Opinion

225 ම එපා..!

Summary

වෙනි අවසන් අවස්ථාව නිසා. රට වැසියන් වීදි බැහැල කියනව එතුමන්ට ගෙදර යන්න කියල. නමුත් පොයින්ට් එක තමයි මේක පටන් ගන්නකොටම එතුම හිටියෙත් ගෙදර. ඉතින් එතන ඉඳන්ම මේ වැඩේ යන්නෙ රුයිතෙට කියල මට දැනෙන්නෙ. ගෙදර ඉන්න කෙනෙක් කොහොමද දෙයියනේ ගෙදර යන්නෙ…?

මම වෙන දෙයක් ගැන ලියන්න හිටියෙ ඒ වුනාට මේ විරල අවස්ථාව අතහරින්න බැහැ. මොකද මේක රට බේරගන්න තියෙන එකසිය විසි දෙවෙනි අවසන් අවස්ථාව නිසා. රට වැසියන් වීදි බැහැල කියනව එතුමන්ට ගෙදර යන්න කියල. නමුත් පොයින්ට් එක තමයි මේක පටන් ගන්නකොටම එතුම හිටියෙත් ගෙදර. ඉතින් එතන ඉඳන්ම මේ වැඩේ යන්නෙ රුයිතෙට කියල මට දැනෙන්නෙ. ගෙදර ඉන්න කෙනෙක් කොහොමද දෙයියනේ ගෙදර යන්නෙ…?

නමුත් දැන් යන්නම කියන නිසා මම කල්පනා කරා ගියායින් පස්සෙ මේ වැඩේ බාර දෙන්නේ කාටද කියල. රාත්‍රිය වෙනදාටත් වඩා සුන්දරයි ලයිට් නැති නිසා… මට ලැබුන සෑහෙන කාලයක් මේ වැඩේට සුදුසු කෙනෙක් තෝරාගන්න. ඉතිං මම මිදුලෙ තරු වියන යට ඉඳන් උඩ බලං ඉන්න වෙලේ මගේ උඩු හිතයි යටි හිතයි කරපු සංවාදෙ, 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ පනත යටතෙ අද පළකරනවා.


1
උඩු – පැතුම්..! මිනිහ තමයි නියම.!! එංගලතේ හිටියත් අඬ ගැහුවොත් එයි.!!
යටි – මිනිහ නිතරම සල්ලි කෝටි විසිපහක් ගැන කියවනව නේද? එකා රුපියල් දහය ගානෙ දැම්මත් කෝටි විසිදෙකයි එන්නේ. අනික පොඩි බබාලා ගාව රුපියලක්වත් නැහැනේ. ලොකු එවුන්ගෙන් තව ගන්න වෙයි. අනික ලොකු එවුන් ගාවත් පිච්චියක් නැහැනෙ දැන්..! මේ වෙලාවෙ සල්ලි එකතුකරන්න ගියොත් කන්න තමා වෙන්නේ. ෂිහ්… හරියන්නෑ…


2
උඩු – පිරිමි නර්ස්..! ගින්දර ඩෑල් එක. ඒකෙන් රටේ මූඩ් එක හොඳින් පිළිබිඹු වෙනව.
යටි – හපොයි හරි යන්නෑ… මිනිහට ජනතාව දිනා ගන්න බැහැ. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට එක දවසක් හරි ගොඩ වැදුණු පොදු ජනතාව නර්ස්ල ගෙ කෙරුවාව දන්න නිසා මිනිහ නර්ස් කියල දැනගත්ත ගමන් රිජෙක්ට් කරයි.


3
උඩු – රසික..! අන්න චරිතෙ..! ඒ තියෙන insights හරිම ප්‍රයෝජනවත් මේ වෙලාවෙ.
යටි – ම්ම්… මිහිහනම් හොඳයි, නමුත් ටිකක් සාරංග වගේ නේද හැඩරුව..? මිනිස්සු කොන්ෆියුස් වේවි අළුත් පරපුරේ එකෙක් කියල. වසන්න වෙන්නෙ නැහැ..පහුවදාම ආපහු වටලයි…


4
උඩු – මැකෝ..! මිනිහ වැඩ්ඩ… වැටළුවොත් තියයි ඔළුව කුඩු වෙන්න..!
යටි – හරි යන්නෑ. වයස වැඩියි. අනික හෙණ නඩුවකුත් වැටිල නේද..? ඒ මදිවට කන් පාත්වෙන්න බොනවලු හිටි ගමන් – මිනිහ FB ලියල තිබුනෙ… නොබොන අය මෙහෙම අවුල් නම් බීගෙන කොහොම කරන්නද මේ රස්සාව… චඃ


5
උඩු – පාදෙණිය – ෂඃ රතු ටයි එක දාල ඉන්න හැටි මැවිල පේනවා..!
යටි – පිස්සුද..? හැටිද..? මේ දැන් එක්කෙනාටත් රස්සාව නැති වෙන්න යන්නෙ මෙයා නිසා. දැම්මොත් ගොවියෝ වටලයි පැය භාගයක් ඇතුලත.. ඔය පුරන් කුඹුරු අස්වද්දපු ඈයෝ ඉන්නවනෙ මේ කොළඹ ලඟම…


6
උඩු – සරත්..! අන්න අත්දැකීම්.. මුළු නීති ක්ෂේත්‍රයම අතැඹුලක් සේ ගනීවි.!! අළුත් ව්‍යවස්ථාව ගොඩේ ගොඩ.!!
යටි – නරක නෑ… හැබැයි මිනිස්සුන්ට මතක් උනොත් මේ යකා තමයි නීතිය misinterpret කරල අරුන්ට සල්ලි අරං පැත්තෙන් පැත්තට පනින්න අවස්ථාව හදල දුන්නේ කියල වැඩේ කම්මුතුයි. වටලයි සෙනික..! හැබැයි ඔන් ද පොසිටිව් සයිඩ්, මිනිහට කියතහැකි “මේ අර්බුද සියල්ලම මා විසින් නිර්මාණය කරනු ලැබූ ඒවාය කියල…”


7
උඩු – චන්දිමාල්..! – කොහොම ගතියට තියෙයිද..? අර රජ කිට් එකත් තියෙන එකේ පදවිප්‍රාප්ති කේස් එක අඩු වියදමින් කරගත හැකි..! නළු නිළියෝ ගායකයෝ එහෙම වටලන්න ආවොත් පාටියක් දාල ශේප් කරගනියි…
යටි – මිනිහ ගැන රටම ඊරිසියයි – සල්ලි විසි කරන හැටි විතරක් පාටි වලට..! ඒ මදිවට වටේ ඉන්න අර ලස්සන අය..! මට නම් කේන්තියෙ බැහැ. මිනිහ එපා…


8
උඩු – හඩ්ඩ..! කතාව දෙයි සුපිරියට.! මිනිස්සු වශී වෙලා අහගෙන ඉඳියි.. ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යයි..!
යටි – හරි යන්නෑ, හරි යන්නෑ.. පඩි ගෙවා ගන්න බැරි සංස්ථාවක සභාපති වෙලා ඒකෙ ඔළුව කැක්කුම දන්න මිනිහ කරගහයිද පඩි ගෙවා ගන්න බැරි රටකට..?
9
උඩු – මානි – හරි ෂෝක් අප්ප – මොනවා නැතත් තමුන්ගෙ ජාතිය ඇමතීම් සහ මාධ්‍ය නිවේදන ටික ගින්දරට ලියයි අර හිපාටුවො දෙන්න වගේ ගම කන්නෙ නැතිව…


යටි – මිනිහ තාම පත්තරේක වැඩ නේද..? පත්තර ගහනවද දැන්..? කොහොමටත් මෑන්ස් තමයි අර “මහින්දෙ තමයි ඉස්කෝලෙ” කියල පොතක් ලිව්වෙ. ඒ මදිවට මිනිහ කොළඹ ඉස්කෝලෙක නෙවෙයිනෙ.. හරි යන්නෑ. අනික් එක “මහින්ද තමයි මිනිහ” කියල volume II එකක් එහෙම ලිව්වොත්..!


10
උඩු – නිශාන්… සුපිරි කඩ්ඩ සහ එළ jargon..! ඉන්ටනැෂනල් කොමියුනිටි එක කොර වෙයි.. ආර්ථික දැක්ම ඉස්තරම්.!!
යටි – මිනිහ නේද අර ඇඩ්වකටාස් ද හක්කපටාස් ද මොකද්ද කියල NGO ද think ටැංකියක් අටවාගෙන ඉන්නෙ..? හරි යන්නෑ – කොහොමටවත් මිනිහගෙ මුල් හයිය නැහැ – මිනිසුන්ට දිරවන එකක් නැහැ නිතරම bad news නෙ දෙන්නෙ…


11
උඩු – සුජීව… ලෝකයේ සහ ලංකාවෙ සියළු trend හොඳින් වටහගෙන ඉන්නෙ. පත්තු වේගෙන එනකොටම ක්‍රියාත්මක වෙයි. ඒවගේම කොළඹ ඉස්කෝලෙක.
යටි -මිනිහත් ආනන්දෙලු නේද..? ඒ මදිවට බයිසිකල් පැදගෙන එන්න බලයි රස්සාවට. අනික් උන්ටත් පාගන්න වෙයි වගේ. හරියන එකක් නැහැ.


12
උඩු – මොරපිටිය..! උබුජ්ජන්ගේ හොඳම එකෙක්. මතයක් නැත්තෙ ආණ්ඩුවෙ කෙරුවාව ගැන විතරයි. නොදන්න දෙයක් නැහැ. පුල් කොලිෆයිඩ්..!
යටි – ලෙඩක් තමයි. කැබිනට් එක මැද්දෙදි අහයි “මේක ලිව්වෙ ඔන්ටෝලොජිකල් එකෙන්ද එපිස්ටමොලොජිකල් එකෙන්ද” අරක මේක. උන්ට වමනෙ යනකන් හෝලිසම් එක ගැන අහන්න ගනියි… දුන්නොත් තවත් විනාසයක් තමයි…


13
උඩු – සමරජීව..! අන්න යුගයට ගැලපෙන මිනිහ. ගල්ලිබ්බ par excellence..! IMF එකේ උනුත් කොන්ෆියුස් වෙලා යයි මිනිහ කියන ඒව ඇහුණම..!
යටි – හරියන්නෑ – මිනිහ මුළු ආණ්ඩුවම private sector එකට දීල දායි. අපි ඔක්කොම අමාරුවෙ වැටෙන පොටක්..! නමුත් ඉතිං දැන් කියලත් වැඩි වෙනසක් නැහැනෙ හැම ආණ්ඩුවම කරන්නෙ private sector එකට ඕන දේ විතරයිනෙ..?


14
උඩු – නිර්මාල්..! මිනිහගෙ සබ්ජෙක්ට් එකනෙ..! දෙයි නියමෙට… ඒ දවස්වලම මෑන්ස් කියපු දේවල් ආණ්ඩු ඇහුවනම් රටට මෙහෙම වෙන එකක් නැහැ..!
යටි – හපොයි බැහැ – එයා හිනාවෙන්න දන්නෙ නැහැ – මිනිහට පුළුවන් අර තමිල් සෙල්වම් වගේ විලිස්සන්න විතරයි. ජනතා ආකර්ෂණය හොඳටම මදි…


15
උඩු – විශ්ව..! ඇත්තටම මේ කේස් එක පටන් ගත්තෙ මිනිහ. මේකෙ උරුමය තියෙන්නෙ එයාට.
යටි – අයියෝ අර හඬ පටියෙ තියෙන දේවල් ඇහුවද..? විජේසිංහ ගාව පීචං වෙන හැටි. ඒ මදිවට මම හිතන්නෙ මිනිහ ඌබර් එකක් හරි පික්මී එකක් හරි දුවනව. ඒකයි අර වොයිස් කට් දෙන හැමවෙලාවෙම driving seat එකේ ඉන්නේ. Call එකක් ආවොත් කැබිනට් මීටීම දාල මිනිහ යයි හයර් එක. වස ලැජ්ජාවක් වෙන්නෙ. මේක තව අවුල් වෙන වැඩක්. හරියන්නෑ….


16
උඩු – විජේසිංහ..! වැඩේට හොඳටම ගැලපෙන කෙනා. ඒ දවස්වල ඉඳලම කැමැත්තෙන් ඉන්නෙ. ඔඩිට් කාරයො මහ කරදරයක් තමයි. නමුත් අපි මේ අවස්ථාවේ කැප කිරීම් කරන්න ඕනෙ.
යටි – මුල්‍ය අර්බුදෙන් ගොඩ එන්න ඕන මුල්‍ය විනය හදයි කියල හිටපු කෙනා දැන් කියනව ව්‍යවස්ථාව නැතිනම් මොකුත් බැහැ කියල. මිනිහ දන්නෙ නැහැ රටේ කොළ ඉවරයි කියල. කොහොම හරි අමාරුවෙන් ව්‍යවස්ථාව හැදුවයි කියමුකො. අච්චු ගහන්නෙ කොහොමද කොළ නැතිව..? PDF විතරක් දුන්නොත් 225න් කී දෙනෙකුට ඒක බලන්න skill එක හෝ device තියෙයිද..? මේ මිනිහටනම් ප්‍රමුඛතා තේරෙන්නෙ නැහැ වගේ…


17
උඩු – සන්න… හිතුවෙ නෑ නේද මිනිහ සුදුසුයි කියල..? – අර චන්දෙ මහා පරිමානෙන් ඇන ගත්තයින් පස්සෙ..? නමුත් බලන්න තියෙන ප්‍රතිභාව..! මිනිහ තමයි නියම කෙනා.
යටි – මිනිහ හරි ගල් මූසල පාටයි නේද..? කොහොම තියන්නද ඔය තනතුරේ. IMF එක මොනව හිතයිද..? ටිකක් සුද්ද බුද්ද කරල ගත්තොත් හරියයි සමහර විට. නමුත් යාළුවො කියන්නේ මිනිහ හිටං ඉන්නෙ අර හඩු ඩෙනිමෙ හයියෙන් කියල. නිකමටවත් හේදුවොත් එතනම ඉන්දවෙනවලු… හරියන එකක් නැහැ…


18
උඩු – ටිල්වින්..! අහ්..! ෆයිනලි රියල් පොරක්..! කිසිම ජරාවකට ගෑවිලා නැති මෙයා තමයි අපේ ගැලවුම් කරු…
යටි – ජාතික ඇඳුමට කොහොම සෙට් වෙයිද..? හරිම කේඩෑරී ෆ්‍රේම් එකක් නේද..? මිනිහගෙ සෙට් එක ඌරො වගේ මහත් වෙනකොට මිනිහ විතරක් කෙට්ටු වෙන්නෙ ෂුගර් නැගල ඇති සිරාවට. ඒ ලෙඩ එක්ක මේක කරන්න අමාරු වෙයි…


19
උඩු – පුබුදු හරි දුමින්ද හරි, බැරිමනම් කුමාර්..! මේ කට්ටිය ළඟ තමයි මේ අරගලේ ජවය තියෙන්නෙ. දෙන ටෝක් වලට ලේ රත් වෙනව… මෙතෙන්ට ආවොත් අරගලේ දිනුම් කියල කට්ටිය විසිර යයි… 225ට එන්න තියා හිතන්නවත් බැරි එකම මදිද ඇඩඩ් කොලිෆිකෂන් එකකට..!


යටි – හරියන්නෑ… මුන්ගෙ පෙළපාලි වල යන උං වත් උන්ට චන්දෙ දෙන්නෙ නැත්තෙ මොකක් හරි ඇතුලෙ කේස් එකක් ඇති. නැත්නම් කොහොමද ලංකාවෙන්ම චන්ද පන්දාහක් ගන්න බැරි..? කොහෙත්ම හරියන්නෑ….


20
උඩු – ස්ටාලින්..! මේ සුවිශේෂී නමම මදිද..? පුටින් තෙල් දෙයි නිකං වගේ. මුළු ගුරු පරපුරම එක මිටට අරං රටම සන්සුන් කරගනී…
යටි – හරියන්නෙ නැහැනෙ. සටන නිකං දියවෙලා ගිය එක තාම මිනිසුන්ට මතක ඇති… අනික් එක මුළු රටම මිනිහට හෙණ ඉල්ලුවෙ මේ ලඟදිනෙ..? ආයේ ෆෝම් වෙලා ආවොත් මහ ලෙඩක් වෙන්න පුළුවන්…


21
උඩු – චමුදිත..! තාරුණ්‍ය සහ මේ රැඩිකල් බලවේගය වාග් ප්‍රහාරයකින් නතු කරගනීවි… උන් සටන් පාඨ කියන්න හදනකොට මිනිහ දෙයි non-stop
යටි – ආපෝ අර කට හැකර කෙල්ල ෆෝම් වෙලා ඇවිත් හෙණ ලෙඩක් වෙයි. අනික කැබිනට් එකේ වෙන එකෙකුට වචනයක් කියන්න බැරි වෙයි මේක කඩා පනින විධියට..! මේක හරියන්නෑ…


22
උඩු – චිට්ටි..! යුරෝපීය සබඳතා හෙණට ඇති… ගොඩ කලක් එහෙනෙ හිටියෙ..? කොන්ඩෙ කපල එහෙම ගත්තොත් සිරාවට හිටියි..! රටම රොක් කරල ගනියි..!
යටි – බැහැනේ අර කොඩියේ සිංහයාගේ කේස් එක තියෙනවානේ. රටේ ඉන්න සතෙක් තමයි කොඩියේ ඉන්න ඕනේ කියල මිනිහ හෝතඹුවෙක් හරි නරියෙක් හරි කොඩියට introduce කරන්න ගියොත් මේ තියෙන ප්‍රශ්න ඩබල් වේවි…


23
උඩු – පල්ලෙවත්ත..! මේ වෙලාවට හරියටම ගැලපෙන මෑන්. ලංකාවෙ ඔක්කොම ණය ගෙවල දාන එකම මදිද..? ප්‍රශ්න වලින් වැඩි හරිය ඒකෙන්ම ඉවරයි.
යටි – ණය ගෙවනව කියල කිව්වෙ නැහැලු… ගෙවන හැටි දන්නව කියලලු කිව්වෙ කියල මෑන්ස් කතාව වෙනස් කරලලු. දැන් වැඩිය පේන්න එන්නෙ නැත්තේ කවුරු හරි එකෙක් අරක මතක තියං ඉඳල කේස් එක ඇදල දැන් ගෙවාපන් කියල කිව්වොතින් කියල. ඉතිං මිනිහ මේකට කරගහයිද..?


24
උඩු – රනිල්..! ඇත්තට මෙයාව මට මේ තරම් වෙලා අමතක උනේ කොහොමද..? දුර දකින නුවණ… ජාත්‍යන්තර සබඳතා… IMF පළපුරුද්ද සහ ජීවිතේට දාල යන්නෙ නැති කොලිටිය..!
යටි – බලන්න මේ මිනිහ කරා කියන මෝඩ වැඩේ. අර පහුගිය චන්දෙන් ඇඩ්‍රස් නැතිව පැරදිලා එක ජාතික ලැයිස්තු ආසනේට ග්රෑන්ඩ් ඕල්ඩ් පාටි එක හැකිලුනම මිනිහ ඒක අරං රිංගළලු ඇතුලට…! මං හිතුවෙ නැහැ අංකල් නිර්දේශපාලන කට්ටියට එන්න තියපු ඉඩෙන් ඉපදිච්ච් දවසේ ඉඳල දේශපාලනේ කරපු එකෙක් රිංගයි කියල ලැජ්ජ නැතිව. ඉතින් මෙච්චර සුදුසු මිනිහත් දැන් 225 ඇතුලේ නිසා ඩිස්කොලිෆයිඩ් – අරුන් කියන්නෙ 225 ම එපා කියලනෙ… ෂික් විතරක්..!


25
උඩු – මම..! ඇයි මේ තරම් වැඩ කරුවෙක් වෙන මට බැරිද..? කොහොමට තියෙයිද..? වටේටම ගිණි ගනිද්දී, නෝන කණ ගාව කියවද්දී හෝ බොසා පරල වෙලා කෑගහනකොටත් සිංදුවක් මුමුණ මුමුණ ඉන්න එකෙන්ම තේරෙනව නේද ඕන අර්බුදයකට මම ලෑස්තියි කියල..!
යටි – අන්න පොයින්ට් එක. මේ එක එක උදවිය ගැන හිත හිත ඉන්නෙ නැතිව වහාම සෙට් වෙන්න… දැනටමත් පරක්කුයි.!!
අන්තිමේදී විසිබල් ඈයෝ දුසිම් දෙකක්ම සලකා බලල උඩු හිතයි – යටි හිතයි එකඟ උනා වෙන කෙනෙක් නෙවයි මේ වැඩේ ගොඩ දාන්නෙ මමම තමයි කියල. මම අද ගියා හමීඩියාස් – අළුතින් කෝට් බෑයක් මහගන්න… මේ යෝජිත උදවිය අතරෙ නම සඳහන් නොවුණු visible චරිත, voice කට් බුවාල අමනාප වෙන්න එපා. මම ටෙලිවිෂන් හෝ පත්තරයක්වත් නොබලන කෙනෙක්. තව හොඳ අය ඉන්නවනම් කොමෙන්ට් කරන්න.. මම උඩු සහ යටි ගෙන් අහල බලන්නම්…
මගේ සමකාලීනයන් වෙන චම්පිකයි නාලකයි අමතක උනා නෙවෙයි. නමුත් දෙන්නම අර එපා කියන 225 ගොඩේ නෙ… එතකොට ගෑනු අයයි, සුළු ජාතික වගේ කට්ටිය මට මතක් නොවෙන්නෙ මම Sinhala male chauvinist සූකරයෙක් නිසා..! අනික energy sector එකේ ප්‍රශ්න වලට ලොවෙත් නැති විසඳුම් දෙන එවුන් ඉන්නව තව දුසිමක්. හැබැයි උන් එක්ක මගෙ හෙණ එරියස් තියෙන නිසා මං උන්ව කපල දැම්ම… අනික රස්සාවයි මේකයි පටලගන්න හොඳ නැහැ..!
නමුත් මම කනගාටු වෙනව මේ රැල්ලට හේතුව ලෙස හඳුනාගෙන තියෙන මෙසප්පුව (mess up එකේ ලෝකල් pro-max version එක) wrong generation එක එක්ක messed up වීම කියල. ඇත්තටම නියම මෙසප්පුව උනේ wrong generation එකේ නෙවෙයි power generation එකේ. දවසෙන් භාගයක් ලයිට් කැපෙන්නෙ නැතිව, දිගටම 4G වැඩකරානම් බලන්න තිබුන wrong generation එක ෆෝන් කොට කොට ගෙට වෙලා ඉන්න ලස්සන..! වැඩිම උනොත් සැර ස්ටේටස් එකක් දාල – profile එකට රාමුවක් දාගනී Pray for Sri Lanka කියල..!

Leave a Reply

Your email address will not be published.