හිඟය සහ අතිරික්තය
Summary
පැවැතුණු ආණ්ඩුව විසින් යම් යම් ආනයන සීමා පැනෙව්වා. ඒ විදිහට සීමා පනවපු ලැයිස්තුවක් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී ප්‍රසිද්ධ කළා.

පැවැතුණු ආණ්ඩුව විසින් යම් යම් ආනයන සීමා පැනෙව්වා. ඒ විදිහට සීමා පනවපු ලැයිස්තුවක් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී ප්‍රසිද්ධ කළා.
ඒ ලැයිස්තුව මහ දිග එකක්. හැබැයි අපේ කට්ටිය ම දැක්කේ එක අයිතමයයි. ඒ, යට ඇඳුම්!
ඉතින් රටේ ඇතිවෙන්න යන යට ඇඳුම් හිඟය ගැන අපේ කට්ටිය වැලැපෙන්න පටන්ගත්තා. ලැයිස්තුවේ තිබුණු අනිත් බඩු මුට්ටු මොනවා ද කියන එක කාටවත් අදාළ වුණේ නෑ.
මේ මහා හිඟයෙන් පීඩාවට පත්වෙච්ච අසරණයෝ මාස හතකට පස්සේ හරිම අපූරු වැඩක් කළා. ඒ තමයි පැවැතුණු ආණ්ඩුවට තමන්ගේ විරෝධය පළකිරීමේ ක්‍රමයක් විදිහට යට ඇඳුම් යොදාගැනීම. ඉතින් ඒ සඳහා යට ඇඳුම් ලබාගැනීමේ මහා ව්‍යාපෘතියක් දියත්වුණා.
මාස හතකට කලින් යට ඇඳුම් හිඟය ගැන කිය කියා වැලැපුණු අයම අලුත් ව්‍යාපෘතිය වෙනුවෙන් සූදානම් වුණා. තමන් විසින් ලබාදීමට සූදානම් කරන යට ඇඳුම්වල පින්තූරත් මූණු පොතේ දැම්මා.
ඒ කියන්නේ එක සැරේ ම යට ඇඳුම් අතිරික්තයක් ඇතිවෙලා!
අපේ රටේ හුඟක් සද්ද ඔහොම තමයි. තමන් වමාරපු ඒවා තමන් ම කනවා.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති