COLUMN

Summary

ගාන්ධි” ලාට එහෙම බැරිය….”ඔබ වැනි කෙනෙක් මෙහෙම පෝස්ට් එකක් දමාවි යැයි සිතුවේ නැහැ” කියා පටන්ගෙන මළ පාංකඩ හෑල්ලක් කමෙන්ටුවක් ලෙස කොටති. පාටි කම්බස් කිරීමට උපන් චරිත බොහෝවිට ගාන්ධිලා බවට පත්වේ. පෝස්ටුවකින් කිසිවෙකුත් ඉලක්ක කිරීම අධාර්මික බවත්, ෆේස්බුක් එක තුළ ධර්මයේ හැසිරී කිසිවෙකුගේ සිත් නොරිඳවා, අහිම්සාවම අනුදැකිය යුතු බවත්, පෝස්ටුව දැමූ කෙනාට යෝජනා කරයි…පෝස්ටුව පුද්ගලිකව ගාන්ධිට අදාළද නැද්ද යන්න ගැන ගැටලුවක් නැත….අදාළ උනත්, නැතත්, ඕනෑම ජෝක් පෝස්ටුවකට හැරමිට්ට ගහගෙන වඩියි….

1. ගාන්ධි –
මෙලොව ඕනෑම ජෝක් පෝස්ට් එකක් වැටෙන්නේ කාව හෝ ඉලක්ක කරගෙනය… ඇතැම් ඒවා පුද්ගල නාමපද වලට වන අතර, ඇතැම් ඒවා පොදු නාමපද වලටය…. එහිදී කාන්තාවන්, පිරිමින්, ජාතීන්, ආගම්, රටවල්, යාන වාහන, ආදී ඕනෑම දෙයක් ඉලක්ක විය හැකි අතර, ඒ පෝස්ට් ඇස් රතුවන රුදුරු විහිලු හෝ පෞද්ගලික හිංසා ගණයෙහි ලා නොසැළකිය හැකි තාක්, බොහෝ දෙනා ඒ විහිලු වලට තමා ඉලක්ක වුවත්, ඉවසා එයින් විනෝදයක් ලබති….
” ගාන්ධි” ලාට එහෙම බැරිය….”ඔබ වැනි කෙනෙක් මෙහෙම පෝස්ට් එකක් දමාවි යැයි සිතුවේ නැහැ” කියා පටන්ගෙන මළ පාංකඩ හෑල්ලක් කමෙන්ටුවක් ලෙස කොටති. පාටි කම්බස් කිරීමට උපන් චරිත බොහෝවිට ගාන්ධිලා බවට පත්වේ. පෝස්ටුවකින් කිසිවෙකුත් ඉලක්ක කිරීම අධාර්මික බවත්, ෆේස්බුක් එක තුළ ධර්මයේ හැසිරී කිසිවෙකුගේ සිත් නොරිඳවා, අහිම්සාවම අනුදැකිය යුතු බවත්, පෝස්ටුව දැමූ කෙනාට යෝජනා කරයි…පෝස්ටුව පුද්ගලිකව ගාන්ධිට අදාළද නැද්ද යන්න ගැන ගැටලුවක් නැත….අදාළ උනත්, නැතත්, ඕනෑම ජෝක් පෝස්ටුවකට හැරමිට්ට ගහගෙන වඩියි….

2. මිනින්දෝරු
“දිග වැඩියි මචන්… කියවන්න කම්මැලියි මචන්”
( එහෙනන් අප්පගෙ රෙද්දක්ද මෙතන කමෙන්ට් කොට කොට කරන්නෙ….කියවන එකෙක් කියවගනියි…. පලකො බේසික් පුතා යන දිහාවක….කවුද තොට කියවන්න හෝ කමෙන්ට් කරන්න කිව්වෙ….? )

3. පුද්ගලික ලේකම්
පෝස්ටුව දේශපාලකයෙකු ගැන නම්, අදාළ දේශපාලකයාගේ පේජ් එක හෝ ප්‍රොෆයිල් එක සුටුස් ගා මෙන්ෂන් කරයි…. ඒ පේජ් සහ ප්‍රොෆයිල් කරන්නේ ඔවුන්ගේ ඩිජිටල් මීඩියා කණ්ඩායම් බව දැන හෝ නොදැන, ඒ නම මෙන්ෂන් කර, එම දේශපාලකයා තමන්ගෙ පුද්ගලික හිතවතෙකු හෝ ඕනෑම මොහොතක තමන්ට කන්ටැක්ට් ඇති අයෙකු බව පෙන්වාගෙන යයි…

4. ග්‍රාමසේවක
යම්කිසි පෝස්ටුවක් වෙනත් අයෙකු පිළිබඳව නම් සුටුස් ගාලා ඒ පුද්ගලයාව එතන මෙන්ෂන් කරයි….

5. පෙත්තප්පු
පෝස්ටුවේම කොටසක් කොපි කරගෙන, එහිම ත්‍රෙඩ් එකක ඔහේ අලවා යයි…..තමන්ට වැඩකුත් නැත, පෝස්ට් එක අයිතිකාරයාට වැඩකුත් නැත, කාටවත් වැඩක් නැත. නිදසුනක් ලෙස ගීතයක් පෝස්ටුවේ ඇත්නම් ඒ ගීත ඛණ්ඩය හෝ ඇතැම් විට සමස්ථ පෝස්ටුවම කමෙන්ටුවක නැවත කොපි පේස්ට් කර අළවයි…

6. අබිලිං
නිහඬවම පෝස්ටුවේ ස්ක්‍රීන්ෂොට් ගෙන ආරවුලක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් කාට හෝ යවයි.

7. අලි ජේමිස්
පෝස්ටුවට අදාළව “පොරවල් / දළ කාරයන්” යැයි තමා සිතාගෙන සිටින අයගේ ඔපිනීයන් ගැනීම පිණිස එක පෝළිමට කමෙන්ට් කීපයකම ඔවුන්ව මෙන්ෂන් කරගෙන කරගෙන යයි……

8. පටාචාරා
පෝස්ටුව දැමූ කෙනා සහ එහි සිටින බොහෝ දෙනා අපහසුතාවයට ලක්වෙන, සංවාදයක් සිදුවෙමින් පවතී නම් එයත් පීළිපනින මොකක් හෝ කුප්ප කථාවක් කියා යයි….

9. ලස්සන වසිලිස්සා
සුජීව ප්‍රසන්නාරච්චිගේ පොත්වල ඉන්නා නව යොවුන් පෙම්වතියන් සේ ආලවට්ටම් සහිත, කොමළ කමෙන්ට් කොටා යති….” මේ…ඒ… ඔන්න අපිට නම් තේරුණේ නෑ හොඳේ…. මොකක්ද හැලෝ ඔවා….මුනාද අනී මේ කීන්නෙ…..?…..ම්ම්….ඒ පාර නම් ටිකක් තේරුණා…..” වැනි වචන උදාහරණයි…

10. මහදැනෞත්තා
බොහෝවිට මහදැනෞත්තා වාතයක් වෙන්නේ ෆන් එකක් ගැනීමේ අටියෙන් කෙනෙක් සැහැල්ලුවෙන් දමන ජෝක් පෝස්ට් වලය….නිදසුන් :
“හම්මෝ යකෝ කෑවා කෑමක් අයිෆල් ටවර් එක උස බත් එකක්……නානාගෙ කඩේ තමා නියම පොට් එක…..” කියා පෝස්ටුවක් දැමූ විට,
“කරුණාකර මිනිසුන් මුළා කරන්න එපා….අයිෆල් කුළුණේ උස මීටර් 324 යි… එහි බර ටොන් 7,200 යි….සාමාන්‍ය මනුෂ්‍යයෙකු දිනකට ගත හැකි උපරිම ආහාර ප්‍රමාණය කිලෝ 1.8 යි… එය වේල් තුනට බෙදූ විට එක් වේලක් සඳහා දළ අගය කිලෝ 0.6 ක් පමණ වේ…ඒ නිසා ඔබ අයිෆල් කුළුණ තරම් උස බත් එකක් කෑම සිදු නොවිය හැක්කකි….ඉංග්‍රීසියෙන් පොට් එක යනු මුට්ටියක් හෝ හට්ටියක් නිසා දළ වශයෙන් අඩි පහයි අඟල් හතක් උස නානා කෙනෙකුට එවැනි භාජනයක ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකියි……” වගේ පිළිතුරු දෙන අය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *