි මෙත් වැඩීම නිසා වර්ණයෙන් යුත් පැහැපත් සමක් ලැබෙනවා කියන කතාව.

දෙවනි කතාව තමයි ලෝකයේ උතුම්ම රට මේ ලක් දෙරණයි. මෙහි ඉපදීමට පින් කල යුතු බව.
දැනට දෙවනි කතාව පැත්තකින් තියලා පලවෙනි කතාව ගත්තම පැහැදිලි කල යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ඔහොම කතාවත් බෞද්ධ සූත්‍ර දේශනා තුල නෑ කියලා කියන කතාව. එහෙම එකක් බුද්ධ දේශනාවේ තියෙනවා. මජ්ජිම නිකායේ චූළකම්මවිභංග සූත්‍රයේ පැහැදිලි සටහනක් මේ ගැන තියෙනවා. බුදුහාමුදරුවො ඡේතවනයේ වැඩ ඉන්න විටදි උන්වහන්සේව මූණගැහෙන්න එන තෝද්‍ය බමුණුපුත් සුභ නම් මාණවකයා අහන ගැටලු වලට තමයි බුදුහාමුදරුවො ඔය උත්තරය දෙන්නෙ. සූභ අහනවා ඇයි එහෙම විවිධාකාර මනුස්සයො ලෝකයේ ජීවත් වෙන්නෙ කියලා. මේතනදි මේ සම ගැන සඳහන් වෙන පාලි වචන එන්නෙ “දිසසනෙති දුබ්බණණා, දිසසනෙති වණ්ණවනේතා” කියලා.. ඒ කියන්නෙ පැහැයෙන් දුර්වර්ණයෝ සහ පැහැයෙන් වර්ණවත් වුවෝ කියන එක. දැන් මේ කොටස අර්ථනිරූපනයෙදි මොන සංදර්භය තුල ගත්තත්, ප්‍රස්තුතයට අදාලව අර්ථනිරූපනය ගත්තම මේ කියන්නෙ සරලභාෂාවෙන් අපි භාවිතා කරන ඩාර්ක් ඇන්ඩ් ෆෙයාර් ස්කින් කියන එක.

ජීව විද්‍යාත්මකව සමේ වර්ණයට හේතු වෙන්නෙ පිග්මන්ටේශන් එහෙම නැත්තන් සමේ අඩංගු වර්ණක ප්‍රමාණය. මේ වර්ණක ප්‍රමාණයට හේතු වෙන්නෙ සූර්යාලෝකය පතනය වෙන විදිහ. හෝමෝ සේපියානුවන් ශිෂ්ඨාචාරගත වෙලා අද වෙද්දි තාක්ෂණය සහ ගමනාගමනය අතින් ඉතාමත් දියුණු තත්වයන්ට පැමිණ තිබුනාට වසර දසදහස් ගානකට ඉහතදි ස්වාභාවික වර්ණය සමට හැඩගැහෙන්නේ සූර්යාලෝකය සමඟ පතිතවන පාරජම්බුල කිරණ කළමනාකරණය කර ගැනීම සඳහා.

මේක අපි මෙහෙම පැහැදිලි කරගමු. සමකාසන්න ප්‍රදේශවලට දැඩි සූර්යාලෝක පතනයක් සිදුවෙනවා. ඒ සමඟම ඊට අනුලෝම පාරජම්බුල කිරණ පතනයක් සිදුවෙනවා. දැන් මේ පාරජම්බුල කිරණ සමට හානිකරනවා ආකාර කිහිපයකින්. චර්ම පිලිකා සඳහා හේතුකාරකයක් වෙන ගමන්ම චර්මයට යටින් සිදුවෙන ෆෝලික් අම්ල නිපදවීමේ ක්‍රියාවලියත් අඩපණ වෙනවා. මෙන්න මේ කාරණාවලින් ආරක්ෂා වෙන්න ස්වාභාවිකව නිර්මාණය වෙන ඩිෆෙන්ස් සිස්ටම් එක තමයි වර්ණක අධික සම. ඒ කියන්නෙ අඳුරු පැහැගත් සම ලැබෙන්නේ ස්වාභාවිකම අපිට පරිණාමය විසින් දායාද කරපු සුර්යාලෝකයෙන් ආරක්ෂාව සපයන ක්‍රමවේදයක් ලෙස.
සමකයෙන් බැහැර වෙන්න මේ පාරජම්බුල කිරණ පතිතය අවමයි. ලැබෙන සුළු ආලෝකයෙන් චර්මයට යටින් සිදුවෙන ක්‍රියාවලි සඳහා දායකත්වය ලබාගත යුතුයි. ඒ නිසා ක්‍රමයෙන් සමකයෙන් ඈත් වෙද්දි පිග්මන්ටේශන්, එහෙම නැත්තන් වර්ණක අධික සම නැති වෙලා යනවා අදාල ප්‍රදේශවල ජනගහනයන්ගෙ.

දැන් උදාහරණයකට ලංකාවට වඩා අප්‍රිකාවෙ මධ්‍ය ප්‍රදේශවල සමේ වර්ණය අඳුරුයි, ඒ අපටත් වඩා ඔවුන්ට සූර්යාලෝකය නොඅඩුව ලැබෙන නිසා. සමකාසන්න මධ්‍යම අප්‍රිකාවේ ඉඳන් උතුරු අර්ධගෝලයට අපි ක්‍රමයෙන් යද්දි මධ්‍යධරණීය , ස්පාඤ්ඤ , පෘතුගාල සම සමාන පැහැයක්, ඊටත් ඉහලින් පිහිටන මධ්‍යම යුරෝපය බ්‍රිතාන්‍ය සමාන පැහැයක්, ඊටත් උඩින් පිහිටන ස්කැන්ඩිනේවියන් කලාපය ඊටත් වඩා වෙනස් ලා පැහැයක් (අර අපි කියන්නෙ නිකමට තම්බපු ඉස්සො වගේ කියලා).

දැන් තේරුම්යන්න ඕන සුදු පැහැයෙත් ශේඩ් එක උතුරු දකුණු අර්ධගෝල දෙකේම කොන් වලට යද්දි වෙනස් වෙනවා. කොටින්ම කිව්වොත් පරිණාමික අර්ථයෙන් ගත්තම අවුට් ඔෆ් ඇෆ්රිකා න්‍යාය අනුව මේ සියළු වර්ණ විභේදන සිදුවන්නෙ අවසන් වසර 60,000 පමණ කාලය තුල. ඊට කලින් සේපින්ස්ලගෙ හමේ පාට සමකාසන්න උතුරු සහ මධ්‍යම අප්‍රිකානු කලාපවල සමේ වර්ණයනට ආසන්න වර්ණයක් බව අනුමා කරනවා.

දැන් ප්‍රශ්න එන්න ඕන එතකොට බලපන්කො මුන් මෙහෙමයි, අරුන් මේහෙමයි, අරුන් මෙහෙ හිටියට කළු වුනේ කෝමද සුදු වුනේ කෝමද? බලපන්කො සිංහල ජාතිය වුනත් ඒම වගේ. ඒවට කියන්න තියෙන්නෙ මිත්‍රවරුනි අවසන් වසර දෙදාහා තුන්දාහ ඇතුලත කාලසීමාව තුල සිදුවුන ජන සංයෝජනයන් නිසයි අර උඩ කිව්ව පැටර්න්ස් වලින් විස්ථාපනය වෙන අවස්ථා අපිට පේන්නෙ. ලංකාව ගත්තත් අපි මේ හෙන පියෝ, අමිශ්‍ර ජාතියක් කියලා හිතන් ඉන්නවනන් අනේ සාධු ! (අමිශ්‍ර ජාන පචයක් කලින් සැරේක ජීව විද්‍යා පොරකුත් කියලා තිබ්බා.. අනේ මන්දා ලංකාවේ ජීව විද්‍යාව උගන්නන එක භූමි දෝසයක්ද කියලා)

දැන් එමු අර දෙවනි කතාවට. ලංකාව කියන්නෙ පිං බිමක් කියනවනෙ. නමුත් සමකාසන්න ඝර්ම කලාපික රටවල් උඩ විස්තර කරපු කලු හම උරුම කර දෙන රටවල් බවට පත්වෙනවා. කර්ම පැරඩොක්ස් එකක් මෙතන තියෙන්නෙ. හමේ කතාව කර්මානුරූපීනන් රට අපායක්, එහෙම නෙවෙයිනන් කර්ම කතාව බොරුවක්. කර්මය අනුවනන් එහෙම වෙන්නෙ ඒ කියන්නෙ ලංකාව වගේ සූර්යාලෝකය වැඩියෙන් ලැබෙන රටවල ඉපදීම කර්මයක්. ටෙක්නිකලි ස්පීකින් එතකොට කර්ම ලිස්ට් එකේ උඩම ඉන්න රටක් අපි.

සමකයේ සිට ජීවත්වන දුරට අනුලෝමව ෆෝලික් අම්ල ඌණතා සහ විටමින් D ඌණතාවන් අතර සම්බන්ධය මේ පලවෙනි කමෙන් එකේ ප්‍රස්ථාරෙන් බලන්න පුළුවන්. අඳුරු වර්ණයක් සතු පුද්ගලයෙක් උතුරු අර්ධගෝලයේ හෝ දකුණු අර්ධගෝලයේ කෙලවරට ගියොත් විටමින් D ඌණතාවන් ඇතිවෙන්න පුළුවන්.

දෙවනි එකේ ඇති සමකය ආසන්නයේ සිට සමේ වර්ණ වෙනස සිදුවෙන ආකාරය.
ලෝකය වර්ණ භේදතාවන්ගෙන් මිදීම සඳහා උත්සහයන්වල නිරත වන විට අපේ රටේ කාළකන්නි ඉගැන්වීම් තවමත් ඉදිරියට. එවැනි කාළකන්නි ඉැගන්වීම් බැහැර කිරීමට ඇති විෂයන් තුලින් මිථ්‍යාදෘෂ්ටීකත්වය පතුරවන ගෝතයො රොත්තක් එක්ක තමයි ඉදිරි පරම්පරා බිහිවන්නෙත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap