COLUMN

හඳේතන්ත්‍රවාදය

Summary

චීනය මෙච්චර ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ ඒ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය හින්දා කියලා මම කිව්වොත් අපේ කට්ටිය මට හිනාවෙයි. ඒ අය අහුලන කෑලිවලින් කියැවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

චීනය මෙච්චර ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ ඒ රටේ තියෙන ප්රජාතන්ත්රවාදය හින්දා කියලා මම කිව්වොත් අපේ කට්ටිය මට හිනාවෙයි. ඒ අය අහුලන කෑලිවලින් කියැවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.
අපේ රට නම් එහෙම නෑ. හරි ම ප්රජාතන්ත්රවාදීයි. අපේ පාලන ක්රමය හරි ම සුන්දරයි. හරියට අම්බිලි මාමා වගේ.
මේ අම්බිලි මාමා දිහා බලාගෙන අපි කිරියි පැණියි ඉල්ලනවා. ඒත් අපිට මොකුත් ලැබෙන්නේ නෑ. ඒත් අපිට ආඩම්බරයි. චීන්නුන්ට වගේ නෙවෙයි, අපිට සුපිරි ප්රජාතන්ත්රවාදයක් තියෙනවා.
චීනයේ ප්රජාතන්ත්රවාදය තියෙන්නේ බිම. ඒ ප්රජාතන්ත්රවාදය මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්යතාවලට සම්බන්ධයි. ඒ වෙනුවෙන් ක්රියාත්මක වෙන බිම් මට්ටමේ පාලන සභාවලට නියෝජිතයෝ පත්වෙන්නේ මිනිස්සුන්ගේ ඡන්දයෙන්. එහෙම ඡන්ද විමසීමක් ගිය මාසයේත් (2021 නොවැම්බර් මාසයේත්) පැවැත්තුවා. (මේ පාලන ඒකක සහ ඒවායින් කෙරෙන වැඩ ගැන මම ලියපු “චීන විස්තරය” ලිපි මාලාවේ තියෙනවා).
ඉස්සර අපිටත් බිම් මට්ටමේ පාලන ක්රමයක් තිබුණා. අපි ඒවාට කිව්වේ “ගම් සභා” කියලා. (ඒ ක්රමය නැවතත් පණගන්වලා රට හදන්න පුළුවන් විදිහ “බෞද්ධ ජනරජ ප්රවාදය” ලිපි මාලාවෙන් කියනවා).
අපිට ඕන අපි අතර ම තියෙන අපේ මට්ටමේ පාලන ක්රමයක්. එහෙම නැති සුපිරි ප්රජාතන්ත්රවාදයකින් අපිට වැඩක් නෑ.
ආචාර්ය වරුණ චන්ද්රකීර්ති
Leave a Reply

Your email address will not be published.