COLUMN

කලා කරුවෝ, මුලා කරුවෝ සහ නලා කරුවෝ (artists, con-artists and trumpeters)

Summary

න්නෙ..!” පෙරේර කියන ප්‍රසම්පාදන නිලධාරියා ඔහුගෙ මේසෙ ලඟට වැනි වැනී එන තෙන්නකෝන්ට (මම ඇත්ත නම දැම්මෙ නැහැ..!) කිව්වෙ මගෙ ඉස්සරහමයි. පෙරේර දක්ෂ නිලධාරියෙක් වගේම අන්තිම මුකරි සම්ප්‍රප්‍රලාප කාරයෙක්. තමුන්ගෙ දර්ශන පථයට හසුවෙන ඕන කෙනෙක් ඔහුගේ සමච්චලයට, අවකැපෙන කතාවකට හෝ අහිංසක විහිළුවකට ලක් වුණා. ඔහු ළඟ ඉන්නකොට හරිම විනෝද ජනකයි – ඉවරයක් නැති කතන්දර, කුණුහරප කතා ඔක්කොම. මිනිහ කියන විදියට දවසට සැරයක් තිත්ත කුණුහරපෙන් කාට හරි මොකවත් කිව්වෙ නැතිනම් ලේ පිරිසිදු වෙන්නෙ නැතිලු..! මේ කියන තෙන්නකෝන් අඩි හයකට වඩා උස ඉතාම හීන්දෑරි අයෙක්. එතකොටත් තනිකඩ ඔහු යොවුන් වයස පහු කරල තිබුනෙ. “ඔහොම හෙමිං හෙමිං – වැනි වැනී – යනකොට එනකොට ලොක්කො හිතන්නේ උඹ මහ කම්මැලියෙක්, non-performer කෙනෙක් කියල. යනකොට මෙන්න මෙහෙම පලයං..!”

“ඔහොම බෑ තෙන්නෙ..!” පෙරේර කියන ප්‍රසම්පාදන නිලධාරියා ඔහුගෙ මේසෙ ලඟට වැනි වැනී එන තෙන්නකෝන්ට (මම ඇත්ත නම දැම්මෙ නැහැ..!) කිව්වෙ මගෙ ඉස්සරහමයි. පෙරේර දක්ෂ නිලධාරියෙක් වගේම අන්තිම මුකරි සම්ප්‍රප්‍රලාප කාරයෙක්. තමුන්ගෙ දර්ශන පථයට හසුවෙන ඕන කෙනෙක් ඔහුගේ සමච්චලයට, අවකැපෙන කතාවකට හෝ අහිංසක විහිළුවකට ලක් වුණා. ඔහු ළඟ ඉන්නකොට හරිම විනෝද ජනකයි – ඉවරයක් නැති කතන්දර, කුණුහරප කතා ඔක්කොම. මිනිහ කියන විදියට දවසට සැරයක් තිත්ත කුණුහරපෙන් කාට හරි මොකවත් කිව්වෙ නැතිනම් ලේ පිරිසිදු වෙන්නෙ නැතිලු..! මේ කියන තෙන්නකෝන් අඩි හයකට වඩා උස ඉතාම හීන්දෑරි අයෙක්. එතකොටත් තනිකඩ ඔහු යොවුන් වයස පහු කරල තිබුනෙ. “ඔහොම හෙමිං හෙමිං – වැනි වැනී – යනකොට එනකොට ලොක්කො හිතන්නේ උඹ මහ කම්මැලියෙක්, non-performer කෙනෙක් කියල. යනකොට මෙන්න මෙහෙම පලයං..!”
ඉතින් පෙරේර එහෙං මෙහෙං කොල වැක්කෙරෙන විදියට ෆයිල් එකක් හනික එකතු කරගෙන ගිහිං හරිම වේගෙන් ඇවිදල පෙන්නුව ස්ටෝස් අංශයෙ කාර්යාලෙ… එහෙට – මෙහෙට. යන ගමං නැවතිලා ෆයිල් එක හදිසියෙන් වගේ පෙරලලා අත නළලේ තියාගෙන ඉන්නව හරිම worried පෙනුමකින්. ඊට පස්සෙ ඔලුව දෙපැත්තට වනනවා කළකිරීමෙන් (in sheer disbelief). මේ තාත්වික රංගනය අතරෙ මිනිහ කියනව “කොළයක් එහෙම ෆයිල් එකෙන් වැටුනොත් උඹ නොදැක්ක වගේ යන්න ඕනේ. කවුරු හරි එකෙක් අහුලලා දුවල ගෙනත් දෙයි..! මොකද බලං ඉන්න උන් ඉන්නෙ උඹට තියෙන ප්‍රශ්න සහ හදිස්සිය ගැන හරිම කම්පාවෙන්…”
මේ ඔවදන් තෙන්නකෝන්ට දෙන්න හේතුව තමයි මිනිහට ලැබිය යුතු උසස්වීම අවුරුදු ගාණක් නොලැබී තිබීම. ඉතින් මේ ආයතනේ අලුත් සාමාජිකයෙක් වෙච්ච මට මේක හරිම ජොලි කතාවක් – ඒ මගේ පළවැනි රස්සාව. තෙන්නකෝන් ලැජ්ජාවෙන් ඇඹරෙන කොට අපි පෙරේරා එක්ක කැකිරි පැලුව..! පෙරේර මටත් ඔහුගේ උපදෙස් නොමසුරුව ලබා දුන්න. “උඹත් එච්චරයි. කරන්න කිසිම වැඩක් නැති වුනත් පිස්සු වගේ හයියෙන් ඇවිදපන් – මූ වගේ හෙමින් නම් යන්න එපා පුතෝ..!” මේ තමයි corporate culture පිලිබඳ මගේ පළවැනි පාඩම. ඒ ප්‍රතිරූප නිර්මාණය ගැන…
දැන් එතකොට කවුද නලා කරුවන්..? ඒ තමයි තමුන් කරපු වැඩක් ගැන advertise කරමින් අනික් අයට තමන්වම market කරගන්න අය. නමුත් භයානකම ජාතිය තමයි අනුන් කරපු වැඩ ගැන තමන් කරා වගේ නලා පිඹින අය. ඒ ගැන කියන්න ඇමෙරිකානු ප්‍රහසනකරු විල් රොජර්ස් ගෙ කියුමක් අවශ්‍යයි. ඔහු කියනව ‘Get someone else to blow your horn and the sound will carry twice as far’- ඒ කියන්නෙ තමන්ගෙ හොරනෑව පිඹින්න වෙන කෙනෙක් සෙට් කරගන්න, එතකොට සද්දෙ දෙගුණයක් ඈතට යයි කියලයි. මේ කතාවට ඌන පුර්ණයක් ගෙනාව අරුප් රෝයි චෞදුරි. ඔහු කියනව ‘If you don’t blow your own trumpet once in a while, someone else will use it as a spittoon.’- තමන්ගෙ හොරනෑව ඉඳ හිටවත් තමුන්ම පිම්බේ නැත්නම් වෙන එකෙක් ඒක පඩික්කමක් කරගනියි කියලයි. මේ කතාව ඇදල ගත්තෙ අපේ හිතවත් ශවී ප්‍රනාන්දු මහත්මය – වෙන forum එකක. තමුන් කරන වැඩ ගැන තමුන්ම සද්දයක් දාන්න කියලයි ඔහු කියන්නෙ. නැතිනම් අර වැඩකට නොගන්න ට්‍රම්පට් එකට අනික් අය කෙල ගහයිලු..! ඇත්ත ප්‍රශ්නේ ඒක නෙවෙයි – සමහර නලා කරුවෝ හුඟක් විට වයන්නෙ අනුන්ගේ නලා වීම. මුල් අයිතිකාරය දන්නෙත් නැහැ වෙන කෙනෙක් ඒක පිඹගෙන දිග ගමනක් වේගයෙන් යන බව. මේ හොර නලාකරුවන් එතකොට ඉබේම මුලා කරුවන් බවට පත්වෙනව. හැබැයි රට දන්නෙ නැහැ ඒක – ඔවුන් හිතනව මේ ඇවිල්ල ප්‍රබුද්ධ කලාකරුවෙක්ම තමයි කියල… කව්ද මුලාකාරයො..? අපි අන්තිම හරියෙදි තේරුම් ගනිමු.
රටේ සෑම දැවෙන ප්‍රශ්නයක් සමගම කරලියට එන උදවිය අතර කලාකරුවන් හරිම විසිබල්..! ඒ ඔවුන්ව ඔවුන්ගේ කලා කටයුතු නිසා අපි හොඳින් හඳුනන අය වීම නිසා. නිවේදකයින්, ගායකයින් හෝ නළුවන් ලෙස ඔවුන් ගොඩනගා ගත් ප්‍රතිරූපය ඔවුන්ට රිසි දේශපාලන හෝ වෙනත් මතයක් ජනගත කිරීම සඳහා යොදවන්න ඔවුන් සෑම විටම සුදානම්. භයානක කරුණ වන්නේ ඔවුන් එසේ ජනගත කරන ඇතැම් දේ ගැන ඔවුන්ට කිසිදු වැටහීමක් නොමැති වීමයි. හොඳම උදාහරණෙ දේශපාලන සංවාද මෙහෙයවන නිවේදකයො – ඒ අය මේ රට ගොඩ දාන්න හැකියාව තියෙන වැඩකාරයෝ කියල හිතල අපි ඔවුන් පාර්ලිමේන්තු යවන්නෙ express channel එකේ..! මීට හපන් ඇතැම් උගත් නිලධාරීන් සහ ආචාර්ය මහාචාර්ය වරු. මාධ්‍ය කරුවනුත් කියල වැඩක් නැහැ ඕනෑම විෂයකට voice cut දෙන්න කැමති මේ ජාතියේ උදවිය රැසක් නිතරම press වලට ගන්නව. මාධ්‍යයේ නිතරම දැකල දැකල අපි හැමෝම ඔලුවට දාගන්නවා මෙයා නම් පොරක් තමයි කියල. නමුත් ඇත්තටම බැලුවොත් මේ අය බොහොමයක් අදාළ විෂය ගැන කිසිම දෙයක් ප්‍රගුණ කරපු අය නෙවෙයි. සමහර විට තමන්ට අයිති විෂයේ පවා අවුරුදු ගණනකින් නියැලිලා නැති අය. නිතරම press වල ඉන්න එක් ආචාර්ය වරයෙක් තමන්ගෙ සිසුන්ගෙ උත්තරපත්‍ර බලා දීම වසර ගාණකින් මගහැරපු සමාජ ක්‍රියාධරයෙක්..! තව නළුවෙක් වසර ගණනකින් රඟපාල නැහැ වීදි නාට්‍යක්වත්. නමුත් අපිට ඔවුන් විශ්වාසයි. ඒක කමක් නැහැ. නමුත් ඒ උදවියගෙ උපදෙස් සහ කතා නායකයො විශ්වාස කලොත්..? කාබනික වගාව ගැන සිදුවීම මේ වගේ එක ඛේදවාචකයක්. අනික බලශක්ති ක්ෂේත්‍රයේ… තවම පටන් ගත්ත විතරයි එකේ බලපෑම – මුළු රටම පෝලිම් වල, රෑට කරුවලේ. ක්ෂේත්‍රයේ දිග පළල ගැන මොනවත් නොදැන වෙනත් රටවල සිදුවෙන දේ ගැන දැනුම ලංකාවට cut – paste කරල ඒ දෙන ටෝක්ස් හරිම ආකර්ශනීයයි. නමුත් ප්‍රතිඵල හිතන්න බැරි තරම් භයානකයි. වැඩේ කියන්නෙ හුඟ දෙනෙක් කැමතියි ඒ කතා වලින් මුලා වෙන්න. මොකද සැබෑ කලාකරුවෙක් මහන්සියෙන් කියන්න හදන කටුක සත්‍යයට වඩා ඒ මුලාව රසවත් නිසා. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙ මේ අයට කියන්නෙ con artist ල කියල. සිංහලෙන් හරි නමක් නැති නිසා මම දැම්ම මුලා කරුවෝ කියල අලුත් නමක්. කලා කරුවෝ සහ මුලා කරුවෝ..! Artists and Con Artists..!
මුලාකරුවෙක් බවට පරිණාමනය වූ නලාකරුවෙක් කියන්නෙ හරිම ලෙඩක්. එයාට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කෙනෙකු වෙත, දැනටමත් ගොඩනගාගෙන තියෙන ප්‍රතිරූපය නිසා. ඒ අහුවෙන කෙනා සාමාන්‍ය මිනිහෙක් නම් මිනිහගෙ සේසතම නැති කරන්න පුළුවන් එක මුලාකරුවෙකුට. අහුවුනේ ආයතන ප්‍රධානියෙක් නම් ඒ ආයතනේ තමයි විනාශ වෙන්නෙ. ඇමති කෙනෙක් නම් රටක ක්ෂේත්‍රයක්ම ඉවරයි. අහුවුනේ රටක නායකයෙක් නම් පරම්පරා ගණනකටම රටම කම්මුතුයි…
ඉතින් අපේ කතානායකය තෙන්නෙ ඉගෙනගත්ත කොච්චර පිළිවෙලට වැඩකලත් ඉඳහිට නලාව පිම්බෙ නැත්නම් අනික් අය නලාවට කෙළ ගසන බව. පෙරේරගේ උපදෙස් තරමක් පිළිගත් ඔහු උසස්වීම ලබාගත්ත. කසාදෙකුත් කරගත්ත, දැන් වෙන තැනක වැඩ. හැබැයි තවමත් ඔහු අර අහිංසක කලාකරුවම තමයි..! නලාකරුවන් හෝ මුලාකරුවන් කිසිදිනෙක නොලබන සතුටකින් සහ සැනසීමකින් මිනිහ ජීවිතේ ගතකරනව දරුමල්ලො එක්ක…

Leave a Reply

Your email address will not be published.