Editorial

සැලකීමේ දේශපාලන ආර්ථිකය

Summary

ඒත් ජනාධිපති නැත්නම් ජනපති ධූරය කියන්නේ ‘ටොප් ජොබ්’ එක වුනාට www.topjobs.lk නෙවෙයි.

සෑහෙන්න ලයික් වැටුන, ෂෙයාර් වුන, ‘නියමයි!’ නැත්තම් ‘සහතික ඇත්ත!’ වගේ කමෙන්ට් වැටුනා මේකට. යම් කෙනෙකු හෝ පක්ෂයක් දිනවන්න මහන්සි වන අය වගේම ඡන්දය දෙන බොහෝ අයද නොකියන ඒත් හිතේ තියාගෙන ඉන්න දෙයක් ගැනයි මේ කියන්නේ. මහන්සි වෙද්දී කවුරුවත් නොකියන දෙයක් තියෙනවා: ‘ලොක්කා/ලොක්කී (නැත්නම් පක්ෂය) දින්නොත් අපිත් ගොඩ…මොනවා හරි වාසියක් තියෙයි.’ එයාලගේ මැතිවරණ වැඩවලට මුදල් වියදම් කරන අයත් එයෙමයි හිතාගෙන ඉන්නේ.
මේවා පක්ෂ පාට භේද වලින් තොරව බොහෝ දෙනා දකින සිහින. මේවට කියන්නේ ‘ආයෝජන’.

ඒත් ජනාධිපති නැත්නම් ජනපති ධූරය කියන්නේ ‘ටොප් ජොබ්’ එක වුනාට www.topjobs.lk  . නෙවෙයි. ටොප් ජොබ්ස් කොහොමත් වැඩිය නැහැ. ජොබ්ස් ගත්තත් සීමිතයි. ඊට වඩා වැදගත් දෙය මැතිවරණ වැඩ සහ රට හැදීම දෙකක් වීමයි. කැම්පේන් කරන්න දක්ෂයෙක් සංස්ථා සභාපතිකමකට සුදුසු වෙන්න පුළුවන්, නුසුදුස්සෙක් වෙන්නත් පුළුවන්. ඒත් තමා සුදුසුද නැද්ද කියන එක ගැන නොසිතා, ‘උදව් කරපු එක’ එකම සහ ප්‍රමාණවත් සුදුසුකම කියල හිතාගෙන ටොප් ජොබ් නොලද නිසා තැවෙනවා.

රටේ දේශපාලන සංස්කෘතිය ගැන හිතාගන්න පුළුවන්. දේශපාලනය තේරුම් ගන්න විදිහත් තේරුම් ගන්න පුළුවන්.

නැවත යමු පොස්ටුවට.  

සැලකීම. මේක තමයි මෙතන වැදගත්ම වචනේ. මැතිවරණ වලට පෙර නෑසෙන නමුත් මැතිවරණ වලින් පසුව නිතර ඇසෙන වචනයක්. සැලකිල්ලට ලක් නොවුන අය පත්වුන අය දකින්නේ ‘වැඩක් නොකර සැලකිලි ලැබුන අය’ හැටියටයි. පත්වීම ලැබුන පුද්ගලයට අදාළ රාජකාරිය කරන්න සුදුසුකම් තියේද, තමන්ට ඒ සුදුසුකම් තියේද, අහවලාට වැඩිය සුදුස්සෙක්ද වගේ දේවල් හිතන්නේ නැහැ.

‘අඩෝ…අපි බර ඇද්දා ඩෝ!’ එච්චරයි මතක. එච්චරයි අදාළ.

වැඩකරපු අය විතරක් නෙවෙයි මෙහෙම හිතන්නේ. ඇමතිකමක් නොලැබුන මන්ත්‍රීලත් මේ මානසිකත්වයේ ඉන්නේ. ‘මට උදව් කරපු අයට උදව් කරන්න විදිහක් නෑ බං,’ වගේ දේවල් කියමින් දුක් වෙනවා. නැත්තම් දුක් වුන බව පෙන්නනවා.  

මේ කතාව අහන්න. 1990 සේවය හදන්න මහන්සිවුන, 1990 සේවය ඇති සාර්ථක විදිහට ක්‍රියාත්මක කරවන පුද්ගලයා දුමින්ද්‍ර රත්නායක. යහපාලන කාලේ ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා දුමින්ද්‍ර. රනිල් එක්ක රණ්ඩු වුන කෙනෙක් දුමින්ද්‍ර. දැඩි අසතුටකින් සිටි කෙනෙක් දුමින්ද්‍ර. ඒත් දුමින්ද්‍ර උදව් කලේ ගෝටා ට නෙවෙයි. සජිත්ට. පසුව හර්ෂා ද සිල්වාට (මහා මැතිවරණයේ දී).

1990 සේවය දුවවන්න දුමින්ද්‍ර ට වඩා සුදුස්සෙක් නෑ. දුමින්ද්‍ර අස් කරලා ‘දර දිය ඇද්ද’ පාක්ෂිකයෙක් පත් කරා කියමු. පත් කරපු කෙනාගේ එකම සුදුසුකම දර දිය ඇදීම කියල හිතමු. සේවයට මොනවාද වෙන්නේ? අවලාද එල්ල වෙන්නේ කාට ද? එයාට ද ගෝටාට ද? ආණ්ඩුවටද?  

[සැ.යු: සියලු ජොබ් ‘ටොප්’ අයට ලැබුනා කියනවා නෙවෙයි.]

යහපාලකයින් එලෙව්වේ රට හදන්න නම් නැත්තම් මහින්දව එලෙව්වේ රට හදන්න නම්, එලෙව්වට පස්සේ රට හැදීම අමතක වෙන්නේ කොහොමද? සැලකිල්ල-නොසැලකිල්ල දේශපාලන මාතෘකාවක් වෙන්නේ කොහොමද?  

ලෙඩක්. එච්චරයි.  

Leave a Reply

Your email address will not be published.