COLUMN

🟥 තෙල්මිල justify කළ හැකිද ?

Summary

IOC එකේ පෙට්‍රල් රුපියල් 50 කින් ඩීසල් රුපියල් 75 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකළ පසු මං දැක්කා පෝස්ට්ස් කිහිපයකම සංඛ්‍යා දත්ත පෙන්වමින් ඒක සාධාරණීකරණය කරන්න දරන උත්සාහයක්.

✍️ IOC එකේ පෙට්‍රල් රුපියල් 50 කින් ඩීසල් රුපියල් 75 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකළ පසු මං දැක්කා පෝස්ට්ස් කිහිපයකම සංඛ්‍යා දත්ත පෙන්වමින් ඒක සාධාරණීකරණය කරන්න දරන උත්සාහයක්.
✍️ ඒ සාධාරණීකරණය කර තිබුණෙ මේ කරුණු පදනම් කරගෙන…
# ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 139 ක්. රුසියා – යුක්‍රේන යුද්ධය නිසයි මේ බලපෑම.
# ඉතාලියෙ අද ඩීසල් ලීටරයක මිල ලංකාවෙ මුදලින් රු.630 ක්.
# ඉන්දියාවෙ පෙට්‍රල් මිල ලංකාවෙ මුදලින් රු.320 ක්. ඩීසල් ලීටරයක මිල ලංකාවෙ මුදලින් රු. 290 ක්.
# ලෝකයේ රටවල් 193 කින් අපට වඩා තෙල් මිල අඩු රටවල් 49 ක පමණි. රටවල් 143 කම අපට වඩා තෙල් මිල වැඩිය.
✍️ මේ සේරම කතා හරි. ඒත් ඒ එකක්වත් දැන් කියලා වැඩක් නෑ. මොකද මං දන්න විදිහට ලංකාවට වඩා තෙල් මිල වැඩි රටවල් රැසක ඒක පුද්ගල ආදායමත් ලංකාවට වඩා වැඩියි. අනෙක ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අතිශය අඩු වූ වකවානුවෙ ලංකාවෙ තෙල් මිල එලෙස අඩුකළෙත් නෑ.
💥 ඇත්ත කතාව මේ සියලු අර්බුද පිටිපස්සෙ තියෙන හේතුව “ඩොලර් හිඟය”. කොවිඩ් ආරම්භයේදිම “ඩොලර් ඉපැයුම් හා සංචිත හරිහැටි කළමනාකරණය කළේනම්” අද මෙතරම්ම අසීරු අඩියකට අපි නොවැටී ඉන්න ඉඩ තිබ්බා. අර්බුදයෙ සැබෑ හේතුව යටගැසීම ඒ අර්බුදයටත් වඩා භයානකයි.

Leave a Reply

Your email address will not be published.