කිං බානට් කොලම

ෆොරීන් ජංගි ප්‍රශ්නය …!

Summary

කිංබානට්තුමා මේ ගැන හොයන්න ‍යනකොට ‘ ෆොරින් ජංගි ඇඳීමේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ‘ ප්‍රෙස් කොන්ෆරන්ස් එකකුත් සංවිධානය කරලා.
මුලින්ම ප්‍රෙස් එකේ කතා කළේ උදේට මුලිච්චි වුණොත් කැඳත් නැති මේල් නර්ස් .

  • Save

තෙල් ප්‍රශ්නය ඉවරයි….!
පොහොර ප්‍රශ්නය ඉවරයි …!
හාල් ප්‍රශ්නය ඉවරයි …!
ගුරු වැටුප් ප්‍රශ්නය ඉවරයි …!
සීනි ප්‍රශ්නය ඉවරයි …!
දැන් අලුත්ම ප්‍රශ්නය ඇවිල්ලා ෆොරින් ජංගි ප්‍රශ්නය …!
ආණ්ඩුව රටින් යට ඇඳුම් ගෙන්වීම සීමා කළා විතරයි මුළු රටම එක රැයින් ෆොරින් ජංගි අඳින රටක් වෙලා.
කිංබානට්තුමා මේ ගැන හොයන්න ‍යනකොට ‘ ෆොරින් ජංගි ඇඳීමේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ‘ ප්‍රෙස් කොන්ෆරන්ස් එකකුත් සංවිධානය කරලා.
මුලින්ම ප්‍රෙස් එකේ කතා කළේ උදේට මුලිච්චි වුණොත් කැඳත් නැති මේල් නර්ස් .
” අපට මීට පස්සේ පැරා ඔලිම්පික් රන් පදක්කම් බලාපොරොත්තු වෙන්න බෑ…
මොකද, වෙළෙඳ පොලේ ෆොරින් ජංගි හිඟවීම නිසා ක්‍රීඩකයන් දේශීය ජංගි භාවිතයට පුරුදු වෙනවා..
දේශීය ජංගි ඇඳීම නිසා බෝල තද වීමෙන් ක්‍රීඩකයන්ට උපරිම දක්ෂතා අතරට එන්න බැරි වෙනවා…
මෙන්න මෙහෙමයි අනාගතයේදී අපට ෆොරින් ජංගි ප්‍රශ්නය බලපාන්නේ . .”
මේල් නර්ස් ක්‍රීඩා දෘෂ්ඨි කෝණයෙන් විග්‍රහ කළා.
ඊළඟට කතා කළේ පමුණුවෙන් දුසිම රුපියල් 650 ට අරන් අදින නිමල්කා ඇන්ටා.
“ අපට හිතේ සංතෝසෙකට කියලා තිබ්බෙ මෙච්චරයි …
මේ ආණ්ඩුව ඒකටත් පොල්ලක් දැම්මා …
මේ නිසා අපට අතුරු ආබාධවලට අනාගතයේදී මුහුණ දෙන්න සිදු වෙනවා…
ෆොරින් ජංගි ආනයනය සීමා කිරීම නිසා අපේ ඔසප් චක්‍රය අක්‍රමවත් වුණොත් මේ ආණ්ඩුව ඊට වගකියන්ඩ ඕන කියලා මං නිර්භයව ප්‍රකාශ කරනවා….”
නිමල්කා ඇන්ටා කදුළු හෙළමින් පැවසුවා.
අවසානයට කතා කළේ ලප කුමාර සහෝදරයා.
” මේ ෆොරින් ජංගි තහනම නිසා සුනිල් පෙරේරා මැරුණට වඩා ඛේදවාචකයකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා…අම්මපා….!
ආණ්ඩුව මේ හදන්න කොරෝනාවට වඩා බරපතල වසංගත තත්ත්වයක් රටේ ඇති කරන්න …
” හූනා කිව්වා වගේ කියන්නම් අම්මේ ,තාත්‍තේ ,පුංචි අම්මේ, බාප්පේ, සහෝදරයා , සහෝදරිය, ෆොරින් ජංගි තහනම් කිරීමේ අමනෝඥ තීන්දුව නිසා අනාගතයේදී මේ රටේ ගොනෝරියා, සිපිලීස්, හර්පීස්, ක්ලැමීඩියා වගේ සමාජ රෝග බහුලව පැතිරී යන්න පුළුවන් …
ඒ නිසා ෆොරින් ජංගි රැකගැනීමේ සටන හදිසි ජාතික අවශ්‍යතාවක් සේ සලකා අප එක්වන මෙන් ජංගි අඳින නාඳින සියලු ජන කොටස්වලට මෙසේ විවෘත ලෙස ආරාධනා කරනවා…..”
ලප කුමාර සහෝදරයා ගේ උද්වේගකර සංවේදී කතාවෙන් පස්සේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක ඉවර වුණා.
එදාම හවස කිංබානට්තුමා මේල් නර්ස්ගෙයි, නිමල්කා ඇන්ටාගෙයි, ලප කුමාර ගෙයි ගෙවල් පැත්තේ ගියා.
තුන් දෙනාම උදේ ඇඳපුවා හෝදලා වැලේ වනලා තිබ්බා.
කිංබානට්තුමා නිකමට වගේ ඒ ජංගිවල ලේබල් බැලුවා.
“ Made in Sri Lanka” කියලා ඒ තුනේම ගහලා තිබුනා.

https://www.facebook.com/112201320485577/videos/2967874413451538/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap