Opinion

2020 ඉවරයි! ගෝඨාභය ජනාධිපතිතුමා යටතේ ඒ ගෙවුණු අවුරුද්දේ කොයි වගේද?

Summary

අඩුපාඩු තියෙනවා. හැබැයි මේ මනුස්සය තරං මේක කරන්න දඟලපු කෙනෙක් මීට කලින් දැකලා තියෙනවද?

1) අවුරුද්ද පටන් ගන්නකොටම වැට් බද්ද අඩු කළා පහු ගිය ආණ්ඩුවෙන් මිනිසුන්ට දාලා තිබ්බ අසීමිත බදු ජනාධිපති තුමා නැති කළා. කොරෝන කාලෙ ඒ බදු එක්ක ජීවත්වෙන්න උනානං මිනිස්සු විනාසයි. යහපාලන ආණ්ඩුව ඩේටා කාඩ් වලට ගහපු බද්ද ම මතක් කරල බලන්න.
කවුරු මොනවා කිව්වත් වැට් එක අඩු වීම තුළින් රට ඇතුළේ මුදල් සංසරණය වැඩි වුණා. පඩි අතට එන්න කලින්ම කපාගත්ත Paye tax එක අඩු කරල මධ්‍යම පාන්තිකයන්ට සහනයක් සැලසුව.  

2) හාල් මිල පාලනය කරගන්න ගැසට් කිහිපයක් එව්ව තමයි. එකපාර කරන්න තිබ්බ වැඩේ කීප පාරක් දඟලලා කළේ. හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාර ගොවියට 50ක සහතික මිලක් ලැබුණා. සෝෂල් මීඩියා වල දඟල දඟල ඉන්න එකේ ගමකට ගිහිල්ලා ගොවියෙක් ගෙන් අහන්න පොහොර නිකං හම්බෙලා වී වලට පනහක් දුන්නහම ජීවිතේ කොයිතරම් වෙනස් උනාද කියල

3) කොරෝනා පළවෙනි රැල්ලත අතිසාර්ථකව පාලනය කළා ලෝකෙටම ආදර්ශයක් වුණා. corona දෙවැනි රැල්ල පාලනයේ අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ලෝකයේ හැම රටකම වගේ ලංකාවේ මිනී කඳු ගොඩ ගැහුනෙ නෑ. කඳු පිටින් මිනී ගොඩ ගැහුන නං කාටවත් ආදාහනය ද භූමදානය ද   ප්‍රශ්න එන්නේ නෑ .ජීවිතය බේරගන්න දඟ යනවා මිසක්. තාමත් එක මිනියක් භූමදාන කරල නෑ. බය නැතුව ඉවසලා ඉන්න තියෙන්නේ තව ටික දවසක්.

4) රටේ දුප්පත් ම මිනිස්සු ලක්ෂයක් බුද්ධි අංශ දාලා තෝරගෙන පලවෙනි පාරට දේශපාලන පත්වීම් නැතුව එයින් පනස්දාහකට රස්සාවක් දුන්නා. ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා අහන්න ඒකෙන් ජීවිතේ කොච්චර වෙනස් උනාද කියල. රැකියා විරහිත උපාධිධාරීන් ඔක්කොටම රැකියා දුන්නා. ලංකාවේ පවුල් කීයක් අලුත් ආදායම් මාර්ගයක් හදාගත්ත ද ?

5) ජාතික ආරක්ෂාව තහවුරු කළා. නැගෙනහිර පළාතේ අන්තවාදී සංවිධාන බිහි වුණු ගමන්ම හඳුනගත්තා. ක්‍රියාමාර්ග ගත්තා. කාටවත් ජාතික ආරක්ෂාව ගැන බයක් තියෙනවද? කොරෝන හින්දා අමතක වෙලා ගිහිල්ලා. යහපාලන ආණ්ඩුව කාලයේ බයෙන් නෙමේද හිටියේ ආයි බෝම්බ පුපුරයි කියලා.

6) ආනයන සීමා කළා. හොඳම උදාහරණය කහ. 1978 වෙනකන් ලංකාව කහ වලින් ස්වයංපෝෂිතයි. 78 ජේ ආර් ගේ අග්‍රගණ්‍ය ගෝලය
සෞම්‍යමූර්ති තොණ්ඩමන් පරිත්‍යාගයක් විදිහට ඉන්දියාවෙන් කහ ගෙන්නූව. ඊට පස්සේ ලංකාවේ කහ වවන එක ගොවියා නැවැත්තුවා. එදා ඉදන් අද වෙනකන් ලංකාවට කහ ගෙන ආවේ ඉන්දියාවෙන්. අද තමිල්නාඩුවේ වෙළෙඳුන්ට මාසෙකට කෝටි සියයක් පාඩුයි.කහ වවල විතරක්ම කොල්ලො කෙල්ලො ගොඩක් ගොඩ ගියා. උදාහරණ ඕනේ නම් කතා කරන්න.

6) ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ශ්‍රේණි ගත කිරීම් වලින් පල්ලෙහාට දැම්මා. එම්සීසී අස්සන් කරපු නැති නිසා. හැබැයි මේ අවුරුද්දට ගෙවන්න ඕනේ ඔක්කොම ණය වාරික ගෙවලා ඉවරයි මේ අර්බුද මැද්දෙන්. සජිත් බබා හිටියනං කරයිද?

7) ලංකාවේ සහයෝගය නැති නිසා MCC ඇමරිකාව අතහැරියා. එම්සීසී එනවෝ, රට ඉවරෝ කියපු එක මිනිහෙක් ස්තුතියි ජනාධිපතිතුමනි කියලා කිව්වද එම්සිසි නැති උනාම.

8) යහපාලන ආණ්ඩුව අල කරල දාපූ මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය වගේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ගත්තා.

9) ඖෂධ මාෆියාවට කොන්ද කෙලින් තියාගෙන මුහුණ දීලා ලංකාවෙ ඇතුලේ ඖෂධ නිපදවන්න ගත්තා. මේ වෙනකොටත් බිලියන ගානක් රට ඇතුළේ ඉතුරු වෙන්න වැඩකටයුතු සැරසිලා ඉවරයි.

10) ජනාධිපති වැය ශීර්ෂයෙන් බිලියනයකට වඩා ඉතුරුයි. මෛත්‍රී ගත කරපු සුඛෝපභෝගී ජීවිතයෙන් දශමයක්වත් ජනාධිපතිතුමා ගත කරන්නේ නෑ. ගෙදර ඉඳන් වැඩට ඇවිල්ලා, රෑ තිස්සේ ජනාධිපති මන්දිරයේ පාටි දාන්නෙ නැතුව, රෑට ගෙදර ගිහිල්ලා කාටවත් වදයක් නොවී බුදිය ගන්නවා. ජනාධිපති අලුත් වාහන එකක් අරගෙන නෑ. ජනතාවගේ සල්ලි වලින් සැප විඳලා නෑ.

11) දේශීය කිරි කර්මාන්තය උඩු යටිකුරු වෙන්න තරමේ දියුණුවක් වෙලා. milco එක ලාබ ලබනවා. දේශීය කිරි ගොවියාට හොඳ මිලක් ලැබෙනවා. ආනයනික කිරිපිටි භාවිතය සෑහෙන අවම වෙලා.

12) කොරෝනා අර්බුදය මැද්දේ රුපියල ගැට ගහගෙන පවත්වාගෙන ආවා අවුරුද්දක් තිස්සේ. ජේවීපී යූඑන්පිය අයියලා කිව්වේ ඩොලරය  රුපියල් 250 ඉක්මවයි 2020 ඉවර වෙනකොට කියලා කෝ උනාද?

13) මාධ්‍යවේදීන් මරයි, විරුද්ධ වාදීන් මරයි, සුදු වෑන් එයි කියලා නටපු එවුන්ට එහෙම වුනාද කියලා තමයි අහන්න තියෙන්නෙ. Sir Fail කියන වෙබ් සයිට් වලටත් ආණ්ඩුවෙන් Ad දෙනවා.

14) හාමුදුරුවෝ අසාධාරණ විදියට හිරේ දාන එක නැවැත්තුවා. හාමුදුරුවන්ට ජනාධිපතිතුමාව නිර්දය විදිහට විවේචනය කරන්න පුළුවන් අද. යහපාලන කාලයේ නඩු වැටෙයි ද කියලා බයෙන් දේශපාලනය කරපු හාමුදුරුවරු අද වීරයෝ වෙලා.

15)  පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම තාම ඉවර නෑ ඒක පරක්කුයි. ඒ
ක ඉක්මන් කළ යුතුයි. මද්‍රසා නියාමනය කිරීම, මුස්ලිම් ළමා විවාහ මුස්ලිම් බහුවිවාහ කාති උසාවි තේසවලාමේ නීතිය උඩරට විවාහ නීතිය අහෝසි කිරීම තාම වුණේ නෑ. ඒක ඉක්මනට කරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ව්‍යවස්ථාව බිහි කිරීම තමයි මූලිකම අවශ්‍යතාවය.

16) කොළඹ නාගරික පංතියේ මහත්වරු පර්චස් 6  ඉඩමක  ගෙයක් හදනකොට තියෙන ගස් ටික ඔක්කොම කපන ගමන්  ආණ්ඩුව කැලේ විනාස කරනවෝ කැලේ කපනවෝ කියලා කෑගහනවා. අනිත් පැත්තට රට සංවර්ධනය කරන්න මේ ආණ්ඩුව කෘෂිකර්මය දියුණු කරන්නෙ නෑ කියල බනිනව. කෘෂිකර්මය දියුණු කරන්න ඉඩම් අවශ්‍යයි. රටක් සංවර්ධනය කරන ක්‍රියා මාර්ගයේදී යම්කිසි වන හානියක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. හැබැයි ආණ්ඩුව ඔය කියන තරම් බරපතළ වන විනාශයක් කළේ නෑ. අවශේෂ කැලෑ කියලා කියන්නේ 1978 මිනිස්සුන්ට පවරා දෙන්න නියමිතව තිබුණු ඉඩම්. ඒවා නැවතත් මිනිසුන්ගේ වගා කටයුතුවලට නිදහස් කළා. සිංහරාජය මැදින් පාරක් කැපුවෙ නෑ. ඒවා බොරු. ලංකා ගමට පාරක් හැදුවා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන හින්ද.

17) ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට කිතුල් කර්මාන්තය දියුණු කළා. අද ගම් වල මිනිස්සුන්ගෙ අතට සල්ලි එනවා. ගම්මිරිස් මිල රබර් මිල ඉහළ අගයකට ඇවිත්. රටේ යමක් වැව්වොත් ඒක විකුණලා සල්ලි ගන්න පුලුවන්, අපි වවන කොට ආණ්ඩුව ඒ දේ ආනයනය කරලා අපේ මිල නැති කරනවා කියන බය අද ගොවියට නෑ.

18) සීනි ප්‍රශ්නය ආණ්ඩුව handle කරපු විදිහ වැරදියි ඒක පිළිගන්නවා. හැබැයි ඉඳන් ලංකාවට අවශ්‍ය දේවල් රට ඇතුළේ නිෂ්පාදනය කරමු කියන made in  Sri Lanka  මානසිකත්වයකට මේ රට ගෙනාවා. මේ තත්ත්වය හොඳට පෙනෙයි ඉදිරියේදී රටේ අලුත් ව්‍යවසායකයෝ බිහි වෙනකොට. අද අනෝදා පවා බෝතල් කරල පිටරට යවන ව්‍යවසායකයෝ බිහිවෙලා.

19) නිලධාරී වාදය නැති කිරීම තුළින් සහන සලසන්න ජනාධිපතිතුමා උපරිම උත්සාහ දරනවා. නිලධාරීන් කරන්නැති තැන හමුදාව ගෙන්නලා හරි කොහොමහරි කරගන්නවා. අඩුපාඩු තියෙනවා. හැබැයි මේ මනුස්සය තරං මේක කරන්න දඟලපු කෙනෙක් මීට කලින් දැකලා තියෙනවද?

20) ලංකා ඉතිහාසය තුළ බිහි වෙච්ච කිසිම ජනාධිපති කෙනෙක් මේ මනුස්සය තරං මේ රට ගොඩගන්න දඟලන්නේ නෑ. හැබැයි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ජනාධිපතිතුමාගේ මේ උත්සාහය ජනතාවට ගෙනියන්න මාධ්‍ය ඒකකයට බැරිවෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මම දුන්න ඡන්දයට මට ආඩම්බරයි. මේ රට ජනාධිපතිතුමා බාරගත්ත තත්ත්වය හැටියට අවුරුද්දකින් මේක සුරපුරයක් කරයි කියලා කෙනෙක් හිතනවා නම් එයාගෙ ඔලුව ගලක වැදිලා. මගේ නං එහෙම ගලක වැදිලා නෑ. ඒ නිසා මං බොහොම ඉවසීමෙන් 2025 වෙනකන් මේ ගමන දිහා විශ්වාසයෙන් බලන් ඉන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *