Opinion

පේල් කතාව ආවෙ කොහෙන්ද

Summary

‘හාල් පේල්, පොල් පේල්, කොරෝනා පේල්, ස’ පේල්’ නුග ගසට ටිකක් ඈත දොඹ ගස දෙසින් ඇසිණි. නිලන්තලා හෙවත් ආණ්ඩු විරෝධී හෙවත් යූඇන්පී ජේවීපී පක්ෂපාති සෙට් එක සෙට් වී ඇති බව ඒ දෙසින් ඇසෙන සිනාවෙන් හා කතාවෙන් ජයවීරට දැණිනි.

  • Save

සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව

‘මේ පේල් කතාව ආවෙ කොහෙන්ද’ ජයවීර සිතන්නට වූවේය.

ඔහුට එසේ සිතෙන්නට වූයේ කාර්යාලයේ රියදුරෙකු වන නිලන්ත ‘ගෝටා පේල්, ගෝටා පේල්’ කියා කියා කිසිවෙකු සමග කියනු ඇසීමත් සමගය.

බොහෝ අයගේ ලොකුම සතුට මේ පේල් කතාව බව ජයවීරට සිහිවිය. එසේම ආණ්ඩුවට යම් තරමක් හෝ ලැදි අයට ද මේ පේල් කතාව යම් කණස්සල්ලක් වී ද තිබේ. ආණ්ඩුවට ලැදි අයට පමණක් නොව ජනාධිපතිවරයාට ද එය යම් තරමකට බලපා ඇති බව එතුමන් විසින් ජාතිය අමතා කරන ලද කතාවෙන් පැහැදිලි වෙතැයි ජයවීර සිතුවේ දවල්ට කෑම කා හුළගක් වදින්නට ඔපිස් එක ඉදිරිපස නුග ගස යටට වී ටික වේලාවක් සිටින විටය. වායුසමීකරණ සිසිලට වඩා නුග සිසිලට ජයවීර සැම විටම කැමතිය.

‘හාල් පේල්, පොල් පේල්, කොරෝනා පේල්, ස’ පේල්’  නුග ගසට ටිකක් ඈත දොඹ ගස දෙසින් ඇසිණි. නිලන්තලා හෙවත් ආණ්ඩු විරෝධී හෙවත් යූඇන්පී ජේවීපී පක්ෂපාති සෙට් එක සෙට් වී ඇති බව ඒ දෙසින් ඇසෙන සිනාවෙන් හා කතාවෙන් ජයවීරට දැණිනි.

පේල් කියන එක අම්මා තාත්තා ළගට ජීවිතයට සමීප ව වචනය විය හැකිය. මක්නිසාද යත් අම්මලා තාත්තලා හැමෝම උත්සාහ කරන්නේ දරැවන් පාස් කිරීමට වන බැවිනි. ඔවුන් දරුවෙකුගෙන් අසන්නට අකමැතිම වචනයත් දරුවෙකු මව්පියන්ට කියන්න අකැමතිම වචනයත් පේල් බව ජයවීරට සිතුණේය. එයට හේතුව අධ්‍යාපන ක්‍රමය මගින් රටට කර ඇති බලපෑමයි. නිදහස් අධ්‍යාපනය විසින් පේල් යන්න ලංකාවේ බලගතුම වචනයක් බවට පත් කර ඇති අතර එය ගෝඨාභය ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කර ඇත. 

ගෝඨාභය මහතා ද ඉන් තරමක් සැලී ඇත. එය ගෝඨාභය මහතාට වඩා නිදහස් අධ්‍යාපනයේ වරද විය හැකිය. නුග සිසිලේ සිට ‘දොඹ සිසිල’ අසමින් සිටින අතර ම ජයවීරට සිතිණි. ජයවීර ඔපිස් එක ඇත්තේ කොල්ලුපිටියේ වුව ද එය ගස් රැසක සෙවන ලබන ඔපීසියකි. ඒ අතර නුග ගසක් හා දොඹ ගසක් ද වේ.

එහෙත් හදිසියේ ම නුග ගසේ සිටින වෘක්ෂ දේවතාවෙකුගේ ආනුභාවයෙන් ද පේල් වචනය උත්පත්තිය ලැබූ තැන ගැන හැගීමක් ජයවීර තුළ පහළ විය. මෙය නිලන්තලා තුළ පහළ වී ඇත්තේ ගෝටා දැකීමට වඩා තමන් ගැන සිතීමෙන් බව ජයවීරට සිතිණි.

අපි අනුන්ට බනින්නේ අපි අකමැතිම වචන වලිනි. අපි අකමැතිව වචන වන්නේ අපේ අඩුපාඩු ගැන කියවෙන වචනය.

යූඇන්පීයට හා ජේවීපී එකට පසුගිය කාලය තුළ මුහුණ දෙන්නට සිදුවූ ලොකුම ප්‍රශ්නය වූයේ ඔවුන් දිගින් දිගටම පේල් වීමය.

රනිල් මහතා දිගින් දිගටම පේල් වීම යූඇන්පීයට තිබුණු ඓතිහාසික ප්‍රශ්නයයි. රනිල්ට එරෙහිව සජිත් ද දිගින් දිගටම පේල් වීම යූඇන්පීයට තිබුණු තවත් ප්‍රශ්නයකි. සජිත් හිතුවාට වඩා ජනාධිපතිවරණයෙන් පේල් වීම ඊළගට ආ ප්‍රශ්නයයි. එසේම සජිත් විපක්ෂනායක වූ නමුත් මුස්ලිම් මන්ත්‍රීවරැ හා ඩයනා ගමගේ 20ට පක්ෂව ඡන්දය දීම වැළැක්වීමට අසමත්වීම හෙවත් පේල්වීම ඔවුන් මුහුණ දුන් තවත් ප්‍රශ්නයකි. ඒ නිසා පේල් යන්න ඔවුන්ගේ  සිතට වද දුන් වචනයක් ලෙසින් දීර්ඝ කාලයක සිට පවතියි.

ජනතා විමුක්ති පෙරමුණ ද එවන් ඉරණමකම සිටියි. සියේට දහයේ සිට ඔවුන් දිගින් දිගටම පහළට පල්ලම් බසිමින් හෙවත් පේල්වෙමින් පැවතීම ඔවුන්ට ඇති ප්‍රශ්නයයි. කොතරම් උත්සාහ කළ ද ඡන්දයෙන් ඡන්දයට පේල් වීම ඔවුන්ට විසදිය නොහැකි ප්‍රශ්නයකි. ඔවුන් ගරු කළ රනිල් ද අවසානයේ පේල් විය. ඒ වෙනුවට සජිත් මතුවිය. එක්ව වැඩ කිරීමට සිදුව තිබුණත් ඔවුන්ට සජිත් රනිල්ට ද වඩා පේල්ය. ඒ අනුව ජේවීපීයට ද දශකයකට වැඩි කාලයක සිට වද දෙන එකම වචනය පේල් යන්නයි.

එහෙත් යූඇන්පීයට මෙන් ම ජේවීපියට ද මේ පේල් වීමට විසදුමක් පේන්නේ ද නැත. එනම් ආණ්ඩුවක් පේල් වූ විට පවා ඔවුන්ට එහි වාසිය ගැනීමට නොහැකි විය. එහි වාසිය ගියේ වෙනත් පිරිසකටය. උදාහරණයක් හැටියට 2010.

මහින්ද මහතාගේ ආණ්ඩුව යම් යම් හේතු නිසා පේල් වන්නට වූ විට එහි වාසිය යූඇන්පීයටත් ජේවීපීයටත් වඩා අත්කරගත්තේ මෛත්‍රී මහතාය. පසුගිය කාලයේ ජේවීපී එකටත් වඩා රැල්ලක් නාගානන්ද ආදීන් වටා ඇති වෙමින් තිබිණි. එනම් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇතිවන විට පවා වාසිය තමා අතට පත් නොවීම ද යූඇන්පීයටත් ජේවීපී එකටත් වද දුන් ප්‍රශ්නයකි. ඒ නිසා ද තමන් පේල් යැයි ඔවුන්ට සිතිණි.

අද වුව ද ආණ්ඩුව කෙරෙහි යම් යම් හේතු නිසා ජනතා අප්‍රසාදයක් ඇතිව තිබුණ ද එයට ප්‍රතිපක්ෂ තමා කෙරෙහි ජනතා ප්‍රසාදයක් ඇති වී නැති බව ද ඔවුන්ට තදින් දැනෙන දෙයකි. ඒ අතිනුත් පේල්ය. දිගටම පේල් වීම ම තමාගේ උරැමය බවට පත්ව ඇති බව ඔවුන්ට දැනේ. ඔවුන්ට එයට විසදුම් ද නැත. එනම් තමන්ගේ දිගින් දිගට පේල් වීම විසදුමක් නැති ප්‍රශ්නයකි.

ඒ අනුව මේ පේල් වීම ඇතුලේ ප්‍රශ්නයකි. ඇතුලේ හැදුණු ප්‍රශ්නයකි. එහෙත් ඔවුන්ට ද හදිසයේ නුවණක් පහළ විය. එනම් ගෝටා පේල් කීමය.

එතකොට තමන්ගේ පේල්වීම් සියල්ල මැකී යතැයි ඔවුන්ට ඉතා සැනසිලිදායක සිතිවිල්ලක් ඇති විය. ඔවුන් අද ඒ සැනසිලිදායක සිතිවිල්ලෙහි සිටිති. ඒත් ඔවුන්ට එයටත් වඩා සැනසිලිදායක සිතිවිල්ලක් ඇත. ඒ ගෝටාත් තමන් මෙන් ම පේල් ය යන්නයි.

රට ම පේල් ය යන්න රට ම පේල් වීම ඔවුන්ට ඇති සැනසිල්ලියි. තමන් පේල් නම් රටත් පේල් විය යුතුය. එය යූඇන්පී හා ජේවීපී සිතිවිල්ලයි. කෙසේවුවත් පොදු ජන පෙරමුණ විපක්ෂයේ සිටියත් ඔවුන් සිතන්නේ ද ඒ විලසම විය හැකි බව නුග සිසිලේ සිටින ජයවීරට වැටහිණි.

දොඹ ගසෙන් ඇසෙන් ප්‍රීති ප්‍රමෝදය පිරැණු දෙබස් අසමින් දිවා ආහාර විවේකය අවසන් කරමින් ජයවීර කාර්යාලය තුළට පියනගන්නට වූවේය. 

පසුගිය කොටස් 

කාටවත් කවුරැවත් නැති ලෝකයක්

ධනපති පංතියේ මෝඩදරුවන්ට ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්වලින් දොස්තරලා වෙන්න ඉඩ දෙන්න?

ප්‍රභාකරන් පරද්දලා දිනාගත්ත නිදහස අපි චීනෙට හරි ඇමරිකාවට පාවලා දෙනවා නම් ඒක වීරකම නෙමෙයි

අපට ඕනෑ බලතණ්හාව නැති නායකයන් නෙමෙයි දරු ස්නේහය නැති නායකයන්

ඒක හරියට ආදරේ කරන්නෙ නැතිව ළමයි වඩා ගන්නවා වගේ වැඩක්.

ජාතිකවාද නිසා විනාශවන ජාතිකත්වය

මහින්ද මහත්තයා හා සරත් මහත්තයා මනුස්ස දෘෂ්ටිකෝණයකින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap