සිඟිති විපක්ෂයේ විශ්වාසභංගය – Gammiris
Opinion

සිඟිති විපක්ෂයේ විශ්වාසභංගය

Summary

නමුත් 1981 දී එවකට විපක්ෂ නායකව සිටි අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ට එරෙහිව ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අමිර්තලිංගම් මහතාට විපක්‌ෂනායක ධුරය අහිමි වු බව වත්මන් විපක්ෂ නායක දන්නවා දැයි නොදනිමි.

සද්ධර්මරත්නාවලියේ එන “අත්දුටු බෙහෙත් තිබිය දී ඔබ්බේ බෙහෙත් විචාරන්නා සේ ” යන උපමාව සිහිකරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සිඟිති විපක්ෂය විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණයට විරෝධය පෑමට බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එහි ඡන්ද විමසීම අද දින සිදු වේ.

මීට වසර එකහාමාරකට පෙර සෑම මසකම ඉන්ධන මිල ඉහළ දැමූ පහත මිල සූත්‍රය ඔබට අමතක වන්නට හේතුවක් නැත.

MRP = V1 + V2 + V3 + V4

එකල ආණ්ඩු පක්ෂයේ සිටි වර්තමාන සිඟිති විපක්ෂයට මෙකල ජනතාව පිළිබඳව ඇති ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන අප්‍රමාණ ස්නේහය තිබුණේ නැත.

ඉහත සඳහන් සූත්‍රය තිබුණේ නම් අද වන විට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 179 ක් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 134 වන්නට තිබුණි.

පාර්ලිමේන්තු ඉතිහාසය ගත් කල පවතින රජයක අගමැතිවරයකුට හෝ කථානායකවරයකුට හෝ අමාත්‍යවරයකුට හෝ එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවේ මෙතෙක්‌ ජයග්‍රහණය කර නොමැත.

නමුත් 1981 දී එවකට විපක්ෂ නායකව සිටි අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ට එරෙහිව ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අමිර්තලිංගම් මහතාට විපක්‌ෂනායක ධුරය අහිමි වු බව වත්මන් විපක්ෂ නායක දන්නවා දැයි නොදනිමි.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විරුද්ධව මේ ආණ්ඩුව විශ්වාසභංගයක් ගේනවා තබා අබමල් ‍රේනුවක හානියක් හෝ දුහුවිලි පොදක්වත් වදින්නට ඉඩ නොතබන බවට ඉඳුරා කිවහැකිය. ඒ මෙලෝරහක් නැති විශ්වාසභංග ගෙන එමින් ආණ්ඩුවට ප්‍රාණජීවය පිඹින්නට සිටිනා එකම පුද්ගලයා ඔහු බැවිනි.

Leave a Reply

Your email address will not be published.