COLUMN

🟥 ජනපති ඉල්ලා අස්වුණොත් ?

Summary

ඉල්ලීම තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ජනපති ධුරයෙන් අස්වෙන්න කියලා. යම් එහෙකින් ගෝඨාභය අස්වුණොත් මොකද වෙන්නේ?

✅ ඉල්ලීම තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ජනපති ධුරයෙන් අස්වෙන්න කියලා. යම් එහෙකින් ගෝඨාභය අස්වුණොත් මොකද වෙන්නේ?
ව්‍යස්ථාවට අනුව නව ජනපති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගාන්නා මන්ත්‍රීවරයාව. ඒ කියන්නේ ජනාධිපතිවරණයකට යන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ. එලෙස පත්කරගන්නා ජනපතිවරයා ගෝඨාභයගේ ඉතිරි ධුර කාලයේ ජනපති පදවිය හෙබවිය යුතුවෙනවා.
✅ යම් එහෙකින් ජනපති ලෙස පත්කරන්න පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය විමසා බැලුවොත් , ඒ සඳහා ඉදිරිපත් වීමේ ඉඩක් ඇති පක්ෂ නායකයන් සතු ආසන කොපමණද?
සජිත්ට 54 යි. අනුරට 3 යි. රනිල්ට 1 යි. සම්බන්ධන්ට 14 යි. මෛත්‍රීපාලට 14 යි. විමල්ට 16යි. මේ අනුව ඔවුන් සියලු දෙනා – එක්ව ඉදිරිපත් කරන මන්ත්‍රීවරයකුට සහාය දුන්නොත් මන්ත්‍රීවරු 102 දෙනකුගේ සහාය හිමිවනවා. ඒ අතර පොහොට්ටුවේ 10 ක් මේ වෙද්දි ස්වාධීනව ඉන්නෙ. එහෙම බැලුවොත් 112 ක වාසියක් ඔවුන් ඒකමතිකව පත් කරන අයකුට තියෙනවා.
✅ පොහොට්ටුවෙන් මහින්ද ඉදිරිපත්වීම සැකසහිතයි. මොකද ව්‍යවස්ථානුකූලව දෙවරකට නොවැඩි වාර ගණනක් ධුරය දරන්නට බැහැ කියන නියමය නිසා. එහෙම වුණොත් පොහොට්ටුවෙ අභ්‍යන්තරයෙ බහුතර බලය හිමි තැනැත්තා වන්නේ බැසිල් රාජපක්ෂ. පක්ෂයෙ යාන්ත්‍රණය වගේම මුදල් බලයත් තියෙන්නේ ඔහු යටතේ බව තමයි තතුදත් අය පවසන යථාර්ථය. ඒත් පොහොට්ටුවෙම බැසිල් රාජපක්ෂට අකමැති කණ්ඩායම් සිටිනවා. ඔවුන් නිෂ්ක්‍රීයයි.
✅ දැන් මොකද තත්ත්වය ?
අභ්‍යන්තර තොරතුරු අනුව රනිල් ජනපති කරන්න මෛත්‍රීපාල , සජිත් හා විමල් එකඟ නෑ. මෛත්‍රීපාල ජනපති කරන්න රනිල් , සජිත් සහ විමල් එකඟ නෑ. සජිත් ජනපති කරන්න විමල් පාර්ශ්වය එකඟ නෑ. සම්බන්ධන් හෝ අනුරව ජනපති කිරීමට කිසිවෙක් එකඟ නෑ. ඒ තත්ත්වය තුළ විපක්ෂයේ නියෝජිතයෙක්ට ජනපති ධුරයට පත්වීමට 113 ලැබීමේ ඉඩ ඉතාම අවමයි. බැසිල්ට පොහොට්ටුවෙ බලය තිබුණත් ඔහුට අකමැති නිෂ්ක්‍රීය කණ්ඩායම් පක්ෂය තුළ සිටිනවා. ඒ තුළ වැඩි ඉඩක් තිබුණත් ඔහුටත් 113 ස්ථිරවම ලැබෙයි කියන්න බෑ.
✅ ගෝඨාභය ඉල්ලා අස්වුණොත් දැන් තත්ත්වය අනුව පාර්ලිමේන්තුව තුළ නිර්මාණය විය හැකි තත්ත්වය තමයි මේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *